කෝවිඩ්-19 වසංගතයේ සැබෑ තත්වය වසන් කළහොත් 'අපිත් වසන් වෙලා යාවි' යැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.
අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ, සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිව්ව සීමා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නියෝගය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදු කරන ලද ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමිනි.ඒ අනුව දේශපාලනඥයන් විසින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී රාජ්‍ය අමාත්යවර්යගෙන් විමසා සිටියහ.ඊට පිළිතුරු ලෙස ඇය සඳහන් කර සිටියේ, වෛද්‍ය කරුණුවලදී තෝරා බේරා ගනිමින් පිළිගත යුත්තේ කවරෙකුගේ අදහස්ද යන්න පිළිබඳ අවබෝධ කර ගැනීමට තරම් ජනතාව බුද්ධිමත් වන බවයි.
කෙසේ වුවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ පා . විධ ප්‍රකාශ සිදුකරන විට ජනතාව අසීරුතාවට පන්වන බවද පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරිය, අමාත්‍යාංශයක් ලෙස යම් විනයක් තිබිය යුතු බවත්, ඒ අනුව තම තමන්ට අවශ්‍ය දේ මාධ්‍යයට ප්‍රකාශ කළ නොහැකි බවත් සඳහන් කර සිටියාය.රෝහල් වෙත වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවක් කොළඹ 07, බෞද්ධාලෝක මාවතේදී ඊයේ (20දා) පැවති අතර, ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
ඒ අනුව එහිදී මාධ්‍යවේදීන් හා රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අතර වූ සංවාදය පහතින් වේ.
මාධ්‍ය - මාධ්‍යයට අදහස් දැක්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා රාජ්‍ය අමාත්‍යවරිය - කිසිම මාධ්‍ය වාරණයක් නැහැ. නමුත් මාධ්‍යයටත් වගකීමක් තිබෙනවා සත්‍ය තොරතුරු ජනතාවට බෙදාහැමට. ඒ නිසා යම්කිසි විනයක් තිබිය යුතුයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයක් වුණාම, රජයේ දෙපාර්තමේන්තුවක් වුණාම යම්කිසි විනයක් තිබිය යුතුයි. අපට ඕන ඕන දේවල් මාධ්‍යයට කියන්න බෑ.
මාධ්‍ය - දේශපාලනඥයන් අදහස් දක්වනවා?
රාජ්‍ය අමාත්‍යවරිය - ජනතාව බුද්ධිමත්. ජනතාව දන්නවා වෛද්‍ය කාරණාවලදී තෝරා බේරාගෙන පිළිගත යුත්තේ කාගේ කරුණුද කියලා. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විවිධ අය විවිධ ප්‍රකාශ කරන කොට ජනතාව අසීරුතාවට පත් වෙනවා.
මාධ්‍ය - චෝදනාවක් තිබෙනවා සැබෑ තත්ත්වය වසන් කරන්න උත්සාහයක් තියෙනවා. එයයි මේ කරන්නේ කියලා
රාජ්‍ය අමාත්‍යවරිය - මෙය වසංගතයක්. වසංගය වසන් කළොත් අපත් වසන් වෙලා යයි.
(නිදර්ශනී වික්‍රමසිංහ)
0 Comments