south-korea-covid19

එන්නත ලබා ගත් පුද්ගලයින් සඳහා සමහර කොවිඩ් -19 සීමාවන් ලිහිල් කිරීමට දකුණු කොරියාව තීරණය කර ඇති බව සීඑන්එන් වාර්තා කර තිබේ.
එළිමහනේ මුහුණු ආවරණ පැළඳීම නවතා දැමීම ඇතුළුව එන්නත ලබා ගත් පුද්ගලයින් සඳහා වන නව නීති රීති ගැන අග්‍රාමාත්‍ය කිම් බූ-කියුම් බදාදා ප්‍රකාශ කළේය.
“කොවිඩ් -19 එන්නත අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් එන්නත් කරනු ලබන පුද්ගලයින් එළිමහන් අවකාශයේ මුහුණු ආවරණ පැළඳීමට බැඳී නොසිටිනු ඇත. එළිමහන් පහසුකම් භාවිතා කිරීමට අවසර ඇති අතර ජුලි 1 වනදා සිට ආගමික ස්ථානවලට ඇතුළුවීමේ සීමාද ඒ අයට නැත” යනුවෙන් කිම් පැවසීය.
සම්පුර්ණයෙන්ම එන්නත් ලබා ඇති අයට අවන්හල් හා කැෆේ පහසුකම් භාවිතා කළ හැකිය. මංගල ස්ථාන වලටද යා හැකිය.


දකුණු කොරියාවේ Covid-19 වැළැක්වීමේ පියවර සැප්තැම්බර් මස අවසානයේදී සකස් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, රටේ ජනගහනයෙන් 70% කට වඩා අවම වශයෙන් එක් එන්නත් මාත්‍රාවක්වත් ඒ වනවිට ලබාගන්නට සැලැස්ම සකස් කර ඇවසන්ය.
මිලියන 3.9 කට වැඩි පිරිසකට ඔවුන්ගේ පළමු මාත්‍රාව ලැබී ඇති අතර මිලියන 1.9 කට වැඩි පිරිසකට පූර්ණ එන්නත ලබා දී ඇති බව කොරියාවේ රෝග පාලන හා නිවාරණ ඒජන්සියේ (කේඩීසීඒ) ප්‍රවෘත්ති නිවේදනයක දැක්වේ.
මෙම ලිහිල් නීති පනවන්නට හදිසිවී ඇත්තේ එන්නත් කරණයට ජනතා සහභාගීත්වය වැඩි කිරීමට බවද මාධ්‍ය වාර්තා දක්වා තිබේ.

(Gossiplankanews.com in association with CNN)