පිළියන්දල පොදු වෙළඳසැලේ පළතුරු වෙළඳසැලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු හදිසියේ මියගොස් ඇති අතර, පසුව අනාවරණ වුණේ ඔහුට කොරෝනා ආසාදනය වී ඇති බවටයි. අවුරුදු 49ක පුද්ගලයෙකු වූ මොහු
ඊයේ (05) අලුයම ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පිළියන්දල, මිරිස්වත්ත බෙල්ලන්ගහවත්ත ප්‍රදේශයේ පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී ඔහු මියගොස් තිබේ.
පසුව රෝහලේදී ඔහුව PCR පරීක්ෂණයකට ලක්කර ඇති අතර ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය කියා සිටියාය.
මෙලෙස මිය ගොස් ඇත්තේ පිළියන්දල වෙළෙඳ සංකීර්ණයේ පළතුරු වෙළෙඳාමේ නිතර වූ පුද්ගලයෙකි.
ඒ පිළිබඳව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීනි සමන්තිකා විජේසුන්දර අදහස් දක්වමින් සඳහන් කළේ තත්වය අයහපත් බවත් පිළියන්දල ප්‍රදේශයට සංචරණ සීමා පැනවීම සිදුකළ යුතු බවයි.
පිළියන්දල පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 42 ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව සිද්ධි අධ්‍යයනයක් සිදුකරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසා තිබුණි.
0 Comments