rosy-senanayake-speaks

කොළඹ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් මේ සමග පළවේ.


 ඉතින් මේ දවස් වල මොනවද වෙන වැඩ?

වැඩ කටයුතු නම් ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම කොරෝනා අපි මහපොළොවෙන් තුරන් කරන්න  කොරෝන පාලනය කරමින් නැවත වාරයක් අපේ ජීවිත යථා තත්ත්වයට පත් කරමින් රටක් සංවර්ධනය කරමින් ඒ වගේ ම දූ දරුවන්ගේ අධ්‍යාපනය නැවත වාරයක් යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය පසුබිම සකසා දීම ගොඩක් වැදගත්. ඊට අමතරව නගරයේ දියුණුව සම්බන්ධයෙන් විවිධ ව්‍යාපෘති ගණනාවක් දියත් කරනවා. කොළඹ නගරය කියන්නේ පොඩි වැස්සටත් යටවෙන නගරයක්. ඒක හේතු කරගෙන මධ්‍යම රජය එකක් ඒ වගේම අසියානු  සංවර්ධන බැංකු වත් එක්ක සහ ලෝක බැංකුවත් එක්ක ව්‍යාපෘති ගණනාවක් විශේෂයෙන්ම මල නළ පද්ධති යතා තත්ත්වයට පත් කරන්න ඒ අතරේ ජනතාවට තියෙන බැරෑරුම් ප්‍රශ්ණයක් තමයි පානීය ජලය ලබාදීම ජල ප්‍රවාහන අමාත්‍යංශ එක්ක පානීය ජලය ලබා දීමේ ව්‍යාපෘතියක් මේ වෙද්දි කරගෙන යනවා ඒ වගේම තව ව්‍යාපෘති ගණනාවක් කරගෙන යනවා.




මේ වසර එකහමාරක අලුත් රජය යටතේ ඔබගේ අත්දැකීම කොයි වගේද ?

මම අත්දැකීම් ඒ කිසි වෙනසක් දකින්න නැහැ. මට පූර්ණ සහයෝගය ලැබෙනවා ආණ්ඩුකාරතුමා ගෙනුත් කිසිම හැලහැප්පීම් වලින් තොරව .මොකද මම දේශපාලනය දිහා බලන්නේ වෙනත් කෝණයකින්. සමහරු දේශපාලනයට අවහම එ අය දේශපාලනය කරන්නේ තමාගේ පක්ෂයේ මතවාදය ගෙන යන පක්ෂ වාදී දේශපාලනය කරන බොහෝ දෙනෙක් ඉන්නවා.  මම විශේෂයෙන්ම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරු 119 දෙනාම දන්නවා .නගර සභාවේත් මම පක්ෂ දේශපාලන බැහැරව සියලු දෙනාටම එක හා සමානව සැලකිය හැකි මානසිකත්වයකින් විශේෂයෙන්ම මන්ත්‍රීවරු එකසිය දහදෙනාගෙම ඉල්ලීම් ඒ අයගේ අවශ්‍යතාවයන් සලකා බලනවා හොඳ ව්‍යාපෘති තිකියනවා නම් තමා නියෝජනය කරන .ජනතාව වෙනුවෙන් අපක්ෂපාතීව කටයුතු කිරීමේ හැකියාව මට තියෙනවා.  විශේෂයෙන්ම මූල්‍යමය ප්‍රතිපාදන බෙදාහැරීමේදී සහ අනෙකුත් ව්‍යාපෘති කරද්දි සියලු දෙනාටම එක හා සමානව සලකනවා .සමහර වෙලාවට මට චෝදනා තියෙනවා මගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙන් අපිට වැඩිය අනිත් පක්ෂවලට සලකනවා කියලා .ඒත් එහෙම එකක් නෑ .කවුරු හරි හොඳට වැඩ කරනවා නම් බිම් මට්ටමේ ජනතාවට සේවයක් වෙනවා නම් ඒක තමයි මට ඕනේ .මම දකින්නේ දේශපාලනඥයෙක් නායකයෙක් බවට පත්වුණාට පස්සේ තමා පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනාටම එක හා සමානව සැලකීමේ හැකියාවක් තියෙන ඒ විතරක් නෙමෙයි ජාතිවාද ආගම් වාද ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය තුළ දී එතනදී භේදයකින් තොරව කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි අපිට කළ හැකි ලොකුම දේ. ඒක තමයි නායකත්වය තුළින් අපි බලාපොරොත්තු විය යුතු .

සියලු අභිප්‍රායන් පිටුපස තියෙන්නේ අනාගතයට යමක් ඉතිරි කරන්න දරුවන් වෙනුවෙන් යමක් ඉතිරි කරන්න .නමුත් දරුවනුත් දැන් රට දාලා යන තත්වෙකට ඇවිල්ල තියෙනව. මොකද දෙමව්පියනුත් යම්කිසි බයකින් ඉන්නේ ආර්ථික අස්ථාවරත්වය හින්දා. ඔවුන්ට පුළුවන් තරම් පිටරට ගිහිල්ලා ඉගෙනගෙන සෙට්ල් වෙන්න කියන ඒ වගේ ආකල්පයක් තමයි තියෙන්නේ. ඒ පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

දේශපාලනයට එන්න එක හේතුවක් ඕක කිව්වොත් නිවැරදි . මමත් තරුණ වයසේදී එංගලන්ත ගිහිල්ලා අවුරුදු පහක් එන්ගලන්ත ජීවත් වෙලා ඉගෙනගෙන වැඩ කරන ගමන් එංගලන්ත විවාහ වෙලා ,විවාහ වුණේ අතුල ජයන්ත සේනානායක මගේ ස්වාමිපුරුෂයා සමඟ විවාහ වෙලා අපි දෙන්නම ලංකාවට අවා. මගේ හදවතේ තියෙනවා අපි මේ රටේ ඉපදුනේ දෙවියන් වහන්සේ අපිව මේ රටට දැම්මේ යම්කිසි සැලැස්මක් ඇතුව. ඉතින් අද විතරක් නෙමෙයි අතීතයේ මගේ සහෝදර සහෝදරියො ඉන්නවා විදේශගතව මම කනගාටු වෙනවා  උගත් බුද්ධිමත් පිරිස් මේ රටෙන් දොස්තරවරු ඉංජිනේරුවරු මේ රටේ නිදහස් අධ්‍යාපනය ලබාගෙන විදේශ රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් පෝෂණය කරන්න ඒ රටවල් ශක්තිමත් කරන්න, ඒ රටවල් සංවර්ධන  කරන්න දායකත්වය දෙනකොට යම්කිසි කණගාටුවක් මට තියෙනවා. සමහර අයට ජානමෙන් එන දක්ෂතා තියනවා. ඒවා උරගා බැලීමේ පසුබිමක් මේ රටේ දේශපාලනඥයෝ හදල දීල තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ . ඒ ෙහ්තු නිසා තමයි බොහෝ වෙලාවට දෙමාපියෝ පුතේ  මෙහෙ ඉන්නවට වැඩිය හොඳයි පිටරට ගිහිල්ලා ඉගෙන ගන්න කියලා කියන්ෙන්.  මගේ දරුවෝ තුන්දෙනත් මම මුල ඉඳලා කිව්වේ තාත්ති මමයි දෙන්නම ඕගොල්ලො උසස් අධ්‍යාපනයට වියදම් කරලා අධ්‍යාපනය ලබාදෙන්නම් තුන්දෙනාම විදේශගත වෙලා තමයි ඒගොල්ලොන්ගෙ උපාධිය ලබාගත්තේ .නමුත් ඒ උපාධිය ලබාගෙන නැවත වාරයක් ආපසු ලංකාවට ආවා. මම ඒ ගැන ජීවිතයට කොයි තරම් සතුටු වනාද කිව්වොත් අද තුන්දෙනා ලංකාවේ ඉන්නේ. නමුත් ඒක ලබා ගත්තේ දැනුම උපාධිය හෝ ඒගොල්ලන්ට ජානමෙන්ම ලැබිච්ච හැකියාවන් උරගා බලලා .මේ රට සංවර්ධනය කරන්න, ජීවිත සංවර්ධනය කරන්න ඒ ගැන ජීවිතය සාක්ෂාත් කරන්න පසුබිමක් තියෙනවද කියන එක සමහරක් වෙලාවට අම්මා කෙනෙක් හැටියට මමත් කණගාටු වෙනවා. ඒ පසුබිම තවමත් නෑ .අද උපාධිධාරීන් කීදෙනෙක් පාර ළඟ තාමත් බෝඩ් අල්ලගෙන කෑ ගහනවා ද ?ඒ දරුවෝ දකිනකොට ඒව තමයි මට ශක්තියක් වෙන්නේ මේ දේශපාලන ඉඳලා මං මේ වෙනස ඇති කරනවා කියන එක හැඟීම .උපාධියක් ගත්තා පමණින් රස්සාවක් ගන්න බැරි නම් මේ අවස්ථාවේදී තියෙන අධ්‍යාපන ක්‍රමය රැකියා ඉල්ලුම ට අනුකූලව නෙමෙයි හැදිලා තියෙන්නේ. යම්කිසි වෙනසක් අධ්‍යාපන ක්‍රමය වෙන්න ඕනි .මං මේ ගැන විවිධ අවස්ථාවලදී හඬ නගලා තියෙනවා .

අද ලෝකයේ සංවර්ධනය ගැන කතා කරනකොට තක්ෂණික වශයෙන් අලුතින් හිතිය හැකි තැනකට අපි යා යුතු තැනක් තිබියදී මුළු ලෝකෙම විශේෂයෙන්ම අද ලෝකෙ මායිම් ගම්මානයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ එහෙම ගම්මානයක නැනෝ තාක්ෂණය මුළු ලෝකෙම දියුණු වෙලා යද්දි අපි තවමත් අපේ සාමාන්‍ය පෙළ උසස් පෙළ කරලා, සාමාන්‍ය පෙළට වාඩිවෙන දරුවන්ගෙන්  50%ක් කඩා හැලෙනවා. ඒගොල්ලන්ගෙ අධ්‍යාපනය ඒතැනින් ඉවර වෙනවා. උසස් පෙළටත් ඒකෙ අල්ප ප්‍රමාණයක් ඇතුල් වෙන්නේ. අවුරුද්දකට ලක්ෂ තුනහමාරක් පළවෙනි වසරවලට ඇතුල් වෙනවා දළ වශයෙන් .විශ්වවිද්‍යාල ප්‍රවේශය අපිට තියෙන්නෙ 20 000- 25000 අතර විතරයි . එතකොට අර තුන් ලක්ෂ විසිපන්දාහක් මගහැරෙනවා.

අධ්‍යාපන ක්‍රමය පිරමීඩයක් වගේ. මෙහෙම පටන් ගෙන ඊට පස්සේ හැලී ගෙන යන ක්‍රමයක් තියෙන්නේ .මේවා තමයි තියෙන ප්‍රශ්.න මේ හේතු නිසාම තමයි දෙමව්පිය හදන්නේ අපි පුලුවන්නම් ජාත්‍යන්තර පාසලකට දාලා දරුවා උසස් අධ්‍යාපනයට විදේශ ගත කරන්න. මොකද ඒගොල්ලෝ දන්නවා ලක්ෂ තුන හමාරක් ඇතුල් වෙන ඒ අයට විශ්වවිද්‍යාල අවස්ථාවන් එනකොට ඉසෙඩ් ස්කෝර් එකෙන් හැලුනොත් උසස් අධ්‍යාපන කරගන්න බැරි උනොත් වෙන ප්‍රවේශයක් නෑ. ඒ නිසා අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි. ප්‍රතිසංස්කරණය කළ යුතුයි. රටේ සහ ලෝකයේ තියෙන රැකියා ඉල්ලුමට  අනුකූලව සැකසිය යුතුයි .



ඒත් එක්කම අපි දකිනවා දේශපාලන භූමිකාව තුළ මේ ප්‍රතිසංස්කරණය කිරීමට යෞවන විසින් ඒ දිරිගැන්වීමත් අවශ්‍යයි කියලා ඒ පිළිබඳව ඔබේ අදහස මොකක්ද?

 මං කියන්නේ තරුණ තරුණියන්ට දේශපාලනය සමහර වෙලාවට මේ වෙනකොට බොහෝ දෙනෙක්ට පිළිකුල් දෙයක් බවට පත්වෙලා තියනවා .ඒ අපි මතුපිටින් බලන කොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හැසිරෙන ආකාරය නිසා. සමහරෙක් හැමෝම නෙමෙයි .ඒ වගේ හේතුකාරක හේතු කරගෙන ඒවායින් පසු බහින්න එපා . සැබැවින්ම තමාගේ රට දැයට ආදරයක් තියෙනවා නම් මම ඉස්සරහට ගිහිල්ලා වෙනසක් කරනවා කියලා එක පුද්ගලයෙක්ට තනියෙන් නැගිටින්න පුළුවන් නම් මේක පක්ෂ පාට භේදයකින් තොරව කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ. මම තරුණ තරුණියන්ට කියන්නේ තමාගේ දැනුම .තමාගේ බුද්ධිය තමයි ගැන ඉගන ගත් දෙයක් එක්ක රට දැයට ඇවිත් විශේෂයෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස් කළ යුතු තැන් වෙනස් කිරීමට හඬක් වෙන්න. හැබැයි අද මං බොහෝ දකින්නේ බොහෝ වෙලාට සමාජ මාධ්‍ය ජාල හරහා තව කෙනෙක්ව හෙළා දකින ඒවා. මෙහෙම දරුවො හදනවා කියලා සමහරවිට මට දෙමව්පියෝ ගැන කලකිරීමක් ඇතිවෙනවා. මෙවැනි මානසිකත්වයකින් යුතු පුද්ගලයන් හැදෙනවද කියලා .මේ රටේ අපිට කෙනෙක් ගැන හොඳක් කියන්න බැරිනම් කට වහගෙන ඉන්න එක ඩාත් සුදුසුයි. ක්‍රියාත්මක නොවෙන එක වඩාත් සුදුසුයි. විවේචනය සාධනීය විවේචනයක් නොවේ නම් විවේකය වඩාත් සුදුසුයි .තමාට කෙනෙක් ගැන සාධනීය ලෙස විවේචනය කරල ඒ කෙනාට හොඳක් කරන්න පුළුවන් නම් මිසක් අද මම දකිනවා cyber-bullying කියන්නේ වල්පල් ලියල කෙනෙක්ව හෙළා දැකලා තියනවා. අපි එච්චරටම පහත් සමාජයක් බවට පත් වෙලා ද කියන එකත් සමහර වෙලාට මට ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම මිත්තනියත්. දැන් මට පුංචි මිණිබිරියක් ඉන්නවා. මගේ මිනිපිරියගේ අනාගතය ගැන ඇත්තටම මට හරි බයක් දැනෙනවා.


මම කියන්නේ සමාජය හැදිය යුතු තැන් ගොඩක් තියෙනවා .තරුණ තරුණියන්ට පුළුවන් අවංකවම හොඳ ප්‍රතිපත්තියක අධිෂ්ඨාන පූර්වකව සාජම සාරධර්ම වලින් පිරිච්ච තමා මොන ආගමකට හෝ ධර්මයකට තමාගේ ආගම ධර්මය තමන්ගේ හදවතට කවද්දා ඉන්න කිසි කෙනෙක්ට වදිරන්නෙ නැහැ .බෞද්ධ ක්‍රිස්තියානි හින්දු වේවා ඉස්ලාම් වේවා තමන්ගේ ආගම ධර්මයට අනුකූලව කටයුතු කරනවා නම්  තව කෙනෙක්ගෙ ජීවිතේ හානි කරන තත්වෙට යන දේවල් වචනයකින් හෝ කරන්නේ නෑ. ඒක නිසා නිකරුනේ වැඩක් නැත්නම් තමාගේ ආගම දහමට යොමු වෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ .හැබැයි තරුණ තරුණියන්ට මම කියන්නේ කරුණා කරලා ඉදිරියට එන්න තමන්ගේ සමාජයේ ක්‍රීඩා සමාජයේ වෙන්න පුළුවන් ඒව තුළින් සමාජයට වෙනසක් ඇති කරන්න ඉදිරියට එන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ .දේශපාලනේට අවංක මිනිසු අවශ්‍යයි .ජනතාවට සුබවාදී ව සිතිය හැකි සානුකම්පිත හදවත් තියෙන පිරිස් වෙන්න ඕනේ.

ජාතික මට්ටමෙන්  නැවත දේශපාලන භූමිකාවට අවතීර්ණ වෙන්න ඔබට අදහසක් තියෙනවද?

 ජාතික මට්ටමෙන් නම් මගේ අදහසක් නැහැ. මම ජාතික මට්ටමෙන් දේශපාලනය කරලා ජාතික මට්ටමේ දේශපාලනය ගැන පොඩි කලකිරීමට පත් වෙච්ච කෙනෙක්. ඒකට ප්‍රධානතම හේතුව තමයි අවුරුදු විස්සක් පුරාවට අපි විපක්ෂය හිටියා. තරුණ වයසේ ද දැනගෙන හිටපු එක්සත් ජාතික පක්ෂය ප්‍රබල පක්ෂයක්. මේ රටට විශාල සේවයක් කරපු පක්ෂයක් .විශේෂයෙන්ම නිදහස ලබා දුන්නා වගේම මේ සියල්ලම ලබා දීපු පක්ෂයක් හැටියට මම බලාපොරොත්තු වුණා අපි 2015 බලයට එනකොට ඒ වගේ විශාල දැවැන්ත වැඩ කොටසක් කරයි කියලා. විපක්ෂ කාල පරාසය පුරාවටම මමත් ප්‍රබල ක්‍රියාකාරී එක්සත් ජාතික පක්ෂ කාන්තාවක් හැටියට මම එවකට හිටපු ආණ්ඩු පක්ෂ විවේචනය කරමින් වේදිකාවක් වේදිකාවක් ගාණේ ගිහිල්ලා කටයුතු කරපු කෙනෙක්. අපි බලයට ආවහම අපෙත් ඒගොල්ලොන්ගෙ අතරේ වෙනසක් තිබ්බා කියන හැඟීම ආවා. අපි මේ ඔක්කොම එකයි නේද කියන හැඟීමක් ඇති වුණා .අපි අවුරුදු පහ බලය තුල ඉන්නකොට අපි මොකක්ද කරේ .මට මතකයි මම කීප විටකදීම පෙර පාසල් අධ්‍යාපනයේ ජාතික නිදහස් අධ්‍යාපනයට ඇතුළු කරන්න කියලා ඉල්ලුම් කරා අනන්ත අප්‍රමාණව .ඒවට ඇහුම්කන් දුන්නේ නැ.

 පෙර පාසල් අධ්‍යාපනය කියන්නේ අතිශයින්ම මනුෂ්‍ය ජීවිතයේ වැදගත්ම කාල පරාසයක්. පලවෙනි අවුරුදු පහ මුල් ළමාවිය සංවර්ධනය මුල් ළමාවිය අධ්‍යාපනය මුල් ළමාවිය පෝෂණය කියන්නේ අතිශයින්ම වැදගත් කොටසක්. මේ අවස්ථාවේදී දින සීයේ ආණ්ඩුවේ ළමා කටයුතු ඇමතිනි විදියට හිටපු අවස්ථාවේදී මම හඳුනාගත්තා මේ රටෙන් 36% පෙර පාසල් යා යුතු ළමයි පෙර පාසල් යන්නෙ නෑ දුගී දුප්පත්කම හේතු කරගෙන. පෙර පසල් යන කොටසනුත් හරි පෙර පාසල් අධ්‍යාපනයක් ලැබෙන්නේ 5%කට හෝ 10% පමණයි .අනිත් අය ඔහේ ඕනෑම විෂය පද්ධතියක් තමා ගේ පළාතෙන් ලැබිච්ච එකක් හෝ ඒ වගේ හැමතැනම පෙර පාසල් තියෙනවා. මොනම උගන්නනවද කියලා කියන එක ගැන ප්‍රශ්නයක් තිබ්බා .මට ඕනේ එක විෂය පද්ධතියක් මනෝවිද්‍යානුකූලව ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුක්තව ඒ අවුරුදු පහේදී ලැබිය යුතු අධ්‍යාපනයක් ළමයින්ට ලබා දෙන්න. මම එකට ලෝක බැංකුවත් එක්ක සාකච්ඡා කළා. මිලියන 50 ක ආධාර ලබා ගත්තා .පෙර පාසල් අධ්‍යාපනය ශක්තිමත් කරන්න. ඒ අතරතුරේ දී මම හිටපු අගමැතිතුමාටත් අධ්‍යාපන ඇමැතිටත් කිව්වා පෙර පාසල් අධ්‍යාපනය ජාතික අධ්‍යාපනයට ඇතුල් කරගන්න කියලා. ඇතුල් කරගෙන එක විෂය පද්ධතියක් යටතේ ඉගැන්නුවේ නැත්තං සමහරුන්ට අසාධාරණයක් සිද්ධ වෙන්නේ.

මොලය වර්ධනය තුළින් තමයි අනාගත වැඩදායි ඵලදායි සේවක සංඛ්‍යාවක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ .ඉතිං එහෙම හදාගන්න නම් අපි සාක්ෂරතාවයෙන් ඉහළ තැනක ඉන්නවා කියලා දකුණු ආසියාවෙන් අපි ඔළුව උදුම්මවා ගත්ත කියලා අපි ඇත්තටම රැකියා අවස්ථා වලදී ඵලදායි සේවක සංඛ්‍යාවක්ඉන්නවා ද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒවගේ මම හුඟක් කලකිරුණ අවස්ථා දැක්කා .වෙනස් විය යුතු තැන් වෙනස් වුණේ නැහැ. අපි වේදිකාවල කියපු දේවල් සිදු වුණේ නැහැ. ඉතින් අපිත් බොරුකරයන් බවට පත් වුණා .මම නැවත වාරයක් ජනතාව ඉදිරියට ගිහිල්ලා ඒ බොරුව කරන්න බැහැ  .ඒ නිසාම තමයි මම ජාතික දේශපාලනයෙන් ඈත් වෙලා මම හිතුවා මට මේ වපසරිය ඇතුළත නගර සීමාව ඇතුළත විශේෂයෙන්ම කොළඹ නගර සභා මහ නගර සභාව ගත්තොතින් ලක්ෂ 7 කට කිට්ටු ජනකායක් ජීවත් වෙනවා. ඒ 60% ක්ම අඩු ආදායම් ලාභී ඉතාමත්ම දුෂ්කර පරිසරයක් යටතේ ජීවත්වෙන සමහරුන්ට හරියට නිවාස පහසුකම් නෑ, සමහරුන්ට පානීය ජලය නෑ, සනීපාරක්ෂක පහසුකම් නෑ ,මේවත් එක්ක පොඩි වැස්සටත් නගරයේ යට වෙනවා . ඒ වගේම සමහර දෙමව්පියන්ගේ දරුවන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා තියෙනවා .කාන්තාවන්ට තමන්ගේ ජිවන උපාය මාර්ගයක් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් නෑ .රැකියා අවස්ථාවක් .නගරයේ තව දියුණු වෙන්න බොහෝ දේවල් තියෙනවා .ඉතින් මට හිතුනා මෙතන හිටගෙන යමක් සමාජයට කරන්න පුළුවන් කියලා. මට තව කෙනෙක්ව ගිහිල්ලා විවේචනය කර කර ඉන්න බෑ .ඉතින් මට ඒවායින් බැහැරව පුළුවන් නම් කොළඹ නගරය දකුණු ආසියාවේ හොඳම නගරය බවට පරිවර්තනය කරන්න අවශ්‍ය කරන යටිතල පහසුකම් සකසා ගන්න එක තමයි වැදගත් වෙන්නේ.


මම කියන්න ඕන ජාතික මට්ටමේ හොඳ දේශපාලනය කරන  අවංකවම දේශපාලනය කරන ඉදිරිපත් වෙලා ඉන්න බොහොමයක් ඉන්නවා. ඒ අයට ඒ දේ කරන්න අවස්ථාව ලබා දෙනවාද කියන එකත් තමයි තියන ප්‍රශ්නේ. මම විශ්වාස කරන්නේ ජනතාව තමා දේශපාලන පක්ෂයක් හෝ කෙනෙක්ව හෝ තෝරනකොට හොඳට හිතලා බලලා බුද්ධිය අවංකභාවය ඒ වගේම සහනුකම්පිත හදවතක් තියෙන කණ්ඩායම් කවුද කියලා බලන්න .



මම කැමතියි මොහොතක් ඔබේ අතීතයට යන්න දේශපාලන වේදිකාවේ වගේම ලෝකෙ වටේ ඔබ විශාල ගණනාවක් රටවල්වල සංචාරය කරලා තියෙනවා ඔබගේ කිරුළත් එක්ක ඒ අත්දැකීම ගැන කිව්වොත් ?


මම හිතන්නේ එක ඉතාමත් සුන්දර අත්දැකීමක්. තරුණ වයසේදී අපේ තියෙන අභිප්‍රායන් අපේක්ෂාවන් වෙනස්. ඊට පස්සේ තව ටිකක් ජීවිතය මුහුකුරා යනකොට මවක් උනාම පවුලක් උනාම එතකොට එක වෙනස් වෙනවා විටෙන් විට .අපේ ජීවිත වල අපේ අභිප්‍රායන් අපේ ඉලක්ක වෙනස් වෙමින් පවතිනවා. සමහර වෙලාවට අපේ ජීවිතේ පටන්ගත්ත් දවස ඉඳලම ඉලක්ක කරා යන්න අවුරුදු ගණනාවක එවැනි සුන්දර අවස්ථාවන් ගණනාවක් පසු කරගෙන මම ඇවිත් ඉන්නේ. ලෝක විවාහක රූ රැජින තරගය ඒ වගේම ආසියාතික රූ රැජින තරඟය ඒවායින් ලබා ගත් අත්දැකීම් මට මම හිතන්නේ පසු කාලීනව දේශපාලනයට ඒවා යොදවා ගැනීමටත් අවස්ථාවක් වුණා .ඒවාගෙන් මහකොමසාරිස් හැටියට මැලේසියාවේ කරපු සේවය ඒ වගේම විශේෂයෙන්ම මිත්‍රත්ව තානාධිපතවරිය හැටියට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කරපු සේවය තුළින් මට හැකිවුණා ලෝකයේ විවිධ රටවලට පවා  ජිනීවා විවිධ රටවල් වලට යන්න .විවිධ ප්‍රබල පුද්ගලයින් මුණගැහෙන්න.තවත් මිත්‍රත්ව තානාධිපතිවරු වෙච්ච angelina jolie, මයිකල් ඩග්ලස් ඒ වගේම මොහොමඩ් අලි මගේ තාත්තා ආසම කරපු බොක්සිං ක්‍රීඩකයෙක්. මේ වගේ ලෝකෙ දෙස් විදෙස් මං හිතන්නේ මට බොහෝ අයව මුණ ගැහිලා ඒ අත්දැකීම් වගේම සමහර තැන්වලදී සේවය කරන්නත් අවස්ථාව ලැබුණා. ඉතින් ඒව මම ඇත්තටම මගේ ජීවිතේ ධනාත්මක අත්දැකීමේ හැටියට දකින්නේ ඒවා හරි සුන්දරයි.

 

ඔබගේ mrs world ලෙස සුන්දරම අත්දැකීම මොකක්ද?

මමඅසුන්දර මතකෙන්  පටන් ගන්නම් ඉස්සෙල්ලා .මම මගේ පුතාට මාස නමයයි මම යද්දි . මට එයාව දාලා යන්න පුදුම දුකක් තිබුණේ .සති 4ක් 5ක් හිටියා mrs world එක දිනලත් මට සති ඉන්න වුණා . මම ගිෙය් දවස් පහක් හයක්  පරක්කු වෙලා. ඒ අවස්ථාවේ ඒ කාලේ ජංගම තිබ්බෙ නෑ. පරිගණක ලැප්ටොප් ඒ මොකුත් නෑ මම හැඬූ කඳුළින් මා එතැන හිටියේ .ඒක තමයි අසුන්දර කතාව. දින්නට පස්සේ අතිශයින්ම සුන්දරයි. අවුරුදු 36 පුරාවටම මම mrs world එකත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒක කවුරුත් දන්නෙ නෑ .ඒ අවුරුද්දෙම මම ඇමෙරිකාවත් ලෝකෙ අනිත් රටවලුත් සංචාරය කළා ඇමරිකාවේ ප්‍රාන්ත 50 ට ම මට යන්න අවස්ථාවක් ලැබුණා. ඒ වගේම ජාත්‍යන්තර තරඟ වලට විවිධ උත්සවවලට යන්න ලැබුණා. සමා මාධ්‍ය හරහා විශාල ලෙස ශ්‍රී ලංකාවට ප්‍රබල ලෙස මම හිතන්නේ ශ්‍රී ලංකාව ගැන හැඳින්වීමක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට ලැබිය යුතු ප්‍රතිචාරය ලැබෙන්න mrs world ඉවහල් වුණා. අපි ගියාම මම අතුලයි දරුවෝ ඒ ගියාම අපි පවුලක් හැටියට ඒ හරිම සුන්දරයි ඒ අවස්ථාව. මට ඒ මතකයන් එනකොටත් ඇත්තටම හරිම සතුටුයි. මෑතකදී mrs world ඒක ඉන්දියාවේ තියෙන කොටත් විනිශ්චය මණ්ඩලයට මට ආරාධනා කළා .ඊශ්‍රාලය තියෙනකොට මට ආරාධනා කළා. මේ හැම අවස්ථාවකදීම විශාල සුන්දර අත්දැකීම්. ඒ වගේම තමයි miss asia pacific එකත් එකෙත් අදටත් missworld එකේ තරග වැදිච්ච මාත් එක්ක මිස් ඇමරිකා මිස් ඕස්ට්‍රේලියා අපි කතාබහ කරනවා .අපි facebook ඉන්නවා. miss world එහෙමයි miss asia pacific එකේ අය තාමත් හම්බ වෙනවා සමහර වෙලාවට එක එක රටවල දී මුණ ගැහෙනවා ඉතින් එ විදියට තියෙනවා ඒවා හරි සුන්දර බැඳීම් සුන්දර අත්දැකීම්.

 
ඒවගේම ඔබගේ රූපය පමණක් නෙමෙයි සන්නිවේදන හැකියාව ඔබගේ පෞරුෂත්වය මේ හැම දෙයක්ම පෙරමුණට ගෙන ඔබ   mas media communication වගේම කලාවත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා සහභාගි වෙලා තියෙනවා ජනමාධ්‍ය එකත් කඩලා තියෙනවා කොහොමද ඒ අත්දැකීම?

මම කාන්තාවක් හැටියට පසුබිම් ගණනාවකින් ඇවිත් තියෙනවා .මම කලාවට සම්බන්ධ වෙලා තියෙනවා .මම චිත්‍රපටි කිහිපයක රඟපාලා තියෙනවා. ඒ වගේම තමයි මට දේශපාලනයට ගොඩාක් ඉවහල් උන කරුණක් තමයි මම ජීවිතයට ඉඩ දෙන්න කියන වැඩසටහන. මම සිරසට මේ අවස්ථාවේදී හිස නමා ආචාර කරනවා .ඒ වගේම Rajamahendran මැතිතුමාට මගේ ස්තූතිය පුද කරන්න ඕනේ මොකද මම දේශපාලනික වශයෙන් පසුබිමේ හිටියට ගොඩ දෙනෙක් හිතුවේ මම රූප රජිනියක් විතරයි කියලා. මගේ හැකියාවන් ගැන ඇත්තටම ගොඩ දෙනෙක් දැනුවත් වෙලා හිටියෙ නැහැ .නමුත් මම කවුද කියන එක හදුන්වාදෙන වේදිකාවේ පසුබිම ලැබුනා මට ජීවිතයට ඉඩදෙන්න කියන වැඩසටහන .ඉතින් මේ වැඩසටහන මට ගොඩක් ඉවහල් වුණා මගේ දේශපාලන ජීවිතේට මම හිතන්නේ මේ අත්දැකීම් ඔක්කොම ගොඩක් වෙලාවට පසුබිමක් උනා වගෙ දේශපාලන ජීවිතයට .

අනිත් එක තමයි මම මිත්‍රත්ව තානාධිපතිවරියක් විදියට  කටයුතු කරනකොට එක්සත් ජාතික සංවිධානයේ මට ලංකාව පුරා නව යොවුන් වයසේ දරුවෝ එක්ක විශේෂයෙන්ම ප්‍රජනක සෞඛ්‍ය සම්බන්ධයෙන් සම්බන්ධ සාකච්ඡා කරා. ඒගොල්ලන්ගෙ අදහස් ඒගොල්ලොන්ගෙ ජීවිතේ අත්දැකීම් ලබා ගන්න මට පුළුවන් වුණා. ඒකත් එක අතකින් මට ඉවහල් වුණා මගේ දරුවා එතකොට ගොඩක් පොඩි. මගේ දරුවන්ව හැඩගස්වා ගද්දි අම්මා කෙනෙක් හැටියට මම මොන පැතිකඩ ගැන ද සැලකිලිමත් විය යුත්තේ කියල මම තේරුම් ගත්තා .ඒවත් මම හිතන්නේ හොඳ අත්දැකීම් හැටියට මම දකිනවා.

ඔබ මේ ඇවිල්ලා ඉන්න ගමන ගැන ආපස්සට හැරිලා බැලුවොත් ඔබට එක දෙයක් වෙනස් කරන්න පුළුවන් නම් එහෙම වෙනස් කරන්න දෙයක් තියෙනවද?

 වෙනස් කරන්න ගොඩාක් දේවල් තියෙනවා .මම එක් අතෙකින් හිතෙනවා මං මෙච්චර දේශපාලනයට මගේ කාලේ ශ්‍රමය වැය කරලා,  මෙහෙමයි අපි ගොඩක් වෙලාවට හිතන්නේ හෙට අපිට මේක කරන්න පුළුවන් නේද අනිද්දා අපිට මේ කරන්න පුළුවන් නේද කියලා. මගේ ස්වාමිපුරුෂයින් මගේ පවුලත් එක්ක ගත කරන කාලේ තව එක ටර්ම්  ඒකක් කරල මම retire උනාම අතුලත් එක්ක අපි යනවා holidays යනවා. ෙලාක සංචාරක කරනවා. holiday house එකක් අපි හදලා මෙහි ජීවත් වෙමු අපි මේ හැම දෙයක්ම හෙටට කල් දානවා. නමුත් අතුල මගේ ජීවිතේ නැති වුණාට පස්සේ මම කල්පනා කරා මං මේ කරපු හැම දෙයක්ම ප්‍රතිඵල තියෙනවද අන්තිමට මගේ ස්වාමිපුරුෂයා එක්ක ළමයි එක්ක ගත කරන්න තිබ්බ කාලේ ජනතාව වෙනුවෙන් මේවා කරලා ජනතාවගෙන් සමහර වෙලාවට ලැබෙන ප්‍රතිචාර හොඳ නැහැ. විශේෂයෙන්ම තමන්ගේ චරිත ඝාතනය කරනකොට අනවශ්‍ය බොරු දේවල් හදලා කතා කරනකොට පොඩි කලකිරීමකුත් තියෙනවා මට තිබ්බ නේද මීට වැඩිය මෙතැනට  යොමු වෙන්නේ නැතුව මෙතන ඉඳගෙන අතුල බලාගන්න .එහෙම මට හිතෙනවා.

 මම හැමෝටම කියනවා තමාගේ පවුලත් එක්ක කාලෙ ගත කරන්න. මොකද මොන මොහොතේ කොයි මොහොතේ අපිට අපේ සමහර සමාජිකයින් නැති වෙයිද කියන එක හිතන්න බැහැ .ජීවිතේ කියන්නේ එච්චරටම අවිනිශ් දෙයක් .නිශ්චිත දේ ජීවිතේ මරණය. අපහු හැරිලා බලද්දි අපස්සට මට මගේ චූටි දූ නැතිවුණා. ඒ වගේ අවස්ථාවන් ගැන මම කනගාටු වෙනවා .එතකොට නමුත් මම දේශපාලන හිටිය නැහැ. නමුත් දේශපාලනික වශයෙන් බලනව නම් වෙනස් කරන්න පුළුවන් දේවල් හැටියට මම දකින්නේ මේ රටේ ජනතාවගේ මානසිකත්වය සහ හිතන විදිය ආකල්ප, කාන්තා ප්‍රතිරූපය බලන හැටි කාන්තාවට නිසි තැන සම තැන ලැබිලා තියෙනවාද කියන එක ප්‍රශ්නාර්ථයක්. දේශපාලනයේදී විශේෂයෙන්ම පවුල් පසුබිමක් දේශපාලන තිබ්බ නැති නිසා තනිවම මම මේ ගැරහීම් උත්සාහයේදී ගැරහීම්වලට ලක්වීම් පසුබෑමට ලක් වීම් කාන්තාවක් වූ පමණින්ම මට තනතුරු නොලැබීම ඒ වගේ අවස්ථාවන් අනන්තයි අප්‍රමාණයි. ඉතින් කාන්තාවක් පවුල් පසුබිමකින් එන්නේ නැත්නම් දේශපාලනික වශයෙන් ඉදිරියට යන්න මේ සමාජය තුළ අමාරුයි .කාන්තාවක් කොච්චර දක්ෂ වුණත් ඡන්දෙ දෙනකොට කාන්තාවක් කාන්තාවකට ඡන්දෙ දෙන්නෙ නෑ. කාන්තාවන් ඡන්දෙ දෙන්නෙ හයියෙන් කෑ ගහන ලොකුම වාහන වැඩිපුර මිල මුදල් වියදම් කරන එවෙලෙට මොන හරි බොරුවක් කියලා යන අයට. ඉතින් අපේ මේ දේශපාලනය කියන්නේ දේශපාලනඥයන්ට තියෙන ප්‍රතිරූපය අපිට තියෙන මානසිකත්වය ආකල්පමය වෙනස් විය යුතුයි. කාන්තාවකගේ ශක්තිය උරගා බලන්න තමන්ගේ ගෙදර මෑණියන් දිහා බලන්න .ඒ අය සමහරු ගෘහය තුළ විඳින වේදනාව හිංසනය දුක්ගැහැට මැද්දේ තනි පවුලක් නඩත්තු කරමින් රැකියාවටත් යනවා. ගෙදර වැඩ කරනවා, දරුවන්ගේ ඇඳුම් හෝදනවා, පොත පතටත් යොමු වෙනවා කොච්චර වෙහෙසෙනවද? ඒවට ශක්තිය තියෙනවා නම් එ අයට සමාජය දේශපාලනය කිරීමේ ශක්තියකුත් තියෙනවා.


ඉතිං ඔබ මේ කොවිඩ් වසංගතය ගැන මොකක්ද ඔබට අපේ ජනතාවට කියන්න තියෙන්නේ ?


මට කියන්න තියෙන්නෙ මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකරලා තුන්වෙනි රැල්ල භයානක රැල්ලක් බවට බවට පත් වීමට ඉඩ නොදී අපි මේ තුන්වෙනි රැල්ලෙන් මිදිලා අපි විශේෂයෙන්ම ජාතික සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් සෞඛ්‍ය ඇමතිතුමියගේ නිර්දේශ වලට අනුකූලව මුඛ ආවරණ පැළඳිය යුතුයි.  දුරස්ථභාවය තබා ගත යුතුයි. අනවශ්‍ය ගමන් බිමන් යාම අනවශ්‍ය සාද අනවශ්‍ය ලෙස මුණගැසී ඒ සේරම නවත්තන්න. මේවායින් බැහැර වෙන්න. විශේෂයෙන්ම රැකියාවට යන පියා මාව වෙන්න පුළුවන් ගෙදර ඒද්දි අත් හෝදලා හොඳට පිරිසිදු වෙලා ඒගොල්ලො කිට්ටුවට යන්න .අපි ආරක්ෂා උනේ නැත්තං රජයේ කුමන වෑයමක් දැක්වුවත් වැඩක් වෙන්නේ නැහැ.