sajith-nalin-bandara-covid19

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතාට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.





සිය ෆේස්බුක් ගිණුමේ ඒ පිළිබඳව සටහනක් තබමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටින්නේ, පසුගිය දිනවල ඔහුව ආශ්‍රය කළ පුද්ගලයන්ට නිරෝධායනය වන ලෙසත් අවධානයෙන් සිටින ලෙසත් ය.

 පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ ජලනි ප්‍රේමදාස
මහත්මියට ද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර මුජබර් රහුමන් මන්ත්‍රීවරයාද ඊට පෙර ආසාදනය විය. නලින් මේ අයගේ ආශ්‍රිතයෙකු විය.