maldives-150-death-covid19

අසල්වැසි මාල දිවයිනේ මේ දිනවල කොරෝනා වෛරස් වසංගතය පෙර නොවූ විරූ ලෙස නැවත මතුව ඇති අතර අද (27) 150 වැනි කොරෝනා මරණය වාර්තා විය.


එකසිය පණස්වැනියා ලෙස 79 හැවිරිදි පුද්ගලයෙකු මාලදිවයිනේ COVID-19 හේතුවෙන් මියගිය බව, එරට ‘සන්‘ මාධ්‍ය ජාලය වාර්තා කර තිබේ.
ආරංචි මාර්ග වලට අනුව, මෙම පුද්ගලයා හදිසියේ අසනීපවී එරට රෝහලක් වන IGMH හි දැඩි සත්කාර ඒකකය වෙත ගෙනයාමෙන් අනතුරුව මියගොස් තිබේ.
පසුගිය මාස කිහිපය තුළ මාලදිවයිනේ COVID-19 මරණ සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ. මැයි මාසයේදී පමණක් වෛරසය සම්බන්ධව මරණ 70 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
සක්‍රීය සංසිද්ධි 24,000 කට වඩා වැඩි වී ඇති අතර තහවුරු වූ රෝගීන් 60,000 ට ආසන්න ය.