sureni-senarath-passed-away

ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වූ සුරේනි සෙනරත් මහත්මිය මහරගම අපේක්ෂා රෝහලේදී අද උදෑසන අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇගේ වයස 62 කි.


ඇය කලක් තිස්සේ කලක් රෝගාතුරව පසුවූවාය.
කළුතර බාලිකා විදුහලෙන් සහ කොළඹ රොස්මිඩ් බාලිකා විද්‍යාලයෙන් ඇය අධ්‍යාපනය හදාරා තිබේ.
සිය පියා නිෂ්පාදනය කළ'අමරණීය ආදරය" චිත්‍රපටයෙන් රංගනයට පිවිසි ඇය


"පවන රළු විය", "ලොකු තාත්තා", "මල් වරුසා", "රස රහසක්", "සත්‍යා දේවි", "උතුර දකුණ", "හිත
හොඳ සුරයෝ", "සතුටේ කිරුළ අපේ" වැනි චිත්‍රපට රැසක රඟපෑවාය.
පසුකලෙක පුංචිතිරයේ මෙන්ම වේදිකාවේ ද ඇය රංගනයේ යෙදී ඇති අතර මෑතකදී "ධර්ම යුද්ධය",
"නිදහසේ පියා ඩී.එස්." සහ "අතුරු මිතුරු හරි අපූරු" වැනි චිත්‍රපටවල ද ඇය වැඩිහිටි චරිත රඟපා තිබේ. "කිදුරංගනා" ටෙලිනාට්‍ය මාලා කතාවේද ඇය රඟපෑවාය.
චිත්‍රපට නිෂ්පාදනයටද අතගසා සිටි ඇය "මල් වරුසා" චිත්‍රපටය නිෂ්පාදනය කළාය.
සරසවිය සිනමා උළෙලේ වරක් නැගී එන නිළිය සඳහා වූ සම්මානය ද
දිනාගත් අතර ඇය කලක් දේශපාලනයට ද සම්බන්ධව සිටියාය.