ලෝකයේ කිසිම රටක් චිට් ක්‍රමයට කොරෝනා එන්නත ලබාදී නොමැති බවත්, දේශපාලඥයින්ගේ ලයිස්තුවලට අනුව එන්නත ලබාදීමට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව ලැජ්ජා විය යුතු බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.
නිසි වේලාවට එන්නත් ආනයනය නොකළ ආණ්ඩුව ජනතාවගේ ජීවිත අවදානමට පත් කරමින් ‘‘බ්ලැක් මාර්කට් එකෙන්’’ එන්නත් මිලදී ගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද අද (28) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.
කොරෝනා එන්නත් ලබාදීම සම්බන්ධයෙන් බරපතල අර්බුදයක් මතුවී තිබෙනවා. එන්නත ගේ්න්න කියලා විපක්ෂනායකතුමා දිගටම පාර්ලිමේන්තුවේදී පැවසුවා. මේ එන්නත ගෙනාවොත් බෙදාහැරීමේ යාන්ත්‍රණය මොකක්ද කියලා ඇහුවම හමුදාවෙන් ඒවා කරනවා කිව්වා.
නමුත් එන්නත ඇනවුම් කිරීමේ තැන සිට ආණ්ඩුව අනාගෙන ඉන්නේ. ලෝකයේ අනික් රටවල් එන්නත් ලබාගැනීමට කටයුතු කළාට පස්සේ තමයි අපේ රටෙන් එන්නත ලබාගැනීමට ඇනවුම් දිරිපත් කරනේ. එතකොට මිලදී ගැනීමට එන්නත් නැහැ.
ඇස්ට්රසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගැනීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයෙන් මුදල් වෙන් කර තිබෙනවා. ඒක ලබාගැනීමට මුදල් වෙන් කිරීමට මෙතරම් කාලයක් බලාගෙන සිටියා. දැන් මේ මුදල් වෙන් කරන්නේ ‘‘බ්ලැක් මාකට්’’ එකෙන් හරි බෙහෙත් ගන්නයි.
මෙහෙම බැලැක් මාර්කට් එකෙන් බෙහෙත් ගන්න ගියොත් ඒක බරපතල තත්වයක් බවට පත්විය හැකියි. ලෝකයේ අනික් රටවල් එන්නත් කරලා අවසන් කළාට පස්සේ තමයි අපේ රටේ එන්නත් ලබාගැනීමට කටයුතු කරන්නේ. ඒ තරම් පිටුපසින් තමයි අපි ඉන්නේ. ඒ තරම් පිටුපසින් තමයි මිනිස් ජීවිත ගැන ආණ්ඩුව කල්පනා කරන්නේ. පැණි පොවලා, මුට්ටි ගගට දාලා ජනතාව රවටන්න ආණ්ඩුව උත්සාහ ගත්තා. අද වන විට ජනතාවත් රැුවටිලා, ආණ්ඩුඩවත් අර්බුදයට ගිහින්.
ආණ්ඩුව ඩොලර් අර්බුදයක හිටියත්, එන්නත් ගෙන ඒම පරක්කු කරන්න තමයි ආණ්ඩුව කටයුතු කර තිනේනේ. ආණ්ඩුවේ සමහර ඇමැතිවරු මුදල් ප්‍රශ්ණයක් නැහැ කියලා කිව්වත් එහෙම මුදල් ප්‍රශ්ණයක් තියෙනවා, පුලුවන් අය ආධාර කරන්න කියලා සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිතුමිය කියලා තියෙනවා.
කිසිම ප්‍රශ්ණයක් නෑ කියලා ආණ්ඩුව කිව්වට, බංගලාදේශයෙන් ඩොලර් මිිලියන දෙසීයක ණයක් ගන්නවා. එහෙම ණය අරගෙනවත් එන්නත් කරණය නොකළත් වාහන මිලදී ගන්න, අධිවේගී මාර්ග හදන්න ආණ්ඩුව මුදල් වෙන් කරනවා.
එන්ත් ලබාදීම ගැන තීන්දු ගන්න ඔ්න සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා. සෞඛ්‍ය අංශ විසින් එන්නත් ලබාදීම ගැන තීන්දු ගත යුතු වුවත් දැන් මේවාට දේශපාලඥයින් මැදිහත්වෙනවා. මොරටුවේ නගරාධිපතිවරයා එක පැත්තකින් ටිච් ක්‍රමයට එන්නත් ගහන්න යනවා. ඒ විතරක් නෙමෙයි කුරුණෑගලත් චිට් කෑල්ලට බෙහෙත් ගහන්න යනවා.
මේ ආණ්ඩුව මිනිස්සුන්ගේ ජීවිත බිල්ලට දීලා දේශපාලනය කරන්න යනවා. රුපියල් පන්දාහ බෙදීමේදීත් දේශපාලනය කරනවා. එන්නත විදීමේදීත් දේශපාලනය කරනවා.
පොලීසියේ නිලධාරීන්ට ගහන්න දුන්න එන්නත් ටිකත් අමාත්‍යාංශයේ ලයිස්තුව කියලා දේශපාලඥයින්ගේ ලයිස්තුවකට එන්නත් ලබාදීලා. ලොකු ලොකු වාහනවලින් එන මුදලාලිලාට එන්නත් ගහලා තියෙනවා. කාසල් රෝහලේත් දේශපාලන ලයිස්තුවකට එන්නත් ගහලා තියෙනවා. ලැජ්ජයි.
ලෝකයේ බොහෝ රටවල් සෞඛ්‍ය අංශය වගේ ඉදිරිපෙළ අංශවලට ප්‍රමුඛතාවය දුන්නා. ඊට පස්සේ වයස් ඛාණ්ඩ අනුව තමයි එන්නත් කරණය කළේ. ලෝකයේ කිසිම රටක් මේ විදියට චිට් ක්‍රමයට එන්නත් ලබාදුන්නේ නැහැ. වහාම ආණ්ඩුව එන්නත් ලබාදීම දේශපාලනීකරණය නොකර සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුව එන්නත් කරණය කිරීමට වගබලාගත යුතුයි.
0 Comments