පෑලියගොඩ ට්‍රෑෆික් OIC ජීවිතක්ෂයට

පෑලියගොඩ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වු පොලිස් පරීක්ෂක චමින්ද ජූඩ් තිසේරා (52) මහතා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය.



ගම්පහ මාකවිට මාබිම පදිංචි ජුඩ් තිසේරා මහතා දෙදරු පියෙකි. සිය පොලිස් සේවා කාලය තුළ කිලිනොච්චිය, ජා-ඇල, මීගමුව, පමුණුගම, කටාන ආදී පොලිස් ස්ථාන වල සේවය කර තිබේ.

රෝහල් ගතව සිටියදී ඇති වු හෘදයාබාධයක් හේතුවෙන් මියගිය පොලිස් පරීක්ෂක ජූඩ් තිසේරා මහතාගේ අවසන් කටයුතු 11 දා සවස මාකවිට රෝමාණු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.



-----------


මස්කෙළිය කොස්තාපල් හිටි ගමන් අසනීප වී මරුට


 මස්කෙළිය පොලීසියේ රාජකාරි කරමින් සිටි කොස්තාපල්වරයකු ඊයේ (9 වැනිදා) පෙරවරු 9.45ට පමණ හදිසියේ මිය ගොස් ඇතැයි මස්කෙළිය පොලිසිය කියයි.  මියගොස් ඇත්තේ ලුණුගල, හොක්ටන් වතුයායේ, පහළ කොටසේ පදිංචිව සිටි 24  හැවිරිදි රාමසාමි රාගවන් (93325) නමැති අවිවාහක පොලිස් නිලධාරියකු බව පොලිසිය කියයි.

මස්කෙළිය පොලීසියේ, විශේෂ බුද්ධි කාර්යාංශයට අනුයුක්තව රාජකාරි කරමින් සිට ඇති මෙම පොලිස් නිලධාරියා ඊයේ (9 වැනිදා) හදිසියේ පපුවේ අමාරුවක් ඇති බව පැවැසූ බවත්, වහා පොලිස් ජීප් රථයෙන් මස්කෙළිය ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව මිය ගොස් ඇති බවත් මස්කෙළිය පොලීසිය පවසයි. මෙම පොලිස් නිලධාරියාගේ පී.සී.ආර්. සාම්පල් ලබාගෙන නුවරඑළිය මහ රෝහල වෙත යැවීමට කටයුතු කළ බව මකෙළිය ප්‍රාදේශීය රෝහලේ  වෛද්‍යවරයෙක් පැවැසීය.



-------

මතුගම පොලීසියේ 5කට කොවිඩ්


මතුගම මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු නිලධාරීන් 5දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදිත ඇති බව හෙළිවීමත් සමග ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් 25 දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කළ බව මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක පී.ඩී. ලයනල් මහතා පැවසීය.මතුගම මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ උපපොලිස් පරික්ෂකවරයෙකුට මීට දින කිහිපයකට ඉහතදී කෝවිඩ් වෛරසය ආසාදිත වී ඇති බව හෙළිවූ අතර ඉන් අනතුරුව පාලන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාටද වයිරසය ආසාදිත වී ඇති බව රැපිඩි ඇන්ටිජන් පරික්ෂාවකදී තහවුරු විය. ඉන් අනතුරුව මතුගම පොලීසියේ නිලධාරීන්ගේ සිදු කළ පී.සී.ආර්. පරික්ෂණවලදී රථවාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඇතුළු තිදෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට වාර්තර්තා වී ඇත.මෙසේ නිලධාරින් 5දෙනෙකු කෝවිඩි ආසාදිතයන් බවට වාර්ත වීමත් සමග මතුගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් 25දෙනෙකු පමණ නිරෝධායනයට යොමු කර තිබේ. මේ වනවිට මතුගම මුලස්ථාන පොලිසියේ නිලධාරීන් 5දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදිතව ඇති බවට හෙළිවීමෙන් ඔවුන්ට සම්බන්ධ නිලධාරීන් 25දෙනකු පමණ මේ වනවිට නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති නිසා වෙනත් නිලධාරින් යොදවා පොලිස් ස්ථානයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පරාක්‍රම උඩවත්ත මහතා පවසා සිටියේය.