police-travel-ban

නිරෝධායන හෝ සංචරණ නීති කඩකරමින් කටයුතු කරන පුද්ගයන්ට විරුද්ධ පවතින නීතිය යටතේ වසර හයකට නොවැඩි සිර දඩුවම රුපියල්දහ දහසක දඩයක් හෝ එම දඬුවම් දෙකම ලබා දීමේ හැකියාව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ලංකාදීපයට පැවැසීය.සංචරණ නීති කඩකරන්නන්ට එරෙහිව නීතිය මෙවර අකුරටම ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ප්‍රකාශ කළේය. මේ අතර, නිරෝධායන හෝ සංචරණ නීති කඩ කරමින් කටයුතු කරන පිරිස් සම්බන්ධයෙන් ළඟම ඇති පොලිසියට වහාම දැනුම් දෙන්නැයි පොලිස් මූලස්ථානය පවසයි. 




නිරෝධායන නීතිය උල්ලංඝනය කළ 448 දෙනකු පෙරේදා (12) දිනයේ දී අත්අඩංගුවට ගෙන ඇත. මේ අනුව නිරෝධායනය නීතිය කඩ කිරිම සම්බන්ධයෙන් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 8,747 ක් දක්වා ඉහළ යනු ඇත. මේ අතර පළාත් සංචරණ සීමා උල්ලංඝණය කළ වාහන 145ක සිටි 229 දෙනකුට අවවාද කර ආපසු හරවා යැවු බව පොලිසිය පවසයි.


බස්නාහිර පළාතේ ව්‍යායාම කරන ස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාංගන මධ්‍යසාර අලෙවිසල් 380 ක් පරික්ෂාවට ලක් කර එම ස්ථානවල සිටි 1597 දෙනකුට අවවාද කර ඇතැයි කියති. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිරෝධායන නීති බරපතළ ලෙස උල්ලංඝණය කළ විසිපස් දෙනෙකු එම ස්ථානවල දී අත්අඩංගුවට ගෙන ඇතැයි ද සඳහන් කළේය.