parliament-covid19-opposition-office

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ කාර්ය මණ්ඩල ලේකම්වරියක ඇතුළු සේවකයන් 10දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වේත‍්‍රධාරි නරේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතා ඊයේ (26 දා) පැවසීය.


ඒ අනුව එම සේවකයන් ඇසුරු කළ අයට ස්වයං නිරෝධායනයට යොමුවන්නැයි දැනුම් දුන් බව ද හෙතෙම කීවේය.
විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ද ඔහුගේ බිරිඳ ජලනි පේ‍්‍රමදාස මහත්මිය ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබ සිටිති.
ඔවුන් දෙදෙනාගේ තත්ත්වය යහපත් බව එම රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.
විපක්ෂ නායකවරයාට හා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරුවීමෙන් පසුව කොළඹ මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක ප‍්‍රධාන කාර්යාලය ද පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලය ද සෞඛ්‍ය ආරක්ෂිත පියවරක් ලෙස සෞඛ්‍ය අංශ නිලධාරීන් විසින් වසා දමනු ලැබීය.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා