එංගලන්තයේ ලන්ඩන් නුවර ‘චයිනා ටවුන්‘ ප්‍රදේශයේ නිරෝධායන නීති නොසලකා විශාල වශයෙන් චීන ජනතාව එක්රැස්වීමේ සිදුවීමක් අද (27) දහවල් වාර්තාවී තිබේ.
මෙයට හේතුවී ඇත්තේඅද මැයි 27 (බ්‍රහස්පතින්දා) පස්වරු 12 ත් 5 ත් අතර එන්නත් විදින බස් රථ කිහිපයක් පැමිණ එම ස්ථානයේදී එන්නත් ලබාදීම සිදු කරන බවට අන්තර්ජාලයේ පළව තිබූ දැන්වීමකි.
එංගලන්තයේ එන්නත් ලබාදීම සිදුකරන්නේ වෙබ් අඩවියක් ඔස්සේ රජයේ ලියාපදිංචිය ලබන ප්‍රමුඛතාව අනුව තෝරාගත් පුද්ගලයින් පිරිසකට පමණි. එසේ නැතිනම් විශේෂ අවසරයක් සහිත රෝගීන්ට පමණි. එන්නත් ලබන සෑම පුරවැසියෙකුටම එන්එච්එස් අංකයක් තිබිය යුතු බව දැක්වේ.
නමුත් මෙලෙස රොක්වූ චීන ජනතාව එම අවස්ථාව නොලද පිරිසක් වන අතර
ඔවුන් කැඳවූ බව කියන දැන්වීමේ තිබී ඇත්තේ එන්එච්එස් අංකයක් හෝ හැඳුනුම්පතක් අවශ්‍ය නොවන කොවිඩ් 'එන්නත් බස් රථයක්' මෙහි පැමිණෙන බවටය.
'ඔබ සතුව ලියාපදංචි ලේඛන කිසිවක් තිබිය යුතු නැත: එන්එච්එස් අංකය ලිපිනය පුද්ගලික අනන්‍යතාවය පිළිබඳ ඕනෑම සාක්ෂියක් ලේඛනගත නොකළ සංක්‍රමණිකයින් ද සාදරයෙන් පිළිගනිමු! එන්නත ලබා ගන්න! ' යයි සදහන්වූ එම සටහන
චීන තොරතුරු හා උපදේශන මධ්‍යස්ථානයේ වෙබ් අඩවියේ පළව තිබී ඇත.
එන්නත් කරණයට රජය දේශීය ස්වේච්ඡා සංවිධාන බඳවා ගැනීමෙන් පසුව එක්සත් රාජධානිය පුරා එන්නත් බස් රථ පැමිණ ඇති බව වාර්තාවී තිබේ, නමුත් චයිනාටවුන් හි ඉල්ලුම මෙතෙක් දැක ඇති ඉහළම අගය බව මාධ්‍ය වාර්තා කර තිබේ.
නිල නොවන සැපයුම්කරුවන්ගෙන් එන්නත ලබා නොගන්නා ලෙස රෝගීන්ට අනතුරු අඟවා ඇත.
අදාළ දැන්වීම පහත පළවේ
0 Comments