new-lockdown-area

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් දිවයිනේ දිස්ත්‍රික්ක 05ක ග්‍රාම නිලධාරී වසම් 16කට අයත් ප්‍රදේශ කිහිපයක් අද (10) අලුයම සිට හුදෙකලා කර තිබෙයි. ගම්පහ, අම්පාර, කළුතර, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් 16කට අයත් ප්‍රදේශ කිහිපයක් මෙසේ හුදෙකලා කර ඇත.





ගම්පහ දිස්ත්‍රික්කය
මහර පොලිස් බල ප්‍රදේශය
  • මහර ඇටිකෙහෙල්ගල්ල බටහිර 290A
  • කටාන K.C සිල්වා ග්‍රාමසේවා නිලධාරී වසම 70B
  • කදිරාණ උතුර ග්‍රාම නිලධාරී වසමේ ඇටඹ ගහවත්ත ගම්මානය
  • කදිරාන දකුණ ග්‍රාම නිලධාරි වසමේ පේෂකර්ම ගම්මානය
  • වත්තල සේදවත්ත ග්‍රාම නිලධාරී වසමේ මහ පමුණුගම කොටස
  • කුන්ජගහවත්ත ග්‍රාම නිලධාරි වසමේ 44 වන පටුමග,
  • නිල්සිරිගම ග්‍රාම නිලධාරි වසමේ 03 හා 07වන පටුමග

අම්පාර දිස්ත්‍රික්කය
  • දෙහිඅත්තකණ්ඩිය නවමැදගම ග්‍රාම නිලධාරී වසමේ නවමැදගම කොටස
  • බක්මීදෙනිය ග්‍රාම නිලධාරි වසමේ රන්හෙළ ගම කොටස,
  • සේරුපිටිය ග්‍රාම නිලධාරී වසමේ සේරුපිටිය උප කොටස

රත්නපුර දිස්ත්‍රික්කය
  • අංගම්මන 182 සී ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කය
  • මොරගහහේන පලන්නෝරුව 604 ග්‍රාම නිලධාරී වසම,
  • කෝරළඉම 604 ඒ ග්‍රාම නිලධාරී වසම,
  • කුඹුක බටහිර 607 ඒ ග්‍රාම නිලධාරී වසම,
  • හොරණ නර්තනගල 616 සී ග්‍රාම නිලධාරී වසම

මොණරාගල දිස්ත්‍රික්කය
  • බෝ හිටිය ග්‍රාම නිලධාරී වසම