national-hospital-issue

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් පිරිසකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙන අතර මේ හේතුවෙන් ජාතික රෝහල් හදිසි අනතුරු අංශයේ MRI සහ CT ස්කෑන් අංශ වසා දමා ඇති බව
වාර්තා වෙයි.


විකිරණවේදීන් 13දෙනෙකු මෙලෙස ආසාදනය වී ඇත.
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකිර්ති ඈපා පවසන්නේ මේ වනවිට දිවයින
පුරා රජයේ ‍රෝහල්වල සේවය කරන විකිරණවේදීන් 18 දෙනෙක් වෛරසයට ගොදුරු වී ඇති බවයි.
ඉන් 13 දෙනෙක්ම ජාතික රෝහලේ විකිරණ ශිල්පී අධිකාරිවරයා ඇතුළු ජාතික රෝහලේ විකිරණවේදින් වීම බරපතළ තත්ත්වයක් බව ද ඔහු කියයි.

විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් අවශ්‍ය ප්‍රමාණයෙන් මේ වනවිට රෝහල්වල සිටින්නේ 50%ක ප්‍රමාණයක්
බවත් පවතින තත්ත්වය යටතේ එය තව දුරටත් බරපතළ ගැටළුවක් බවත් ඔහු කියයි.