තමන් විසින් යොමු කළ පිරිසකට එන්නත ලබාදීමට ප්‍රමුඛත්වය දිය නොහැකි බවට ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය ප්‍රකාශ කිරීමෙන් පසු ගැටලුකාරී තත්වයකට මුලපිරූ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු සිය මතයේ තවමත් සිටින අතර ඔහු සිදු කර ඇත්තේ අසාධාරණ ක්‍රියාවක් බව පිළිනොගනී.
ඔහු පවසන්නේ ඔහුව ආදර්ශයට ගෙන කුරුණෑගල එන්නත්කරණ වැඩසටහනද ක්රියාත්මතකවූ බවයි. ඒ අනුව ජොන්ස්ටන් ඇමතිතුමා ටෝකන් 500 බැගින් 20 තැනක එන්නත් ලබාගන්නට තම පාක්ෂිකයින්ට ලබාදී ඇති බවත් එම ක්‍රමය තමාගෙන් ඉගෙන ගෙන ඇති ආදර්ශමත් වැඩසටහනක් බවත්ය.
0 Comments