පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු ලබන 07 වැනිදා තෙක් වීවෘත අධිකරණ ශාලාවන් හී නොකැදවීමට අද (03) සිට තීරණය කර ඇත.



සත්වෝද්‍යාන කිහිපයක් හෙට සිට මහජනතාව සඳහා තාවකාලිකව වසා දමන බව ජාතික සත්වෝද්‍යාන
දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය වසා දැමේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ සිට ලබන 07 දක්වා කැදවීමට දින නියමවී තිබූ නඩු යළි කැදවන දින පසුව දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ සතියෙන් පසුව කැදවීමට නියමිත නඩු පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ නිල වෙබ් අඩවියේ ප්‍රකාශිත නඩු ලැයිස්තුවේ දින අනුව යළි කැදවීමට නියමිත බව ද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටී.

ඒසේම නීතීඥවරයෙකුට අවශ්‍ය නම් හැර යම් කිසි සේවාදායකයෙකුට අධිකරණ පිරශ්‍රයට ඇතුළු විය නොහැකි බවත් , සේවා අවශ්‍යතා සදහා අධිකරණ පරිශ්‍රයට ඇතුළු වන සෑම අයෙකුම කොවිඩ් පිළිබද රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව අනුව කටයුතු කළ යුතු බවද ප්‍රදීප් මහමුතුගලගේ මහතා පැවසීය.