new-nehicle-parliament-mp

මන්ත්‍රීවරුන්ගේ ක්ෂේත්‍ර කටයුතු සඳහා වාහන අවශ්‍යතාවක් ඇති බැවින් ඒ වෙනුවෙන් වාහන ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇතැයිද ඒ වෙනුවෙන් ආසන 07 ලෑන්ඩ් කෘෘසර් ප්‍රාඩෝ රථ 227ක් ගෙන්වීමට මේ වනවිටත් කටයුතු යොදා ඇතැයිද රජයේ ආරංචි වාර්තා කර තිබේ.


මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මේ සතියේදී කැබිනට් මණ්ඩලයට කැබිනට් සංදේශයක් ඉදිරිපත් කිරීමට නියමිතය.
එහි දැක්වෙන්නේ නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත “දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් පවරා ඇති ක්ෂේත්‍ර සංවර්ධන අධීක්ෂණ කටයුතුවලදී ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම” සඳහා මෙලෙස ජීප් රථ ලබා දීමට මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි. මෙතෙක් ක්‍රියාත්මක කළ තීරු බදු රහිත වාහන ආනයනය කිරීමේ බලපත්‍ර ලබා දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තාවකාලිකව නතර කර තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ද එහි වැඩිදුරටත් දැක්වේ.


මීට අමතරව මන්ත්‍රීවරුන් සඳහා මුදල් ගෙවීමේ පදනම යටතේ වාහන ලබාදීමට ද සැලසුම් කර ඇති බව එම වාර්තාවේ සඳහන් වුවත් ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහන් නොවේ.
මෙලෙස ආනයනය කිරීමෙන් විදේශ විනිමය දුෂ්කරතා අවම කරගත හැකි බව අමාත්‍යාංශයේ අදහස වී ඇතැයි ද, මෙම වාහන මෙරට ප්‍රධාන පෙළේ වාහන සමාගමක් වන ටොයොටා ලංකා වෙතින්
 මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා කර තිබේ.