piliyandala-market-closed

කොවිඩ් -19 ආසාදිතයින් පිරිසක් හඳුනාගැනිම හේතුවෙන් පිළියන්දල පොදු වෙළෙඳ පොළ නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කර ඇත.
මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ අහඹු කොරෝනා පරීක්ෂණවලිනි. අද සිදු කළ පරීක්ෂණ 261 කින් 101 ක් ධනාත්මක වීම ආසන්න හේතුවයි.



පසුගියදා පිළියන්ද ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් රාශියක් වාර්තා වීම හේතුවෙන් මැයි 02දා එම පොලිස් වසම හුදකලා කෙරුණු නමුත් දිනක් යාමටත් මත්තෙන් එහි හුදකලාබව ග්‍රාම නිලධාරී වසම් කිහිපයකට පමණක් සීමා විය.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පවසා තිබුණේ මෙලෙස හුදකලාබව ඉවත්කිරීම සිදුකර තිබුණේ තමාව දැනුවත් කිරීමකින් තොරව බවයි.

මෙලෙස හුදකලාබව ඉවත්කරන මෙන් බලපෑම් සිදුකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දැඩි ලෙස විවේචනයට ලක්විය.