ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනසට බලපෑම් කරන ප්‍රධාන සාධකයක් ලෙස ‘ශ්‍රී ලංකා ක්‍රිකට්‘ ආයතනය හා එහි නිලධාරීන් හඳුන්වනු ලැබේ. මේ දක්වා දිගින් දිගටම එහි ආධිපත්‍යය දැරුවේ සුමතිපාලගේ සහයෝගය යටින් දිවෙන බවට කටකතා පැවති ෂම්මි සිල්වාගේ කන්ඩායමයි. කෙසේ වෙතත් ඔවුන් පසුගිය කාලයේ සුමතිපාලගෙන් ඉවත්වූ බවටද කතා පැවතිණි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ නිලවරණය හෙට බ්‍රහස්පතින්දා (20) ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට සූදානම්ව තිබියදී ෂම්මි කණ්ඩායමට විරුද්ධව තරගවදිමින් සිටි නිශාන්ත රණතුංග හා සම්බන්ධ අනෙක් පාර්ශ්ව සියල්ල ඊයේ 18 සවස ඉවත්ව ඇති අතර ඔවුන් චෝදනා කරන්නේ ඇමතිවරයාගේ සහයෝගය මෙන්ම මුදල් ලබාදී ඡන්ද හරවාගැනීම් වාර්තාවීම නිසා දූෂිත මැතිවරණයකට වාමේ ලකුණු පෙන්වා ඇති තරගයට තරග කිරීම ඵලක් නැති බවයි.
ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රියාකලාපයෙන් පැහැදිළි වන්නේ එහි හිටපු නිලධාරීන්ට සහයෝගය දැක්වීම බවත් එවැනි තත්ත්වයක් තිබියදී ඡන්දයකට යාම තේරුමක් නැති ක්‍රියාවක් වන හෙයින් සියලු දෙනාම එක්ව නිලවරණය සඳහා ඉදිරිපත් වීමෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් රණතුංග පාර්ශ්වය වෙනුවෙන් කේ. මතිවානන් මහතා පවසා තිබේ.
ක්‍රිකට් නිලවරණය සඳහා නාම යෝජනා බාරගැනීම පසුගිය පෙබරවාරි (24 වැනිදා) පස්වරු 3.30 ට
අවසන් විය. ඒ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු අපේක්ෂාවෙන් පාර්ශ්ව හතරකින් නාම
යෝජනා බාර දී තිබූ නමුත් ඉන් එකක් ‘ඡායා’ පාර්ශ්වයක් විය.
මේ ඉල්ලා අස්වීම් නිසා ෂම්මි පාර්ශ්වය තම බලය දිගටම රැකකගනිමින් හෙට නිතරග ජයග්‍රහණයක් අත්කරගනු ඇතැයි කියවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය වෙනුවෙන් ඉදිරිපත් වූ නාමයෝජනා
ශම්මි සිල්වා පාර්ශ්වය
සභාපති තනතුර - ශම්මි සිල්වා මහතා
උප සභාපති නතතුරු 2 යි - රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු
ප්‍රධාන ලේකම් - මොහාන් ද සිල්වා මහතා
උප ලේකම් - ක්‍රිශාන්ත කපුවත්ත මහතා
භාණ්ඩාගාරික - ලසන්ත වික්‍රමසිංහ මහතා
උප භාණ්ඩාගාරික - සුජීව ගොඩලියැද්ද මහතා
ඡායා පාර්ශ්වය
සභාපති - මොහාන් ද සිල්වා සහ ජයන්ත ධර්මදාස යන මහත්වරු
උප සභාපතිවරු - නලීන් අපෝන්සු සහ සමන්ත දොඩන්වල යන මහත්වරු
ප්‍රධාන ලේකම් - බන්දුල දිසානායක සහ නලීන් අපෝන්සු යන මහත්වරු
උප ලේකම් - ශම්මි ප්‍රසන්න ගුණසේකර මහතා
භාණ්ඩාගාරික - සුජීව ගොඩලියැද්ද මහතා
උප භාණ්ඩාගාරික - ඒ. කුමාර මහතා
නාමයෝජනා ඉල්ලා අස්කරගන්නා ලද රණතුංග පාර්ශ්වය
සභාපති - කේ. මතිවානන් මහතා
උප සභාපති - බන්දුල වර්ණපුර මහතා
ප්‍රධාන ලේකම් - නිශාන්ත රණතුංග මහතා
0 Comments