රටේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ පාසැල්, පෙර පාසැල්, පිරිවෙන්, උපකාරක පංති සහ විශ්ව විද්‍යාල ආරම්භ නොකිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජි.එල්. පිරිස් ප්‍රකාශ කර සිටියි.
මෙය සමස්ත දිවයිනටම අදාළව ලබාගත් තීරණයක් බවද ඔහු කීය.
අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට කර ගෙන යාමට රජයේ විශාල උනන්දුවක් තිබෙන නමුත් රටේ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සිතා මෙම තීරණය ගැනීමට සිදුවූ බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.
පාසැල්, පෙර පාසැල්, පිරිවෙන්, උපකාරක පංති සහ විශ්ව විද්‍යාල යලි ආරම්භ කිරීමේදී ඊට දින 03කට පෙර දැනුම් දෙන බවත් ඒ වනතුරු රටේ තත්වය ගැන දැනුවත්ව සූදානමින් පසුවන ලෙසත් අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කර සිටියේය.
0 Comments