speaker-drone

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ දෙහිවල නිවස ආසන්නයේ සිට ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගතකළ ව්‍යාපාරික තරුණයකු පෙරේද 15 වැනිදා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.  

ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගත කර ඇති බචට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් (69603) රෝහිත මහතා දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුෂ්මන්ත ලියනගේ මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහුගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රොෂාන් උදයංග මහතා එම සැකකාර තරුණයා සහ මඩෝන කැමරාව පොලිස් බාරයට ගත් බව පොලිස් නිලධාරියෙක් කීය.




ඩ්‍රෝන කැමරාව ක්‍රියාත්මක කර ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිවස අසල සිට මීටර් 150ක් පමණ ආසන්නයේ බව පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකාර ව්‍යාපාරික තරුණයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් දී ඉකුත් 6 වෙනිදා මෙය විනෝදයට මිලදී ගත් බවට ප්‍රකාශ කළ බව පොලිසිය කියයි. ඩෝන කැමරාව ග්‍රෑම් දෙසිය පනහකට ආසන්න ප්‍රමාණයක් බර එකක් බව පොලිසිය කියයි.


ගුවන් ගත කළ ඩෝන කැමරාව පරික්ෂක්ෂා කිරීමේදී තානායක නිවෙස පෙදෙසේ ඡායාරූප කිහිපයක් සටහන්ව තිබූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. සැකකාර 22 හැවිරිදි තරුණයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.