malik-zahir-dies-covid19

ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ හිටපු උප සහාපතිවරයකු වූ මලික් සහීර් මහතා කොවිඩි මාරයාට බිලි
වී ඉකුත් සිකුරාදා (07) සවස අවසන් ගමන් ගියේය,


හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් දින තුනකට පසුව ඔහු මියයද්දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවිය.

මියයන විට ඒ මහතාට වයස අවුරුදු 67 කී. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කොරෝනා රෙගුලාසිවලට අනුව ඉකුත් සෙනසුරාදා (08) කාත්තන්කුඩියේදී ඉස්ලාම් ආගමානුකූල  සිදුකරන ලදී.
2001 සිට 2005 දක්වා ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ උප සභාපතිවරයකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා කලක් කොළඹ හොකී සංගමයේ සභාපතිවරයා ලෙස ද ක්‍රියා කළේය. ො
හොකී ක්‍රීඩාවට අසීමිත ලෙස ආදරේ කළ මලික් සාහීර් මහතා අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකා ජාතික කාන්තා කණ්ඩායමේ සහ ශ්‍රී ලංකා ජාතික කණිෂ්ඨ පිරිමි කණ්ඩායම් කළමනාකරු
ලෙස ක්‍රියා කළේය.
ජාත්‍යන්තර තරග සංචාරවලට එක්වෙමින් සිදු කර ඇති සේවයද ප්‍රශංසනීයය. විශේෂයෙන්ම කොළඹ පුරවරයේ හොකී ක්‍රීඩක ක්‍රීඩිකාවගේ දක්ෂතා සංවර්ධනය සඳහා මගපෙන්වූ ඒ මහතා කොළඹ කෝටිස් ක්‍රීඩා සමාජයේ සහ කොළඹ මැලේ ක්‍රීඩා සමාජයේ ක්‍රියාකාරී නිලධාරියකු ලෙසද ඉටු කර ඇත.
කොළඹ කේරි විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඒ මහතා, විශ්‍රාම යන විට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහකාර වෙළෙඳ කළමනාකරු ලෙස සේවය කරමින් සිටියේය. සමාජයේ සියලු දෙනා සමගම සුහදශීලී ලෙස ඇසුරු කිරීම මලික් සාහීර් මහතාගේ විශේෂිතම ලක්ෂණය විය.

 අනුරුද්ධ හේරත් බණ්ඩාර