naomi-osaka-skip-news-conferences-french-open-citing-mental-health

පසුගියදා ඕස්ට්‍රෙලියානු විවෘත තරගාවලි ටෙනිස් කිරුළ ජයගත් ජපන් ක්‍රීඩිකා නයෝමි ඔසාකා එළැඹෙන ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේදී මාධ්‍ය හමු වලට සහභාගී නොවන බව නිවේදනය කර තිබෙන්නේ අපූරු හේතුවකටය. ඇගේ මෙම තීරණය ආන්දෝලනයට තුඩුදෙන්නක් වන අතර ජාත්‍යන්තර ක්‍රීඩා නීති අනුව දඩමුදලකට යටත්වන වරදකි.
එළඹෙන ප්‍රංශ විවෘත තරගය අතරතුර නයෝමි ඔසාකා වන තමා කිසිදු ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී නොවන බව ඇය බදාදා සමාජ මාධ්‍යවල පළ කළ ලිපියක සඳහන් වේ.


සිව් වතාවක් ප්‍රධාන ශූරියක් සහ දැනට ලොව අංක 2 කාන්තා ටෙනිස් ක්‍රීඩිකාව ලෙස කිරුළු දරන ඔසාකා කියා සිටියේ ඇයගේ මානසික සෞඛ්‍යය රැකගන්නට මෙම තීරණය ගත් බවයි.

“ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසික සෞඛ්‍යය ගැන මිනිසුන්ට කිසිදු තැකීමක් නැති බව මට බොහෝ විට හැඟී ගොස් ඇත. මා පුවත්පත් සාකච්ඡාවක් දකින විට හෝ එකකට සහභාගී වන සෑම අවස්ථාවකම මෙය සත්‍යයක් යයි හැගේ. අපි බොහෝ විට එහි වාඩි වී අපගෙන් මීට පෙර කිහිප වතාවක්ම අසන ලද ප්‍රශ්න හෝ අපගේ මනස තුළ සැකයක් ඇති කරන ප්‍රශ්න වලට ආතතියෙන් උත්තර දෙන්නට සිදුවේ. මා සැක කරන පුද්ගලයින්ට මට යටත්වන්නට සිදුවේ. මා එලෙස යටත් නොවනු ඇත."
ඇය කියා තිබේ.
ඔසාකා සිය ලිපියේ සෙසු කාන්තා ටෙනිස් ක්‍රීඩිකා වීනස් විලියම්ස් සහ හිටපු එන්එෆ්එල් ක්‍රීඩිකා මාෂෝන් ලින්ච්ගේ වීඩියෝ දර්ශනද බෙදාහදා ගෙන ඇති අතර, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ මාධ්‍ය අතර ඇති දැඩි සම්බන්ධතාවය අවධාරණය කිරීම සඳහා එසේ කර තිබේ.

මේ සටහනට වීනස් විලියම්ස් ප්‍රතිචාර දක්වා ඇති අතර ඇය ඔසාකාට අදහස් දක්වමින්, "කෙල්ල, එහෙමද? ඔයාගේ ජීවිතය ඔයාගේ ඒ අනුව ජීවත් වෙන්න!" යනුවෙන් පවසා තිබේ.



ප්‍රධාන උත්සවයකදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් මඟ හැරීම නිසා ටෙනිස් ක්‍රීඩිකාවට ඩොලර් 20,000 දක්වා දඩ මුදලක් නියම කළ හැකි බව තරග නීති අනුව දන්වා ඇත. ඔසාකා කියා සිටියේ තම දඩ මුදල් මානසික සෞඛ්‍ය පුණ්‍යායතනයකට යොමු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.
(නයෝමි ඔසාකා ඕස්ට්‍රෙලියානු විවෘත තරගාවලිය ජයගැනීමෙන් පමණක් ලද ආදායම ඩොලර් මිලියන 2.1 කි.
ඇය දැනට ටෙනිස් ක්‍රීඩිකාවන් අතර ධනවත්ම ක්‍රීඩිකාවන් කිහිපදෙනාගෙන් කෙනෙකි.)
ප්‍රංශ විවෘත තරගාවලියේ ප්‍රධාන තරගය ලබන ඉරිදා පැරීසියේදී ඇරඹෙයි.

naomi-osaka-skip-news-conferences-french-open-citing-mental-health

naomi-osaka-skip-news-conferences-french-open-citing-mental-health