ඉන්දියාවේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එහි රැදි සිටි ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.





නවදිල්ලියේ රැදි සිටි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු සහ රාජස්ථාන්හි ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

රාජස්ථාන්හි මරණයට පත්වූ එක් පුද්ගලයෙකු ආයුර්වේද වෛද්‍යවරයෙකි.

වීසා ලබා ගැනීම, වෛද්‍ය කටයුතු ආදා විවිධ හේතු මත ශ්‍රී ලාංකිකයින් සුළු පිරිසක් මේ වනවිට ඉන්දියාවට ගොස් සිටිති.

මේ අතර, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවත් මේ හේතුවෙන් මහ කොමසාරිස් කාර්යාලයේ සෙසු නිලධාරීන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවත් වාර්තා විය..