නිරෝධායනය වන පවුල් සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 10,000/= සහන මල්ලෙන් රුපියල් 3000ක පමණ වියළි ආහාර කොටසක් ඉවත් කර ඉතුරු ඒවා බෙදු බව කියන මහියංගණයේ ග්‍රාම නිලධාරිවරයකු රාජකාරී කටයුතුවලින් ඉවත්කර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව මහියංගණ ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පවසයි. කිරි පිටි කිලෝ 01ක පැකට්ටුව, සැමන් ටින්, සබන් හා අනෙකුත් ආහාර ද්‍රව්‍යයන් කිලෝ කිහිපය එම මල්ලෙන් අස්ථානගත වී ඇති බවට මහියංගන ප්‍රාදේශීය සභා සභාපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරයාට කළ පැමිණිල්ලක සඳහන් වේ.
මහියංගණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොවිඩ් 19 රෝගය වැළදී ප්‍රතිකාර ලබන හා නිරෝධායනය වන පවුල් සඳහා රජයෙන් බෙදාදෙනු ලබන එම සහන මල්ලේ භාණ්ඩ ඉවත් කරගෙන ඇති බවට ලැබුණු එම පැමිණිල්ලක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ මහියංගණ ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා අදාල නිලධාරියා වසම් රාජකාරියෙන් ඉවත් කර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට කටයුතු සූදානම් කර ඇති අතර සහන මලේ ඉවත් කරගන්නා ලද ද්‍රව්‍යයයන් නැවත අදාළ පුද්ගලයන් හට ලබා දීමට ද පියවර ගෙන ඇත.
මෙම සිදුවීම ඉකුත් 22 වැනිදා සිදුව ඇති අතර අදාළ ග්‍රාම නිලධාරිවරයා විශ්‍රාම යෑමට ද ආසන්න කෙනකු බවද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තොරුතුරු සඳහන් කරයි.
මේ වන විට මහියංගණ නගරය වසමේ රාජකාරි සිදු කිරිම සඳහා වෙනත් ග්‍රාම නිලධාරිවරයෙක් ද අනුයුක්ත කරනු ලැබ සිටී.පසුගියදා මහියංගණ ප්‍රාදේශීය සභා සභාපති කරුණාරත්න මහතා ද කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර සඳහා රෝහල් ගත කරනු ලැබ සිටී අතර සභාපතිවරයාගේ නිවෙසට අදාල සහන මල්ල ලැබුණ පසු එහි ඇතුළත් ද්‍රව්‍යයන් පිළිබඳ ගැටලුකාරී තත්වයක් තිබීම සම්බන්ධයෙන් මහියංගණ ප්‍රාදේශීය ලේකම්වරයාව දැනුවත් කිරිමෙන් පසු අදාල ද්‍රව්‍යයන් ලයිස්තුව හා සැසදීමේ දී රුපියල් 6100,
පමණ වටිනාකමක් ඇති ද්‍රව්‍ය පමණක් ලැබී ඇති අතර ඉතිරි රු3900.00ක පමණ ද්‍රව්‍යන් ඉවත් කරගෙන ඇති බවට තහවුරුවී භාණ්ඩ නිකුත් කිරීමේ දී බඩුමල්ලේ කට මසා ලබාදෙන මුත් අදාල ග්‍රාම නිලධාරි බෙදු බඩු මල්ල ලණුවකින් ගැට ගසා ලබාදීම ද හේතුවෙන් සැක මතුව ඇත.එසේම සභාපතිවරයාගේ බිරිඳගේ නම නිරෝධායන ලයිස්තුවට ඇතුළත් කර මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් නිර්දේශ කිරීම තුළ, එම සහන මල්ල සභාපතිවරයාගේ නිවෙසට අදාළ සහන මල්ල ලෙස ග්‍රාම නිලධාරීවරයාට වටහා ගත නොහැකි වීම නිසා,
බඩු ඉවත් කර ගත් සහන මල්ලක්ම සභාපතිවරයාගේ නිවෙසට ද නිකුත් කර ඇති අතර සභාපතිවරයාගේ නමට සහන මල්ල නිකුත් වූවා නම් මෙම ජාවාරම හසු නොවනු ඇතැයි ප්‍රා. ලේකම් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි. පසුව ඒ සම්බන්ධයෙන් සභාපතිවරයා මහියංගණ ප්‍රාදේශීය ලේම්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අදාල වරද නිවැරදි කිරිම සඳහා හිග ද්‍රව්‍යයයන් නැවත එම නිවාසවලට ලබා දීමට කටයුතු කර ඇති අතර, වංචාව සිදුකළ ග්‍රාම නිලධාරිවරයා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් සිදු කිරීමට කාර්යාලයට අනුයුක්ත කර වසම් රාජකාරියෙන් ඉවත් කර ඇත.
(මහියංගන - රංජිත් කරුණාවීර)
0 Comments