policeseek-help-for-identify-body

කුලියාපිටිය සොහොනකඩේ දණ්ඩගමු ඔයේ පාවෙමින් තිබූ පුද්ගල මළසිරුර හඳුනා ගැනීමට පොලීසිය මහජන සහාය පතයි. පසුගිය 09 වැනිදා කුලියාපිටිය පොලීසියට ලද තොරතුරක් අනුව දණ්ඩගමු ඔයේ පාවෙමින් තිබූ එම වයස 50 ඉක්මවූවායැයි සිතිය හැකි මළසිරුර ගොඩගෙන මහේස්ත්‍රාත් නියමය අනුව කොරෝනා පරීක්‍ෂාවන් හා පශ්චාත් මරණ පරීකෂණයන් සිදුකර තිබූ අතර මේ වනවිට කුලියාපිටිය ශික්‍ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.



පවත්නා කෝවිඩ් වසංගත තත්ත්වය ආදිය සැලකිල්ලට ගෙන අදාළ මෘතශරීරාගාරය නිදහස් කිරීමටද අවශ්‍යතාව සලකා මෙම මෘතදේහය.හඳුනාගැනීමට මහජනතාවගේ සහාය පතන බවත් මෘතදේහය ගොඩගන්නා අවස්ථාව වනවිට මියගිය තැනැත්තා තද කොළ පැහැති ඉරී සහිත ලා දලු කොළ පැහැති කමියක් හා තද නිල් පැහැති යට ඇඳුමට සුදු යට බැනියම යටකර ඇඳ සිට ඇත.කලිසමක් හෝ සරමක් දේහය සොයාගන්නා අවස්ථාවේ නොතිබූ බවද පවසන පොලීසිය කරේ බොරලික්කමක් යැයි සිතිය හැකි සුදු යකඩ මාලයක් පැලඳ සිට තිබේ.මේ පිළිබඳ තොරතුරක් වෙතොත් කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා 0718-597263 හෝ 037-2281222 අංකයෙන් කුලියාපිටිය පොලිසිය අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
 (කුලියාපිටිය - දිනේෂි උපේන්ද්‍ර)