tokyo-olympics

ටෝකියෝ ඔලිම්පික් උළෙලට තවත් ඇත්තේ මාස දෙකකට වඩා අඩු කාලයක් වූවන්, ලොව පුරා යළි හිස ඔසවමින් යන කෝවිඩ්-19 වෛරසය හේතුවෙන් මෙවරද ඔලිම්පික් උළෙල කැපීමේ යෝජනා දිනෙන් දින වැඩි වෙමින් පවනින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය වසරේ පැවැත්වීමට සැලසුම් කර තිබූ ඔලිම්පික් උළෙල, එවකට පැවැති "කෝවිඩ්-19' වසංගත තත්වය හේතුවෙන් වසරකින්. කල්දමුණි. 

ඒ අනුව එළඹෙන ජූලි මස 23 වැනිදා සිට අගෝස්තු මස 08 වැනිදා දක්වා පැවැත්වීමේ කටයුතු මේ වනවිට සුදානම් කරමින් සිටියි. කෙසේ නමුත් ජපානය තුළ තත්වය දවසින් දවස නරක අතර හැරෙමින් පවතියි. දෛනික පන්දහස ඉක්ම වූ කෝවිඩ් ආසාදිතයන් එරටින් වාර්තා වන අතර, පෙරේදා (16)දා දිනයේදී පමණක් වෛරසය හේතුවෙන් ජපාන වැසියන් 115කට වැඩි පිරිසක් මියගොස් තිබුණි, ටෝකියෝ අගනුවර ඇතුළු තවත් ප්‍රධාන ප්‍රාන්ත තුනක හදිසි තත්වයන්ද ප්‍රකාශ කර ඇත.

ඒ අනුව සමස්ත ජපානයේ තත්වය එතරම් යහපත් තත්වයක නොමැත. ක්‍රීඩා උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් ජපාන ජනතාවගෙන් සිදුකළ මත විමසුමකදී එරට ජනගහනයෙන් 70%කට ආසන්න සංඛ්‍යාවක් මෙවර ඔලිම්පික් උළෙල පවත්වනවා සිය අකමැති ප්‍රකාශ කර ඇත. එරට සෞඛ්‍ය විශේෂඥයද ඔලිම්පික් උළෙල නොපවත්වන ලෙසට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ජපාන අගමැති යෝෂිහයිඩි සුගා මහජන මතයට ගරුකරමින් පවසා ඇත්තේ, තම රජය ඔලිම්පික් උළෙලට මුල් තැන නොදෙන බවයි. කෙසේ නමුත් ක්‍රීඩා උළෙලඅවලංගු කිරීමක් ගැනද මෙතෙක් කිසිදු ප්‍රකාශයක් ස්තාන රජය සිදුකර නොමැත. මේ නිසා මෙවර ඔලිම්පික් උළෙල පැවැත්විමේ අවසාන තීරණය ගැනීම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) වෙත පැවරෙනු ඇත.
 (විශ්ව මුදියන්සේ)