sajith-statement

මෙරට ජීවත්වන ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති පිරිස් වෙත එන්නත්කරණය සිදුකරන ලෙස දැනට කොරෝනා ආසාදිතව නිරෝධායනය වන විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලීමක් කර තිබෙයි.



කොවිඩ් වසංගතයෙන් බලවත් පීඩාවකට සහ අසාධාරණයකට පත්වු පිරිසක් ලෙස ඔවුන් හැඳින්විය හැකි බව පවසන විපක්ෂ නායකවරයා එන්නත්කරණ ලැයිස්තු සඳහා එම පිරිස් ඇතුළත්ව නොමැති බවත් ඔවුන්ගේ ජීවන මාර්ග පවා මේ වන විට බිඳ වැටී ඇති බවත් පෙන්වා දෙයි.

එබැවින් කොරෝනා ව්‍යසනයේ බරපතළ තත්ත්වය ආබාධිත හා විශේෂ අවශ්‍යතා ඇති පිරිස භුක්ති විඳිමින් සිටින බවත් සාමාන්‍ය පුරවැසියන් හා සම අයිතිවාසිකම් මෙන්ම වරප්‍රසාද ඔවුන්ට හිමිවිය යුතුව ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එවන් පිරිසකගේ සුරක්ෂිතාව වෙනුවෙන් නිසි පසුබිමක් සලසා දීම රජය සතු වගකීමක් වන බව ද හෙතෙම පෙන්වා දෙයි.