sri-lankan-winner-abudabi-big-ticket

පසුගිය සඳුදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවති ලොතරැයි දිනුම් ඇදීමකින් එහි පළමු ජයග්‍රාහකයා ලෙස ඩිරාම් මිලියන 12 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 64 ක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලාංකිකයෙකු සමත්විය.



මෙම  Abu Dhabi Big Ticket නමින් හඳුන්වන ජැක්පොට් ලොතරැයි දිනුම් ඇදීමේදී අවසන් ජයග්‍රාහකයාව සජීවීව ලොතරැයි දිනුම් ඇදීම සිදුවන රූපවාහිනී පටිගත කිරීමට සම්බන්ධ කරගෙන ඔහුට ජයග්‍රහණය පිළිබඳ දැනුම්දිීමද කරන අතර ඔහු එහිදී සතුටට පත්වන අයුරුද නරඹන්නන්ට ශ්‍රවණය වන්නට සලස්වයි
ඩුබායි හි පෞද්ගලික සමාගමක අලෙවිකරුවකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික තරුණයකු වන මොහොමඩ් මිස්ෆාක්  මෙම ලොතරැයි දිනුම ජයග්‍රහණය කිරිමට සමත් විය.
 තිස්හය හැවිරිදි මිස්ෆාක් කෝටිපතියකු බවට පත්වූයේ ඔහු කිසිවිටෙක බලාපොරොත්තු නොවූ ආකාරයට බව ඔහු සිය ජයග්‍රාහී අවස්ථාවේදී දන්වා සිටින අතර ඒ  වනවිට නිවාඩුවක් සඳහා ශ්‍රී ලංකාවට  පැමිණ සිටි අතර ජයග්‍රහණය සිදුවිය.


ගල්ෆ් ටයිම්ස් වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ මෙය තමන්ට අදහාගත නොහැකි දෙයක් වූ බවත් තාත්තාගේ ශල්‍යකර්මය කිරීමට මේ මුදල ඉතා වටිනා බවත්ය. මෙම ජයග්‍රාහී ටිකට්පතට තමන්ගේ නම යොදා දිනුම් ඇදීම සිදුවුවත්  මිල අධික ලංසුවක් බවත් ඒ සඳහා 20 දෙනකු දායකත්වය ලබාදුන් බවත් ඒ අනුව තමන්ගේ පංගුව ඩිරාම් ලක්ෂ 6ක් වන බවත් ඔහු පවසා ඇත.
“ටිකට් පතට මිලදී ගන්න දායක වූ අනෙක් අය මා මෙන්ම අතිශයින් සතුටට පත්ව සිටිනවා. හැකි ඉක්මනින් තැගි මුදල ගන්න කියලා ඔවුන් මට කිව්වා. මගේ අඩු වැටුප නිසා මගේ පවුල ඩුබායි ගෙන ඒමට මට නොහැකි වුණා.”
 දිනාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් තම පවුලේ මූල්‍ය ගැටලු විසඳීමට සහ ශ්‍රී ලංකාවේ තම බිරිඳට සහ දරුවන් දෙදෙනාට නිවසක් ඉදිකිරීමට යොදවන බව ද ඔහු පවසා ඇත.
මොහොමඩ් මිස්ෆන්ගේ මාසික වැටුප ඩිරාම් 7,000ක් පමණ වන අතර ඔහු පසුගිය වසර 10ක කාලයක් පුරා ඩුබායිහි සේවය කර ඇත.



මිෂ්ෆක් හැරුණු විට එම ලොතරැයි දිනුම් ඇඳීමෙන් තවත් කෝටිපතියන් දෙදෙනෙකු බිහිවූ අතර, ඔවුන් දෙදෙනාම ඉන්දියානු ජාතිකයින් වන බව පැවසුණි. ඔවුන් පිළිවලින් අමෙරිකානු ඩොලර් මිලියන 03ක් සහ මිලියනයක් දිනා ගන්නා ලදී.

මොහොමඩ් මිෂ්ෆක්  මිතුරන් 20 දෙනා සමඟින් පසුගිය වසර 1 1/2 ක පමණ කාලයක සිට Big Ticket ලොතරැයි මිල දී ගැනීමට පුරුදු වී තිබුණත් ජයග්‍රහණය ලැබුවේ මේ අවස්ථාවේ බව දන්වා ඇත.

ඔහු ජයග්‍රහණය කළ අවස්තාවේ අබුඩාබි සිට ලංකාවට දුන් ඇමතුම සජීවීව විකාශය වූයේ පහත වීඩියෝවේ පරිදිය.