teen-missing-police

මේ දිනවල වෛරස් වසංගතය මධ්‍යයේ නිවෙස්වලින් බැහැරවීම සීමා කර ඇති පසුබිමක තරුණ තරුණියන් කිහිපදෙනෙකුගේ අතුරුදන්වීම් වාර්තාවී තිබේ. එක් අයෙකු හිස සුන්ව තිබී හමුව තිබේ.මේ  ඇතැම් අයගේ තොරතුරු සෙවීමට පොලිසිය මහජන සහය ඉල්ලා ඇත. කිහිපදෙනෙකු ගැන විස්තර මෙසේය.


මහපල්ලේගම, පල්ලේගම, අංක ඩී/103, 01/ඒ ලිපිනයේ පදිංචි සිටි රෝෂාදි බෝධිනායක පසුගිය අප්‍රේල් 23 වැනිදා සිට අතුරුදන්ව ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. දාහත් හැවිරිදි, අඩි 5යි අගල් 2ක් උස තලෙළු සාමාන්‍ය සිරුරක් සහිත කොණ්ඩය උරහිසෙන් පහළට වවා ඇති ඇයගේ නල දත් දෙකක් ද පිහිටා ඇති බවත් පොලිසිය පවසයි. ඇය අවසන් වරට අළු පැහැති සායක් සහ දුඹුරු පැහැති ඉරි සහිත ටීෂර්ටයක් ඇඳ සිටි බව කියයි.
ඇය පිළිබඳ තොරතුරක් ඇතොත් දැදිගම පොලිසියේ 0352282126 හෝ පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ 0112436161 යන දුරකථනවලට ලබාදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.


--------------
ගම්පහ, දියවත්ත, පානදුරා වත්ත, අංක 142/02ලිපිනයේ පදිංචි පුළුක්කුටිආරච්චිලාගේ රංග කසුන් කුමාර, ටික කලක සිට අතුරුදන්ව ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවයි.  තිස් හැවිරිදි අඩි පහක් පමණ උස, මහත සිරුරකින් යුත් ඔහු කොණ්ඩය දිගටම වවා ඇති බවත්, ඔහු රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් පොලිසිය පවසයි. ඔහු අවසන් වරට නිල්  පැහැති ඉරි සහිත ටීෂර්ටයක් සහ කහ පැහැති කොටු සහිත කලිසමක් ඇඳ සිටි බව ද පොලිසිය කියයි.
ඔහු පිළිබඳ තොරතුරක් ඇතොත් ගහ පොලිසියේ 0332222224 හෝ 0332222226 යන දුරකථනවලට හෝ පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයේ 0112436161 යන දුරකතනයට ලබාදෙන ලෙස ඉල්ලා සිටියි.
----
ඇහැලියගොඩ, බෝවතැන්න ප්‍රදේශයේ රබර් වත්තක තිබී හිස සුන් මළ සිරුරක් පෙරේදා (18දා) රාත්‍රියේ සොයාගත් බව ඇහැලියගොඩ පොලීසිය පවසයි.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ,අවිස්සාවේල්ල, ගලපිටමඩ, අංක 83/9 යන ලිපිනයේ පදිංචිව සිටි කොඩිකාර ආරච්චිලාගේ කනිෂ්කට ගයාන් කොඩිකාර (අවූ.24) නමැත්තෙකු බව පසුව සොයාගන්නා ලදි.
මියගිය අයට පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද පවතින පුද්ගලයෙකු බවත්, සිරුර හමුවන විට හිස කදෙන් වෙන්කර තිබෙන අතර හිස එම ස්ථානයේ නොතිබූ බවත්, තියුණු අයුධයකින් ගෙල කපා එම තරුණයා ඝාතනය කර ඇති බවට අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.