sangeetha-weerarathne-speaks

●අපි කතා කරන්න යන්නෙ අපේ ආදරණීය චරිතාංග රංගන ශිල්පිණියක් වන සංගීතා වීරරත්න එක්ක....ඇයගේ හිතට එකඟව ඇත්තම ඇත්ත  දැනගන්න...ආයුබෝවන් ඔබට....මුලින්ම අපට කියන්න ඔබගේ උස කොච්චරද...?
                           ''අඩි පහයි අඟල් පහ මාරයි....''


●මේ ක්ෂේත්‍රයේ ඔබට ඉන්න හිතවතුන් හිතවතියන් කවුද....?
                    ''NGBC කියලා GROUP එකක් තියෙනවා අපේ....ඒක එකක් හැටියට ගත්තොත් ඒ NGBC GROUP එක තමයි මුලින්ම...ඒ GROUP එකෙන් පිට ඉන්න ජීවන් අයියා,දිල්හානි....''
●ඔබට උයන්න පුළුවන්ද....?
                   ''පුළුවන්....''
●මොනවද රසටම උයන්න පුළුවන් ව්‍යංජන තුන...?
            ''කවුද කිව්වේ මට ව්‍යංජන උයන්න පුළුවන් කියලා මම කිව්වේ මට උයන්න පුළුවන් කියලා....''
●හරි ඒනම් උයන්න පුළුවන් මොනාද....?
               '' පැණි රස දේවල්.....අතුරුපස....මට චොකලට් බිස්කට පුඩිං හදන්න පුළුවන්,milk toffee හදන්න පුළුවන්,.....''
●ඔබ ඉතාම රුවැති ජනප්‍රිය ශිල්පිණියක් ඒ කාලේ තරුණ නළුවෝ කී දෙනෙක් විතර පිටිපස්සෙන් ආවද...?
           ''විවාහක නොවු හැම දෙනාම....''
●ඒ වගේම ඔබේ හිතේ පොඩි crush එකක් තිබිච්ච නළුවෙක් හිටියද ඒ කාලේ...කියන්න පුළුවන්ද...?
                  ''ඔව්....නෑ ඕන නෑ.....මගේ යාළුවෝ දන්නවා මම කිව්ව group එකත් දන්නවා...ඒ ඇති....''
●ඔබේ ආදරණීය සැමියා ඔබව පිස්සු වට්ටන,කැමතිම නැති ගුණාංග තුනක් කියන්න බලන්න....?
              ''මගේ වැරැද්දක් තියෙනවා කියමුකෝ දිගින් දිගටම ඒ වැරුද්දම මට පෙන්නනවා,මම දන්නවා මම වැරදි කරනවා කියලා,මම මහතයි කියලා හිතමුකො සංගීතා gym යන්න,සංගීතා gym යන්න කියනවා මම යන්නේ නෑ...එතකොට එපා වෙනවා ඒක කරන්න හැබැයි ඉතිං මම දන්නවා එයා හරි කියලා නමුත් මම ආස නෑ....එයා හැමෙදේම හැඟීම් වලට නෙවෙයි මනසට තමයි ඉඩ දෙන්නේ...ඒක හරිම හොඳයි ජීවිතේ හැමතැනදිම,සැමියයි බිරිඳගෙයි තියෙන සම්බන්ධයටත් මේක යෙදෙව්වාම ටිකක් අසීරුයි ඒ දෙවනි එක.....එයා ගෙදර කිසිම දේකට ඇඟිලි ගහන්නෙ නෑ....ඒක හොදයි හැබැයි මම ආසයි එයා කියනවනම්,චුට්ටක් හොයලා බලනවට....ගොඩක් හොයලා බලන්න ඕන නෑ...පවුලේ හැමදේම කරන්නේ මම...''



●උදේ  පාන්දර තුනට CALL එකක් දිලා කතා කරන්න පුළුවන් යාළුවො තුන්දෙනා කවුද...?
                 ''ධනංජය,චන්න විජේවර්ධන,ශෙරින් අක්කිට කතා කරන්න පුළුවන් එයා නැගිටින්නෙ නෑ....කතා කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා එයාලා නැගිටින්නේ නෑ....ධනු මට බය නෑ මොකද උදේ 3ට එයා වැඩ කරනවා.....තුන්වෙනි එක්කෙනා ලෂ්.....''
●මම දැන් ඔබට රංගන ශිල්පීන් පස් දෙනෙක් කියනවා...මේ අයගෙ රංගන දක්ෂතාවය අනුව එකේ සිට පහ දක්වා ඔබ නම් කරන්න ඕන එක වැඩියෙන් පහ අඩුවෙන්...හේමාල් රණසිංහ,රොෂාන් රණවන,අනූජ්,සාරංග,දිනෙත්.....?
                     ''මම දැකලා තියෙන බලලා තියෙන චිත්‍රපට වලින්.....නමුත් ඔවුන් දක්ෂ වෙන්නපුළුවන්...නමුත් මම දැකලා තියෙන විදිහට මම මෙ කියන්නේ.... මුලින්ම සාරංග,හේමාල්,රොෂාන්,අනූජ්,දිනෙත්ව මම දැකලා නෑ....''
●දැන් අපි අහනවා ඒ ප්‍රශ්නෙම රංගන ශිල්පිණියන් ගැන....ශලිනි තාරකා,සමනලී ෆොන්සේකා,පබෝධා සංදීපනී,දුලානි අනුරාධා,උමාලි තිලකරත්න....?
              ''MY GOD....ඔයාට  පිස්සුද....they are so talented....කරන්න ඕනම නිසා නැත්තම් මම මේ වගේ talent එකක් great කරන්නේ නෑ...හරිම talented පස් දෙනෙක් ඔයා මට කිව්වේ...හැබැයි මම දකිනවා සමනලීගේ විශේෂත්වයක් samanali has a graet at number one,මම  උමාලිව දැකලා තියෙන්නේ එක පරාසයක විතරයි නමුත් මම changes දැකලා තියෙනවා ශලනිගේ,shalani has number two,මම ගොඩක් ටෙලිනාට්‍ය බලලා නැති නිසා චිත්‍රපට වලින් මම දැකලා තියෙන්නෙ ගින්දරි ඒ වගේ චිත්‍රපට තමයි ඒ නිසා i will put umali has number three,paboda has number four,දුලානිගේ මම දැකලා තියෙන්නේ එක චිත්‍රපටයයි දිනෙත්ට කරපු දේම අපි දුලානිටත් කරමු....''
●මීළඟ ප්‍රශ්නය දක්ෂතා අනුව නෙවෙයි ඔබ කැමතිම ඒක විවිධාකාර හේතු නිසා වෙන්න පුළුවන්..මේ රංගන ශිල්පීන් පස් දෙනාගේ ඔබ කැමති අනුපිළිවෙල...රවීන්ද්‍ර රන්දෙනිය මහත්මයා,සනත් ගුණතිලක මහතා,ජීවන් කුමාරතුංග මහතා,කමල් අද්දරාරච්චි මහතා,රංජන් රාමනායක මහතා...?
                 ''ඊට වැඩිය ලේසි බෙල්ලේ තොන්ඩුවක් දාලා එල්ලුනානම්.....මගේ කැමැත්ත කියන්නත් බෑ මොකෝ හිතේ තියෙන ගෞරවය,ආදරය,එක එක්කෙනාට වෙනස් උනාට මව hard කරලා තියෙන එක්කෙනෙක් ඔය පස්දෙනා ඇතුලේ ඉන්නවා,නමුත් ඒකත් මම කියන්න කැමති නෑ....නමුත අනිත් හතරදෙනා මම දන්නවා මාව කොයිවෙලාවෙත් යාළුවෙක් හැටියට පහලට දාලා නෑ....මං කිසිම දෙයක් කියන්නේ නෑ....''
●ඒ ප්‍රශ්නෙම නිල්මිණි තෙන්නකෝන්,දිල්හානි අශොකමාලා,යශෝධා විමලධර්ම,සේමිනි ඉද්දමල්ගොඩ,දමිතා අබේරත්ත....?
                ''කැමති වන්නේ අපි ආශ්‍රය කරන මට්ටම අනුවනේ...අඩුවෙන්ම ආශ්‍රය කරලා තියෙන්නෙ සේමිණීව තමයි රිදි රැයක් එකේද හම්බුවෙලා තියෙනවා,party වලදි හම්බුවෙනවා ඒත් එක ආශ්‍රයක් නෙවෙයිනේ....ඒනිසා එයා පහ....ඊට පස්සේ මම දමිතව දන්නවා පස්සේ ගෙනා මනමාලි මගේ තාත්තගෙ ටෙලිනාට්‍යයෙ රඟපාන්න ඉන්න කාලේඉදන්ම මම දමිතව දන්නවා එයා හරිම හොඳ ළමයෙක් නිල්මිණීව මම අඳුරනවා නමුත් දමිතට වඩා අඩුවෙන්...ඒ නිසා නිල්මිණි number four දමිතා number three,දිල්හානි number two,යශෝධා number....''
●ඔබ කැමති විවාහයටද නැතිනම් දැන් තියෙන living together ද මොකක්ද අනුමත කරන්නේ...?
                    ''අනිවාර්යෙන් විවාහය...living together හොදයි එවැනි මානසිකත්වයකින් හැදිලා තියෙනවනම්...මම හැදිලා එහෙම....මම විශ්වාස කරනවා ඕනම දේකට අපි වගකියන්න ඕන කියලා...ඕනම බැඳීමකට හෝ නිදහසකට....''
●විවාහයට කලින් දෙදෙනෙක් ගැලපෙනවාද කියලා තීරණය කරන්න කැමතිනම්...?
                ''එක එක්කෙනා කැමති නැත්තම් දිගින් දිගටම වෙන් වෙවී යනවා...එතකොට තමන් ඉන්න තත්වය මොකක්ද....විවාහය කියනදේ කැතට දකින්න ඕන නෑ කූඩුවක් වගේ දකින්න හොඳ නෑ...දෙකටම නිදහසකුත් තියෙනවා වගකීමකුත් තියෙනවා....''


●ඔබ කැමතිම  හිංදි නළුවෝ තුන්දෙනා කවුද..?
             ''ෂාරුක් ඛාන්,අමිතා බච්ඡන්,අමිතා බච්ඡන් මගේ පොඩි කාලේ ඉදන් crush.....දැන් ආසයි රන්වීර් සින්....''
●ඔබ කැමතිම  හිංදි නිළියෝ තුන්දෙනා කවුද..?
                    ''මම ආස actress කෙනෙක් තමයි සමිතා පටේල් ඒ කාලෙම මම ආසයි ශ්‍රී දේවිට...ඊට පස්සේ මදුරි ඩක්සිත්,දැන් කාලේ මම  ආස දීපිකාට....''
●ඔබට ලැබෙන චිත්‍රපටයක ඔබට කියනාවා ඔබ කැමතිම නළුවාව තෝරගන්නකියලා ඔබ කාවද තෝරගන්නේ...?
              ''ෂාරුක් ඛාන්.....එයා actor කෙනෙක් විදිහට  මට challenge එකක් වෙනවා එයා එක්ක act කරන එක...මම ඒකටයි කැමති....''
●දැන්මම පුද්ගලයෝ කීපදෙනෙක් ඔබට කියනවා...මේ අයගේ හොඳ ගුණාංගයක් සහ ඔබ අකමැති ගුණාංගයක් ඔබ කියන්න ඕන...වීණා ජයකොඩි මහත්මිය...?
                            ''වීණා අක්කගෙන් මම ගුටි කනවා sure එකටම....වීණා අක්කි හරිම honest....ඒකට තමයි මම කැමතිම ....සමහර වෙලාවට ඒ honest එකෙන් හිත රිදෙනවා...ඒකට කැමති නෑ...''
●ජීවන් කුමාරතුංග මහතා..?
            "එයා කොතනක හිටියත්,ලොකු ඇමතිවරයෙක් වෙලා හිටියත්,ජනප්‍රියම නළුවා වෙලා හිටියත් අවුරුදු 31 මම ඔහුව දන්නවා මේ හැම කාල වකවානුවකම මම දැක්කේ එක ජීවන් කුමාරතුංගයි ඒ මනුස්සකමට  මම හරිම ආදරෙයි...අකමැති දේ තමයි එයා මට විහිළු කරනවා මට එක විහිළුවක් කරනවා  හැමතිස්සේම....''
●සමිතා මුදුන්කොටුව මහත්මිය..?
              ''එයාගේ කටහඬට කැමති.....මම සමිතව පෞද්ගලිකව දන්නේ නෑ....නමුත ජීවිතේ සමහර දේවල් වල බැරෑරුම්කම අඩුවෙන් දකිනවද කියලා මට හිතෙනවා මම එයාට ගෞරව කරනවා artist කෙනෙක් විදිහට කලා කරුවෙක් ඉන්නේ එයාගේ ජීවිතේ කරන කියන හැමදේම මිනිසුන්ගේ ජනප්‍රියතාම මත තමයි එයාගේ රඳාපැවැත්ම තියෙන්නේ එතකොට එයාට පොඩි වගකීමක් තියෙනවා මිනිස්සුන්ට කියන දේ දෙන දේ....එතනදි පෞද්ගලික ජීවිතේ සමහර ගන්න තීරණ වලදි වගකීම චුට්ටක් අඩුයි කියලා මට හිතෙනවා...ඒක ගැන මට දුකයි....''
●අපේ ගරු අගමැතිතුමා....?
             ''ඔහු ජනාධිපතිවරයෙක් විදිහට හිටියකෙනෙක්...මම ජීවත් වෙලා හිටියට වැඩිය කාලයක් ඔහු දේශපාලනය කරපු චරිතයක්...එතුමගේ කැමති අකමැති දේවල් ඔහුට කරන ගෞරවයක් විදිහට නොකලයුතුයි කියලා...''
●ශෙරින් කුමරතුංග මහත්මිය..?
            ''list එකක් තියෙනවා දෙපැත්තටම...ඇය හරිම සුන්දර අවංක යාළුවෙක්...ඒකට මම කැමති ඒ අවංකකම නිසා හරිම මෝඩ වැඩ කරනවා...අසීමිතව මෝඩවැඩ කරනවා...ඒකට අකමැති....''
●සනත් ගුණතිලක මහතා?
             ''එයාගේ කැමතිම දේමතමයි he has an elephant memory...එයා සම්බන්ධයෙන් තැන,වෙලාව,ඇඳන් හිටිය ඇඳුම,ආව විදිහ,සියලුම දේ මතකයි....මම හරිම කැමති ඒ ගුණාංගයට මොකද මට නැති හිංදා....''
●ඊළඟට මම පුද්ගලයන්ගෙක් කීපදෙනෙක්ගේ නම් කියනවා...මේ අය එක එක වෘත්තින් වල නිරතවෙලා ඉන්නඅය...ඔබ මේ අයට වෙනත් වෘත්තියක් යෝජනා කරන්නඕන සුදුසුයි කියලා හිතන...?
 ●ධනංජය බණ්ඩාර මහත්මයා..?
     ''he can be a cheif....ඔයා makeup කරන්න අකමැති කාලෙක ඔයා උයන්න පටන් ගන්න කියලා මම කියනවා ලස්සනට makeup දානවට වඩා හොදට ඔයා උයන්න දන්නවා කියනවා මම......''
●ගීතා කුමාරසිංහ මහත්මිය...?
               ''she is became makeup and fashion...she is eys fall those thing...''
●දමිත් ෆොන්සේකා මහතා..?
              ''cameraman.....''
●රනිල් වික්‍රමසිංහ මහත්මයා...?
                 ''no.......''
●කැරොලයින් ජූරී මහත්මිය...?
                  ''එයා mrs world....එතකොට එයාට තියෙනවා එයාට පිටිපස්සේ ජාත්‍යන්තර title එකක්... එතකොට එයාට පුළුවන් අපි හඬක් නැගිය යුතු ශ්‍රී ලාංකික කාන්තාවන් වෙනුවෙන්  ජාත්‍යන්තරව හඬක් නගන්න....ambassador කෙනෙක් වෙන්න,ambassador for the women....''
●හරේන් ප්‍රනාන්දු මහත්මයා..?
             ''he can became a singer i think....''
●දයාසිරි ජයසේකර මහත්මයා...?
                    ''අපි නර්තනය දෙමු....traditional dancing....''
●ඔබ කැමතිම චිත්‍රපට තුන....?
                ''මමත් චිත්‍රපට හැටක විතර රඟපාලා තියෙනවා...ඔයා හිතුවේ මම අකමැත්තෙන් රඟපෑවා කියලද...රඟපෑවෙත් මම කැමති ඒවා,බැළුවෙත් මම කැමති ඒවා...ඒවයින් තුනක් කියන්න බෑ.....''
●ඔබේ අවංක අදහස මොකක්ද අද කාලේ ජනප්‍රියම නිළිය සම්මානය තෝරන ක්‍රමවේදය පිළිබඳව.....?
                 ''ඉස්සර කාලෙට වඩා වැඩි වෙනසකුත් නෑ....මම හිතන විදිහට ඇත්ත කියන්න එපැයි....ඉස්සරකාලේ පත්තර කපලා යවනවා දැන් කාලේ sms වලින් යවනවා කියලා මම කිව්වේ....ඉස්සර තමන්ම කරගන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ මොකද දැන් තියෙන ක්‍රමය වැරදි....''
●ඔබ බොරු කියපු අවස්ථා තුනක්.....?
               ''සාමාන්‍යයෙන් මම බහුලව බොරු කියන්නේ පැණිරස කෑවා කෑවේ නෑ කියන එක...ඒක තමයි මගේ ජීවිතේ වැඩිම කාලයක් මුලින් දෙමව්පියන්ට ඊට පස්සේ මහත්තයට,යාළුවන්ට,මේ ඔක්කොටම කියපු බොරුව තමයි....සුන්දර බොරු කියන ඉතිං ඕනතරම් යාළුවො රවට්ටන්න ...''
●ඔබ ශ්‍රී ලංකා රූ රැජින තරඟ සංවිධානය කරනවානේ...all time favorite miss sri lanka  කවුද...  ?
                 ''රෝසි සේනානායක....''
●ඔබ cricket වලට කැමතිද....කැමතිම cricket ක්‍රීඩකයෝ තුන් දෙනා....?
             ''මම දන්න කට්ටියගෙන් මම කැමතිම cricket වලට කිසිම සම්බන්ධතාවයක් නෑ මේක..සිදත්වෙත්තමුණිට....එයා සෙල්ලම් කරනවා හරිද කියලවත් මම දන්නේ නෑ එයා ගහන විදිහ බලන් ඉන්න හරිම ලස්සනයි....ඒ නිසා එයාට කැමති....අපේ cricket කණ්ඩායම ජයග්‍රහණය කරා අරන්ගිය නිසා අර්ජුන රණතුංග...තුනතමයි ප්‍රශ්නේ මොකද මට list එකක් ඉන්නවා තුනට....''
●අපි ඔබ ගැන දන්නෙ නැති දේවල් තුනක් කියන්න...?
                     ''ඒක දන්නේ නැතිතරමටම ඉදිරියටත් තියෙනවනම් වඩාත් හොදයි.....දැනගන්න ඕන නැති නිසානේ ඒව දන්නේ නැත්තේ....''
●ඔබේ ප්‍රියතම දේශපාලඥයින් කවුද...?
                      ''ලෝකෙන් ගන්න  බෑනේ...ලේසි කරන්නකො අනෙ....කොච්චර අමාරුදු මෙහෙ මිනිස්සුන්ව හම්බුවෙනවා හැමදාම වගේ විවිධ අවස්ථාවන් වල ඊට පස්සේ ඇහුවොත් ඇයි ඔයාට මගෙ නම කියාගන්න බැරි උනාද කියලා...ඔය තුන් දෙනාට මම නැත්තෙ ඇයි කියලා ඇහුවොත්....දේශපාලඥයින් විදිහට නෙවෙයිනේ මට හම්බවෙන්නෙ යාළුවෝ විදිහට....එහෙමත් කියන්න බෑනේ ඉතිං...දේශපාලඥයින් සහ දේශපාලනය හරිම කරදර දෙයක්...''
●ජීවිතේ ඔබට ලැබිලා තියෙන මිලකල හැකි වටිනම දේ මොකක්ද..?
                    ''දෙමව්පියන්ගෙන් මට ලැබුන ඉඩම්,ව්‍යාපර,ගෙවල්,ඒ දේවල් දැන් ඒවා වටිනා කමින් ගොඩාක්....''
●ඔබ කෙනෙකුට දීපු වටිනාම ත්‍යාගය කුමක්ද...?
                  ''මම jewellery අරන් දීලා තියෙනවා...ලක්ෂ ගණන් වියදම් කරලා jewellery අරන් දිලා තියෙනව මගේ යාළුවන්ට,මගේ නෑදෑ වෙන අයට...අරන්දිලා තියෙනවා ඒත ගණන් ඔළුවේ තියාගෙන නෑ.....''


●ධනංජය බණ්ඩාර හැරුණුකොට ඔබ කැමති ඔබ ලස්සන කරන්න කැමති රූපලාවන්‍යශිල්පීන් තිදෙනා කවුද...?
                         ''hair and makeup ධනංජයට ඉස්සෙල්ලා hair and makeup හැමදේම මට කලේ lochin vorn ඒ නිසා ඔහු මගේ ප්‍රියතම කෙනෙක්...බොහො දුරට මම මගේ makeup එක මමමයි කරගන්නේ...මගේ කොණ්ඩෙ කරගන්න කැමති ප්‍රියන්ත එස්ටීවා එකේ...නැත්තම් අසංක අවීරා එකේ....''
●ඔබ ඉන්නවනේ කොළඹ සමාජයේ බොහෝ විට සම්බාෂන වලට උත්සව වලට අනිවාර්යෙන් අපිට ඔබට දකින්න ලැබෙනවා...කවුද කොළඹ ඉන්න නෝනලා තුන්දෙනා ලස්සනටම අඳින...?
                     ''නෝනලා පෝළිමක් ඉන්නවා ලස්සනටම අඳින....බෑනේ කියන්න...මොකෝ beauties ලා කියලා තියෙනවා whatsup group එකක් තියෙනවා ඒ whatsup group එකේ ඉන්නවා 24ක් කාන්තාවන් මේ ඔක්කොම කොළඹ ඉන්න කාන්තාවන් ඉතිං ශෙරින්,සුජීවා,ප්‍රීති,ශාරිකා,හිමාලි,සබීතා අක්කි,ගයත්‍රි,කුමාරි,...''
●ඔබ දකිනවනේ බොහොම ලස්සනට ඇඳගෙන එන ලස්සන පිරිමි දෙපාරක් හැරිලා බලන්න හිතෙන පිරිමි තුන්දෙනා කවුද....?
                              ''හැමොම අදින්නේ එකම විදිහටනේ....ඒකේ මොකක්ද විශේෂත්වය...''
●ඔබේ මනාපය පරිදි කියන්න හෙට දිනයේ රිදී තිරය,පුංචි තිරය ජයගන්න ඉන්න නළුවො තුන් දෙනා කවුද...?
                    ''මම හිතනවා මේක අතිශයින්ම ජනප්‍රියයි...සාරංග,පුබුදු,හේමාල්,රොෂාන්,චන්න.....''
●නිළියො පස්දෙනා...?
                 ''මම හිතනවා ඒ අයට යම් දෙයක් කරන්න පුළුවන් වෙයිකියලා...ප්‍රියසාද් පවුල ගත්තම තුනක් ඉන්නවනේ...එක්කෙනෙක් ගන්නම් අනිත් දෙන්න support කරන්න කියමු අපි....මම බාලයවම ගන්නවා මොකද එයාට වැඩි කාලයක් වැඩකරන්න පුළුවන්නේ..ශනුගේ talent එකට මම  ආසයි එයාගේ approach එක වෙනස් අනිත් දෙන්නටම වැඩිය...දිනක්ෂි තමයි මම පෞද්ගලිකව කැමතිම කෙනා....ශලනි,සචිනි,උදාරි,මේ අය....''
●ඔබට වරමක් ලැබෙනවා ඔබේ ජීවිතේ දේවල් තුනක් වෙනස් කරගන්න මොකක්ද් ඔබ වෙනස්කරගන්නේ..?
                 ''චොකලට් කන එක නවත්තගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ නේද...ඒක හොදයි මම හැමොගෙන්ම බැනුම් අහන්නෙත් ඕකටනේ...ඒක නවත්තගත්තම ඇති....එච්චරයි...මම කෙට්ටුවෙලා ඉන්න ඕන....''
●මේ අය අදටත් ජීවත් වෙනවා හැබැයි ඔබේ ලෝකයේ මේ අය මැරිලා....එහෙම තුන් දෙනෙක් කියන්න...?
                          ''මම දන්නේ නැති හැමොම එහෙම තමයි....මම අකමැති කට්ටිය නේද...මම එහෙම අකමැති නෑ කාටවත්...මමකලින් කිව්වේ මට hart කරපු එක්කෙනෙක් ඉන්නවා මම එයාට අකමැති නෙවෙයි යාළුවො කියන කෙනා තමන්ව වැටෙන්න දෙන්නේ නෑනෙ වැටෙන්න දෙනවා කියන එක වෙනම දෙයක් මට තේරෙන්නේ නෑ ඒක කියන්නේ කොහෙමද කියලා...විශ්වාසය කඩ කරන යාළුවෙක් ඒ වගේ දෙයක් උනේ....ඒ ඇරෙන්න මට එහෙම නෑ...''
●ඔබට එක මොහොතකට ලැබෙනවා මේ රටේ පාලකයා වෙන්න...මොකක්ද ඔබ කරන්නේ මේ කෙරෝනා විසදීමේ වසංගතය හැර...?
                       ''මම දකින දරුණුතම දේ තමයි මත්ද්‍රව්‍ය...තරුණ පරපුර විනාශ කරන මත්ද්‍රවය තමයි....''
●අප හිතමු ඔබ හොඳ නිවාඩුවකට යනවා කියලා...තනියම ගිහින් හොද සුව නින්දක් ලබලා උදේ නැගිටිනවා බලනකොට ඔබ දකිනවා සනත් ගුණතිලක එහා පැත්තේ මොකද වෙන්නේ...?
                   ''ආපහු නිදාගන්නවා....bad dream කියලා නිදාගන්නවා....''
 

සාකච්ඡාව - කැලුම් විජේසූරිය
උපුටාගැනීම -  https://www.youtube.com/watch?v=vQDDnYd2ZcQ