meerigama-incident

ව්‍යාපරික පියාගේ අවසන් කටයුතු සිදුකර පැය කිහිපයකින් එම පවුලේ පුතා, ලේලිය ඇතුළු පවුලේ සාමාජිකයන් සිවු දෙනාම කොරෝනා ආසදිතයන් බව අනාවරණය වීම නිසා අවමගුල පැවැති මල් ශාලාවේ හය දෙනකු එම මල්ශාලා පරිශ්‍රයේම නිරෝධායනයට ලක්  කිරීමට මිරිගම සෞඛ්‍ය බලධාරීහු පසුගිය සිකුරාදා(28) පියවර ගත්හ. 

මීරිගම ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතනයක හිමිකරුගේ පියා සිකුරාදා අලුයම මරණයට පත්වී ඇති අතර පසුව ග්‍රාම නිලධාරී නිර්දේශය ඇතිව දේහය මශාලාවකට ගෙනැවිත් එහි මූලික කටයුතු සිදුකර අවසන් ගෞරව  දැක්වීම සඳහාද එම මල් ශාලාවේම තැබීමට පසුව පියවර ගෙන ඇත.



 පවුලේ පිරිස මෙන්ම ප්‍රදේශයේ ඥාති හිතවතුන්ද විශේෂයෙන්ම නගරයේ ව්‍යාපාරික පිරිස්ද මේ අවස්ථාවට සහභාගි වී ඇති අතර එදිනම පස්වරුවේ දේහය ආදාහනය කිරිමට කටයුතු කර තිබේ. ඉන්  අනතුරුව පස්වරුවේ සිදු කෙරුණු පරීක්ෂණයකදී මියගිය අයගේ පුතා, ලේලිය හා දරු දෙදෙනා  කොරෝනා ආසාදිතයන් බව හෙළිවීම නිසා ඔවුනුත් ශාලාවේ  අයිතිකරු ඇතුළු හය දෙනාත් මල් ශාලාවේම නිරෝධායනයට ලක් කරනු ලැබ සිටිති. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පැවසුවේ තමන් මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.



ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව දේහය සම්බන්ධයෙන් කටයුතු සිදු කළ බවත් දැන ගන්නට ලැබුණු කාරණා මත මේ තත්ත්වය උද්ගත වූ බවත් තමාටද එම පවුලේ පිරිස හා සමීපව දවස ගත කරන්නට සිදුවූ බවත් ඔහු සඳහන් කළේය.  මෙම අවමඟුලට සහභාගී වූ පිරිස් හඳුනා ගැනීමටත් අවශ්‍ය පරිදි ඔවුන් සම්බන්ධයෙන් සුදුසු පියවර ගැනීමටත් නියමිත බව සෞඛ්‍ය බලධාරිහු සඳහන් කරති.


  -පුෂ්පකුමාර මල්ලවආරච්චි-