muruththettuwe-thera-speaks

කොරෝනා එන්නත් කරණ වැඩසටහන ඉතා අවුල් සහගතව සිදුවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කියා සිටී. උන් වහන්සේ මෙසේ කීහ.




"ලාහට ගෙම්බො එකතු කරන්නා වගේ පොඩ්ඩ පොඩ්ඩ ගෙනල්ලා මේ එන්නත විදීමෙන් වෙන්නෙ මොකද්ද, තවතවත් මිනිස්සු ළඟ තියෙන ක්‍රෝධය වෛරය පැසවලා ඉදිරියට යන එකයි වෙන්නෙ. රජය පිළිබඳ ලොකු කළකිරීමක් ඇති වෙන්නෙත් ඒ නිසයි. ඉතිං ගොඩක්ම වෙලා තියෙන්නෙ මේ ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයො තමයි මේ මුළු වගකීම බාරගන්න ඕනෑ. එනිසා දැන්වත් ජනාධිපතිතුමනි, වැඩබැරි ටාසන්ලා ටික අත්හැරලා දාලා, කළපුරුද්දත් පළපුරුද්දත් තියෙන මිනිස්සු ටික ඇරගෙන විධිමත් ක්‍රමවේදයක් මත මේ එන්නත ලබාදීමේ වැඩපිළිවෙලක් හදන්න කියන එකයි අපි ඉල්ලන්නෙ"