කොරෝනා වසංගත තත්ත්වයේ සීග්‍ර ව්‍යාප්තිය ද නොතකා, ඉකුත් දිනවල පැවැති ඉන්දියානු ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිපල මේවනවිට නිකුත් වෙමින් තිබෙන අතර ඒ අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය ප්‍රාන්ත කිහිපයකදීම ප්‍රබල පසුබෑමකට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. බලය හිමිවේයැයි භාරතීය ජනතා පක්ෂය අපේක්ෂා කළ ප්‍රාන්ත කිහිපයකින් එම පක්ෂයට දරුණු පරාජයක් හිමිව ඇති බවත්, ජනතාව ප්‍රබල ලෙස මෝදි පාලනය ප්‍රතික්ෂේප කර ඇති බවත්, ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව භාරතීය ජනතා පක්ෂයේ ඇතැම් බලකොටු, මෝදි පාලනයෙන් ගිලිහෙමින් ඇති බව වාර්තා වන්නේය.
බටහිර බෙංගාලය
බටහිර බෙංගාල ප්‍රාන්තයේ පැවැති මහ මැතිවරණයෙන් මහ ඇමැතිනී මමතා බෙනර්ජිගේ ත්රිණමුල් කොංග්‍රසය ජයග්‍රහණය කළේ ආසන 214ක් දිනාගනිමිනි. බටහිර බෙංගාල ප්‍රාන්ත සභාව ආසන 294කින් සමන්විත අතර බහුතරය සඳහා ආසන 148ක් දිනාගත යුතුව තිබුණි. ත්‍රිණමූල් කොංග්‍රසයට අභියෝග කළ භාරතීය ජනතා පක්ෂයට දිනාගැනීමට හැකිවූයේ ආසන 07ක් පමණි.
කේරළය
ආසන 140කින් සමන්විත කේරළයේ බලය තහවුරු කර ගැනීමට වාමාංශික ප්රජාතන්ත්රවාදී පෙරමුණ' සමත් විය. ඒ ආසන 99 ක් දිනා ගනිමිනි. ආසන 44ක් දිනාගනිමින් දෙවැනි ස්ථානයට පත් වූයේ කොංග්රස් පක්ෂයයි. භාරතීය ජනතා පක්ෂයද වෙනම මැතිවරණයට ඉදිරිපත් වුණු නමුත් කිසිදු ආසනයක් දිනාගත්තේ නැත.
පුදුචෙරි
පුදුචෙරි ප්‍රාන්තයේ ආසන 30න් ආසන 23ක ඊයේ (2) සවස් වනවිට ඡන්ද ගණන් කර අවසන් වූ අතර එයින් ආසන 14ක් දිනා ඉදිරියට පැමිණ සිටියේ එන්.ආර්. කොංග්රසයයි. කොංග්රස් පක්ෂය වෙනම තරග කළ අතර දිනාගත් ආසන ගණන 7ක් ලෙස වාර්තා විය.
ඇසෑම්
ඇසෑම් ප්‍රාන්තයේ බලය පැවැතියේ "භාරතීය ජනතා පක්ෂය සතුවය. මෙවර මැතිවරණයේදී එම බලය තහවුරු කර ගැනීමට 'භාරතීය ජනතා පක්ෂය සමත් වූයේ ආසන 76 ක් දිනාගනිමිනි. ඇසෑම් ප්‍රාන්ත සභාව ආසන 126කින් සමන්විතය. “භාරතීය ජනතා පක්ෂයට අභියෝගයක් වූයේ කොංග්රස් පක්ෂයෙනි. කොංග්රස් පක්ෂයට ආසන 48ක් හිමිවිය.
ජය හිමිවේයැයි භාරතීය ජනතා පක්ෂය අපේක්ෂා කළ බටහිර බෙංගාල ප්‍රාන්තයේ බලය හිමිව ඇත්තේ ටී එම් සී පක්ෂයටයි. එම පක්ෂයේ නායිකා මමාටා බැනර්ජි තෙවන වරටත් බටහිර බෙංගාලයේ බලය අත්පත් කර ගෙන සිටින අතර ඉන්දියාවේ සිටින එකම ප්‍රධාන අමාත්‍යවරිය ද ඇයයි. මෝදිගේ ප්‍රබල ප්‍රතිවිරුද්ධ මතධාරිනියක් වන මමාටා බැනර්ජි ලබා ඇති ප්‍රබල ජයග්‍රහණය තුලින් බටහිර බෙංගාල වැසියන් මෝදි පාලනය ප්‍රතික්ෂේප කර ඇති අයුරු මනාව නිරූපනය වන බව විචාරකයින් පෙන්වා දී ඇත.
බලාපොරොත්තු දල්වා සිටි පරිදි ඇසෑම් ප්‍රාන්තයේ බලය රැක ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත්ව තිබෙනවා. කෙසේවෙතත්, ප්‍රධාන ප්‍රාන්ත කිහිපයකදී භාරතීය ජනතා පක්ෂයට මීට පෙර පැවැති ජනතා කැමැත්ත සහ විශ්වාසය පලුදු වී ඇති බවපෙන්නුම් කරයි.
නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජය අපොහොසත්වීම මෙලෙස එම පක්ෂයට තිබූ ජනතා බලය අහිමිවිමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙයි.
ඖෂධ හිගය, එන්නත් හිගය, ඔක්සිජන් හිගය හා රෝහල්වල පවතින අඩුපාඩු හේතුවෙන් ඉන්දීය වැසියන් දහස් ගණනක් මේවනවිටත් බරපතල අර්බුදයකට ලක්ව අවසන්. ඊට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ඉන්දීය වැසියන් ප්‍රාන්ත මැතිවරණය හරහා මෝදි රජයට විරෝධය දැක්වූ බව විචාරකයින් පෙන්වා දී ඇත.
0 Comments