
කෝවිඩ් ආසාදිත වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ බණ්ඩාරවෙල පොලිස් සැරයන්වරයාගේ මවද කෝවිඩ්. ආසාදිතව සිට ඊයේ (16)දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
බණ්ඩාරවෙල පදිංචිව සිටි 82 හැවිරිදි තැනැත්තියක මෙසේ ජීවිතක්ෂයට පත් වී තිබේ. බණ්ඩාරවෙල කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබා නිවසට ගොස් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඉකුත් අප්‍රේල් 30 දින මෙම මවගේ පුතු වූ ඇටැම්පිටිය පොලීසියේ සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයකුද කෝවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්විය.
(හල්දුම්මුල්ල එස්.පී. නානායක්කාර)
Comments
Post a Comment
Your comment will be visible after approval