පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ උග්ගල්ල ප්‍රදේශය අද (3) උදෑසන සිට හුදෙකලා කර ඇති අතර මෙයට හේතුවී ඇත්තේ ආසාදිතයින් සහිත මංගල උත්සවයකට විශාල පිරිසක් සහභාගීවීමයි.
මීට සතියකට පමණ පෙර පැවති
විවාහ මංගලෝත්සවයකට සහභාගිවූ පිරිසෙන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමන් පසු එම අවස්ථාවට සහභාගිවූ නිවාස 50ක, 80ක පමණ පිරිසක් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් මතු නිවෙස්වලම නිරෝධායනය කර ඇති බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුමිත්‍ර කහන්ගමගේ මහතා (02) දින පැවසීය.
අංගම්පිටිය, ෆවුසි මාවත, ගෝල පාර යන ප්‍රදේශවල නිවැසියන් මෙලෙස නිරෝධායනය කර ඇති බවත් මෙම පිරිසට අද (03) දින පීසීආර් පරීක්ෂණ සිදු කෙරෙන බව පැවසීය.
(පාදුක්ක විශේෂ නිහාල් වෙත්තසිංහ)
0 Comments