
දීර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් මන්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වශයෙන් කටයුතු කර ඇතැයි කියන මොරගල්ලේ 'සතපහ' නමින් හැඳින්වෙන සැකකරුවකු රුපියල් ලක්ෂ 03 ක් වටිනා හෙරොයින් ග්‍රෑම් 23 ක් සමග කළුතර කොට්ඨාස විෂ මන්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක
පී.ආර්. වීරසේකර මහතා ඇතුළු නිලධාරින් පිරිසක් ඉකුත්ද අත්අඩංගුවට ගනු ලැබීය.මෙම සැකකරු දිර්ඝ කාලයක් තිස්සේ හෙරොයින් ජාවාරමේ නිරතව ඇති බවත් අවස්ථා කීපයක දී අධිකරණයෙන් දඬුවම් ලබා ඇති බවත් පොලිසිය කියයි.සංචරණ සීමා නීති ක්‍රියාත්මක වෙමින් තිබිය දී හෙරොයින් සන්තකයේ තබාගෙන ගමන් කරමින් සිටි සැකකරුවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු අනුව මෙම ප්‍රධාන ජාවාරම්කරු කොටු කර ගැනීමට පොලිස් නිලධාරින්ට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනාම වැඩිදුර විමර්ශන සඳහා බේරුවල පොලිසියට භාරදී ඇති අතර ඔවුන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
(කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
Comments
Post a Comment
Your comment will be visible after approval