ravi-kumudesh-speaks

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ්ගේ අදහස් දැක්වීමක් පහත දැක්වේ.

මේ වෙනකොට විශාල බාධාවන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සිදු වෙනවා කියලා අපට වාර්තා වෙනවා...විශේෂයෙන්ම තමන්ගේ නිළ රථයේ රාජකාරියට වාර්තා කරනකොට අතරමඟ වාහනේ නතර කරලා ඔහු වෛද්‍යවරයෙක්ද කියලා අහලා සමහර අය රාජකාරියට යන එක නවත්වලා සමහර අයට බාධා කරලා තියෙනවා,

පොලිසිය සමහර අයට අපහස කරලා තියෙනවා මේ තත්වය අතිශයින්ම කණගාටුදායකයි....මේ තත්වය තව ඉස්සරහට ගියොත් පොලිස්පතිවරයාට අපි කියන්නේ සෞඛ්‍ය සේවාවේ රාජකාරියත් පොලිසිය දාලා කරගන්න,නැතිනම් වෛද්‍යවරු විතරක් දාලා කරගන්න කියලා...විශේෂයෙන්ම අපි පැහැදිලිවම රටට කියන්න ඕන මේ රෝහලක් පාලනය වෙන්නේ රෝහලේ කටයුතු කරන්නේ වෛද්‍යවරු විතරක් කියලා සමහරු හිතන්හිටියට රෝහලේ වෛද්‍යවරුන්ට වඩා විශාල පිරිසක් සේවයකරනවා ඒ සියලු දෙනාගේ සේවය නැතුව රෝහලේ කටයුතු සිද්ධ වෙන්නේ නෑ....

අපේ රටේ වෛද්‍යවරු 25000ක් පමණ ඉන්නකොට අනෙකුත් සෞඛ්‍ය කාර්යමණ්ඩලය ඉන්නවා ලක්ෂයකට වඩා ප්‍රමාණයක් ඉන්නවා....

මේක පිළිබඳ අවබෝධයක් නැත්තම් රටේ පොලිස්පතිවරයාට හෝ පොලිසියට අපිට සිද්දවෙනවා මේ රෝහලක් කියන්නේ මොකක්ද කියන එක ඔවුන්ට උගන්වන්ත් එක්ක වෛද්‍යවරු විතරක් රෝහලට ආවටපස්සේ අනිත්අයව ගෙදරට කරලා තියන්නඒ නිසා අපි පැහැදිලිවම පොලිස්පතිවරයාගෙන් ඉල්ලනවා අපි ලිඛිතවත් මේ පිලිබඳව අපි දන්වනවා කොහේ හෝ සෞඛ්‍යකාර්ය මණ්ඩලයේ කෙනෙක් නොවුනි කියලා ඔවුන්ව අත්අඩංගුවට ගන්නනම්,ඔවුන්ට බාධා කරනවානම් ඔවුන්ගේ රාජකාරි හැදුනුම්පත පිළිගන්නෙ නැතිනම් අපට සිද්ද වෙනවා ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න අපි එකඟයි මේ ගැන සාකච්ඡා කරනවට පරික්ෂා කරනකොට හැදුනුම්පතේ බලන්න ඕන දොස්තර කෙනෙක්ද කියන එක නෙවෙයි බලන්න ඕන ඔහු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ කෙනෙක් ද කියන එක ඔහු කනිෂ්ඨ කාර්යමණ්ඩලයේ කෙනෙක් උනම් මේ රටේ සෞඛ්‍ය සේවාව ගෙනියන්න ඔහුගේ සේවාව අත්‍යවශ්‍යයි කියන එක අපි මතක් කරනවා...

මම දන්නේ නෑ ජනාධිපතිතුමා මේක කියන්නේ ඉතාම සද්භාවයෙන් වෙන්න ඇති නමුත සමහරු හිතන් ඉන්නවා ජනාධිපතිතුමා ප්‍රකාශ ඒ ආකාරයෙනම් පිළිපදින්න ඕන එහෙම නැතිනම් ඒක තවදුරටත් විමර්ශණය කරන්න ඕන නෑ ඒක තමයි තමන් කරන්න ඕන කියලා ඒක වෙන්නැති පොලිසිය මෙහෙම කරන්නේ මේකත් අපිට වැදගත් වෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තමයි මේ පොලිස්පතිවරයා පදනම් කරගෙන තියෙන්නේ....අපි දන්නේ නෑ ජනාධිපතිවරයාට සෞඛ්‍ය සේවාවෙ ඉන්න සියලු දෙනාගෙම නම් කියන්න බැරිනිසා එහෙම කිව්වාද නැතිනම් ජනාධිපතිවරයා ලංකවේ රෝහලක් පාලනේ වෙන්නේ කොහොමද කියන එක ලොකු අවබෝධයකින් නැතුව ඉන්නවා වෙන්නත් පුළුවන්....කොහොම උනත් අපි පැහැදිලිවම කියනවා සෞඛ්‍ය කාර්යමණ්ඩලය කියන්නේ DOCTORS ලා නෙවෙයි රෝහලක වැඩ කරන්නේ වෛද්‍යවරුවිතරක් නෙවෙයි...ඒ නිසා රෝහලක් පවත්වාගෙන යන්නම් අපි දැනගන්න ඕන මේ රටේ ප්‍රධාන දේශපාලන බලධාරින් දැනගන්න ඕන රෝහලක් කියන්නේ සියලුම  කාර්යමණ්ඩලය සහභාගි වන එකක්...

ඒ නිසා පාරේ වාහනයක් යන්නේ වෛද්‍යවරයෙක් නෙවෙයිනම් එයාව නවත්තන්න උත්සහ කරනවානම් අපිට සිද්ද වෙනවා අපේ අනෙකුත් කාර්යමණ්ඩලයේ සේවාවන් නවත්වන්න....නැත්තම් වෙන විකල්පයක් නෑ....

වෛද්‍ය පර්යේෂණ ආයතනයෙ ප්‍රධාන රසායනාගාර විද්‍යඥවරියෝ පාරේ නවත්වනවා...ඔවුන් දන්නවද දන්නේ නෑ ඒක නැවැත්තුවම PCR රසායනාගාරයේ වැඩ කරගන් බැ කියලා...අද වෙනකොට වෙන තැනක ඖෂධවේදියෙක් නවත්වනවා ඔවුන් දන්නවද දන්නේ නෑ එහෙම නැවැත්තුවාම එන්නත දෙන්න කාටවත් බැරිවෙනවා කියලා ඒ නිසා ඉගෙන ගන්න කියලා අපි කියනවා කරුණාකරලා සෞඛ්‍ය සේවාව කියන්නේ සමූහ සේවාවක් දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයත් රජයේ සමහරුත් හිතාගෙන ඉන්නවා සෞඛ්‍ය සේවාවේ දොස්තරලා විතරක් හිටියම ඇති කියලා අපිට ඔවුන් සමඟ ගැටළුවක් නෑ....

නමුත් මේ මනෝභාවයෙන් අයින්වෙන්න,කරුණාකරලා අපිට බාධා කරන්න එපා මේ නීති හදනකොට මේ ගැටළු හදනකොට අනිත් අයව අමතක කරන්න එපා ඔවුනුත් මේ සේවාව තුල විශාලකාර්යබාරයක් කරන බව අපි මතක් කරනවා මේ බාධාවන් ඉවත් උනේ නැත්තම් ඇත්තටම ඒ සම්බන්දයෙන් ප්‍රතික්‍රියා කරන්න සිද්ද වෙනඑක පොලිස්පතිවරයාට අපි මතක් කරන්න කැමති...