
මොණරාගල නගරය හෙට (12) සිට සතියක කාලයක් වසා තැබීමට මොනරාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති ප්‍රාදේශීය කොව්ඩි කමිටුවේදී තිරණය කළ බව මොණරාගල ප්‍රදේශීය සභාවේ සභාපති ආර්.එම්. රත්නවීර මහතා පැවැසීය.
මේ සඳහා මොණරාගල වෙළෙඳ සංගමයේ සහයද ලැබී තිබේ.
එම තීරණයට අනුව මොණරාගල මහානාම ජාතික පාසැලේ සිට කච්චේරිය හංදිය දක්වා වන කොටසේ සියලු වෙළඳසල් වසා තැබීමට සුදුසු බව තමන් මෙහිදී කොවිඩ් කමිටුවට පෙන්වා දුන් බව ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. රත්නවීර මහතා සඳහන් කළේය. මොනරාගල නගරය හා ඒ ආසන්න වටපිටාවේ ගම්මානවලින් කොවිඩ් 19 වැළඳුණු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීම මෙම තීරණය ගැනීමට හේතු වූ බව ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා කීවේය.
නයනජීව බණ්ඩාර
Comments
Post a Comment
Your comment will be visible after approval