7.00am update
කිසිදු ආකාරයකින් දුම්රිය වර්ජනයක් නැතැයි දුම්රිය ලෝකමතිව් උපරේටින් ඉංජිනියරින් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

පාලනාධිකාරියේ දැනුම් දිම මත පෙරවරුවේ එන්නත් ලබා ගැනීමට සේවකයන් පිරිසක් ගිය බවත් එම නිසා දුම්රිය යම් ප්‍රමාදයක් සිදුව ඇතැයි ද පවසයි.

දුම්රිය කීපයක් අද පෙරවරුවේ ගමන් ගත් බවත් බෙලිඅත්ත,මහනුවර,හලාවත අඹේපුස්ස,අවිස්සාවේල්ල,වග යන දුම්රිය ස්ථානවලින් එම දුම්රිය ධාවනය ආරම්භ වූ බව ද ඒ මහතා කියයි.
 

12.30 am
දුම්රිය වැඩ වර්ජනයක් 17 සදුදා දිනයේ හදිසියේ ක්‍රියාත්මක කිරීමේ සූදානමක් පැවතීම හේතුවෙන්, විකල්ප ලෙස, අතිරේක ලංගම බස් රථ යෙදවීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.





දුම්රිය රියදුරු හා නියාමකවරුන්ගේ සංගම් දෙකක් අද දින පූර්ව දැනුම්  දීමකින් තොරව වැඩ වර්ජනයකට සුදානම් වන බවට කල්තියා තොරතුරු ලැබීම නිසා ජනතාව අපහසුතාවයට පත් වීම වැළැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බවද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

ජනතාව ඉතා දුෂ්කර තත්වයක සිටින මොහොතක පටු අරමුණු වෙනුවෙන් අසාධාරණ වැඩ වර්ජනවලට මේ අයුරින් සූදානම්වීම කණගාටුදායක යයිද අමුණුගම මහතා කීවේය.
කිසිදු දුම්රියක් සදුදා(17) දින ධාවනය නොවන බවට තොරතුරු ලැබීම නිසා කාර්යාල මගීන්ගේ පහසුව සඳහා අමතර ලංගම බස් රථ යෙදවීමට කටයුතු කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ලංගම බස්රථ අද දින වැඩි වශයෙන් යොදවා ජනතාවට ප්‍රවාහන පහසුකම් සැපයීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.