pfizer-store-method

 ඇමෙරිකාවේ ‘ෆයිසර් සමාගම කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත මාසයක කාලයක් සාමාන්‍ය ශීතකරණයකට ගබඩා කර තැබිය හැකි යැයි යුරෝපා ඖෂධ පාලන අධිකාරිය පවසයි. 

ෆයිසර් එන්නත් අඩංගු එන්නත් පෙට්ටි, විවෘත නොකර, සාමාන්‍ය ශීතකරණ තුළසෙල්සියස් අංශක 2 ත් 8 ත් අතර උෂ්ණත්වයක් යටතේ (ෆැරන්හයිට් 35 සිට 46 දක්වා) මාසයක කාලයක් පමණක් ගබඩා කර තැබිය හැකි බව ෆයිසර් සමාගම ද පෙන්වා දී ඇත.


‘ෆයිසර්' සමාගම ඔවුන්ගේ මෙම එන්නත නිපදවා ඇත්තේ ගබඩා කිරිමට අධිශීතකරණ අවශ්‍ය වන ආකාරයටය. අධිශීතකරණයෙන් පිටතට ගන්නා එන්නත්, දින 31 ක්, සාමාන්‍ය ශීතකරණයක ගබඩා කර තැබිය හැකිවෙයි.  මේ වනවිට ලොව භාවිතයට ගැනෙන  සාර්ථක එන්නතක් ලෙස “ෆයිසර්' එන්නත සැලකෙන අතර, ගබඩා කිරීමට විශේෂ අධිශීතකරණ අවශ්‍ය වන බැවින්, බොහෝ රටවලට එනත් ගබඩා කිරීම කළ  නොහැකිය. කෙසේ නමුත් ‘ෆයිසර් සමාගම පවසා ඇත්තේ සාමාන්‍ය ශීතකරණවල පමණක් ගබඩා කර තබා ගත හැකි ආකාරයට තමන් නව ‘ෆයිසර් එන්නතක් නිපදවීමේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවය.