පළාත් අතර සංචරණ සීමා පැනවේද ඉන් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා පැවසීය.
ඊයේ (10)දා පස්වරුවේ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හෙතෙම මේ බව පවසා සිටියේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කුලතිලක මහතා,"අඩුම තරමින් දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පනවන්නේ නම් සුළු හෝ ප්‍රතිඵලයක් ලබා ගත හැකියි. පළාත් අතර සංචරණ සීමා පැනවීමෙන් කෝවිඩ් තත්වය පාලනය කළ නොහැකියි. කිසියම් හෝ පාලනයක් ඇති කිරීමට නම් අඩුම තරමින් දිස්ත්‍රික්ක අතර සංචරණ සීමා පැනවීමක් සිදු කළ යුතුයි.අනෙක් පැත්තෙන් හුදෙකලා කර ඇති ප්‍රදේශවල පදිංචි සමහර රැකියා කරන පිරිස්වලට හුදෙකලා කර නොමැති ප්‍රදේශවලට යාමට අවස්ථාවදී ඇති අතර එසේ කිරීමෙන්ද කෝවිඩ් වසංගත තත්වය කිසිසේත්ම පාලනය කළ නොහැකියි. කිසියම් ප්‍රදේශයක් හුදෙකලා බවට පත් කළා නම් කුමන රැකියාවක නියුතුව සිටින අයෙකුට වුවද එයින් පිටවිය නොහැකියි. දැන් කර තිබෙන හුදෙකලාවලින්ද කිසිදු ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකියි. සංචරණ සීමා කිර්ම හා හුදෙකලා කිම් නිසි විදිහට නොකළහොත් ඉදිරි කාලයේ බරපතළ තත්වයකට මුහුණදීමට සිදුවීම වැළැක්විය නොහැකියි" යනුවෙන් පවසා සිටියේය.
(වාරණ - ආනන්ද ඉ ජයකොඩි)
0 Comments