sajith-premadasa-cctv

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදවලට අනුගත වන්නැයි කොරෝනා ආසාදිත විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතාට ආශ්‍රිත වූ සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම්දීමට පියවර ගෙන ඇතැයි චේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.  



විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ මන්ත්‍රීවරුන් සොයාගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සී.සී.ටී.වී. කැමරා පද්ධති පරික්ෂා කිරීම ඊයේ (23) ආරම්භ කළ බව ද වේත්‍රධාරිවරයා කීය.  සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ ගමන් ගත් ස්ථාන පිළිබඳව ද චේත්‍රධාරිවරයාගේ අවධානය යොමුවී ඇත. වයිරසය ආසාදනය වූයේ කෙසේ දැයි ප්‍රශ්නයක් බවත්, පාර්ලිමේන්තුව අසල පැවැති උද්ෙඝා්ෂණ ව්‍යාපාරයේදී ඔහුට වයිරසය ආසාදනය වූවා දැයි සැකයක් මතුව ඇති බවත් පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

මේ අතර, විපක්ෂ නායකවරයාට ආශ්‍රිත වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් කොරෝනා පරීක්ෂණවලට ඊයේම යොමු වුණු බව එම පක්ෂ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.

සමගි ජන බලවේගලයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ද කොවිඩ් වයිරසය ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට පසුගියදා ඇතුළත් කරනු ලැබීය.  තමාගේ තත්ත්වය දැන් යහපත් බව මුජුබර් රහුමාන් මහතා පැවැසීය.


-සුජිත් හේවාජුලිගේ -