උතුරු අප්‍රිකාවට අයත් රටක් වන මොරොක්කෝවේ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වෛද්‍ය හේතූන් මත ගංජා භාවිතය පිළිබඳ පනත් කෙටුම්පතක් අනුමත කර තිබේ.
මෙහිදී 119 ක් පක්ෂව හා 48 ක් විරුද්ධව ඡන්ද ලැබී ඇත.
මොරොක්කෝවේ ගංජා භාවිතය නිල වශයෙන් තහනම්ය. කෙසේ වෙතත්, නීති විරෝධී ලෙස ගංජා වගා කිරීම සහ ජාවාරම දිගටම කරගෙන ගිය රටකි.
මොරොක්කෝව යනු ලොව විශාලතම ගංජා නිෂ්පාදකයින්ගෙන් එකක් වන අතර හෂිෂ් වැනි නීති විරෝධී අතුරු නිෂ්පාදනවල ප්‍රධාන සැපයුම්කරුවන් වේ.


ඖෂධීය අරමුණු සඳහා ගංජා වගා කිරීම මීට ඉහත අප්‍රිකානු රටක්වන රුවන්ඩාවද අනුමත කළේය. ඒ හරහා මිලියන ගණනක ආදායම ලබාගන්නට හැකි බව පෙනීයාම මෙම තහනම ඉවත් කිරීමට හේතුවී ඇත.
ඒ අනුව ගංජා භාවිතා කළ යුත්තේ වෛද්‍යමය හේතු, රූපලාවණ්‍ය නිෂ්පාදන සහ කාර්මික හේතු සඳහා පමණක් බව පනතේ සඳහන් වේ.
විනෝදාත්මක භාවිතය තහනම් කර ඇති අතර නඩු පැවරීමට යටත් වේ.
පසුගිය වසරේ රුවන්ඩාව එහි ලාභය උපරිම කර ගැනීමේ අරමුණින් ගංජා නිෂ්පාදනය හා සැකසීමට අවසර ලබා දෙමින් කියා සිටියේ එහි නිෂ්පාදනය හා භාවිතය ෆාමසි වැනි බලපත්‍රලත් අලෙවිකරුවන්ට පමණක් සීමා වන බවත් ගංජා පරිභෝජනය නීති විරෝධී බවත් ය.

දකුණු අප්‍රිකාවේද මෙම නීති වෙනස් කිරීමට එරට රජය සැලසුම් කරමින් සිටී.