පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක සගවා තිබූ අධිබලැති ධාරිතාවකින් යුතු රුපියල් ලක්ෂ 90ක් පමණ වටිනා යතුරුපැදි දෙකක් ගම්පහ දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන 28දා පස්වරුවේ පල්ලෙවෙල පොලිසියට භාරදී තිබේ. 

මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ එන්ජින් ධාරිතාව සීසී 1000 ඉක්ම වන ඉතාලියේ හා ජර්මනියේ නිෂ්පාදිත යතුරුපැදි දෙකකි.මෙම යතුරුපැදි කුමන ආකාරයෙත් මෙරටට ගෙ‍න ආවා ද කුමක් සඳහා භාවිතා කළාද එමෙන්ම යතුරුපැදි ආනයනයේදී තීරුබදු ගෙවා ඇත්දැයි හෙළි කරගැනීමට පරීක්ෂණ පැවැත්වේ. යතුරුපැදි ධාවන තරග සදහා භාවිතා කිරිමට ගෙන එන ලද ඒවා බව යතුරුපැදිවල අයිතිකරු ප්‍රකාශ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඉදිරි විමර්ශනවලදී හෙළි වන තොරතුරු මත අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය සඳහන් කරයි.

(මීරිගම - කාන්ති)