කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රතිකාර ලෙස කැප්සියුලයක් සොයා ගත් බව දක්වමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උදාර සම්පත් ගුණවර්ධන පසුගියදා අනේදෝලනයක් ඇති කළේය. ඔහුගේ ඖෂධය ආහාර අතිරේකයක් ලෙස භාවිතා කළ හැකි යයි කියැවුණත් එය වෙළෙදපොලට ඉදිරිපත් කර තිබූ ආකාරය හා කොරෝනා සුවකරන බව දක්වමින් ශ්‍රියන්ත මෙන්ඩිස්, ඕෂධී හේවාමද්දුම ආදීන් යොදාගෙන ගෙනගිය ප්රචාරයත් යූටියුබ් නාලිකා ඔස්සේ මෙම ‘කරල‘ ගත් පසු ලංකාවෙන් කොරෝනා තුරන් වෙන ආකාරයක් ප්‍රචාරණය කිරීම බොර දියේ මාළු බෑමක් ලෙස විවේචනයට ලක් විය. ප්‍රකට වෛද්‍යවරුන් හා වෛද්‍ය සංගම් ඔහුගේ බෙහෙත් අලෙවිය ජාවාරමක් ලෙස දන්වා ඒවාට හසුනොවන ලෙස ජනතාවට දන්වා තිබුණි.
මේ සමග පළවන්නේ ඇතිවූ සිද්ධිදාමයෙන් පසු එයට ඔහු දැක්වූ ප්රතිචාරයයි.
ඇත්තටම කදිම නිර්මාණයක් නිර්මාණය කරලා තියෙනවා ඒ පිළිබඳව ඇත්තටම ජනතාව අතර දැනුවත් වීම අතරේ දැනුවත්කම නිසා කිසියම් අසත්‍ය ප්‍රකාශ වගයක් ජනමාධ්‍ය තුලින් සහ වෙබ් අඩවි තුලින් ඇත්තටම ජනගත කෙරිලා තිබුණා. ඉතින් මේ පිළිබඳ කනගාටුව පළ කරනවා. ලංකාවේ මොනාහරි නිර්මාණයක් කළාම කිසිම සොයා බැලීමකින් තොරව විශේෂයෙන්ම දේශීය නිර්මාණයක් කළාට පස්සේ කිසිම සොයා බැලීමකින් තොරව මේ විදියට ප්‍රහාර එල්ල කරනවා. හැබැයි මෙවර මම හිතන්නේ ඔවුන්ට පරාජය බාර ගන්නට වෙනවා. ඒකට හේතුව මම වෛද්‍යවරයෙක් විදියට සාක්ෂි නොමැතිව කතා කරන්නේ නැහැ .ඒකට අදාල සාක්ෂි මා සතුව තිබෙනවා. ඇත්තටම මේ මොහොතේ අපිට තියෙන්නෙ අපේ රටේ මියයන රෝගීන් ප්‍රමාණය අඩුකරන එක. ඒක නිසා අපි ඔක්කොම එකතු වෙලා ඒකට එකතු වෙන්න ඕන අවස්ථාවක්. අපි අවබෝධයෙන් ඉතාමත් නුවණින් කටයුතු කරන්න අවස්ථාවක්. මොකද ඒ අපේ රටේ මිනිස්සු .මිනිස්සුන්ගේ සෑම මිනිසෙකුගේම ජිවිතය ඉතාමත් වටිනවා. මගේ වෛද්‍ය ජීවිතේ තුළ මම ගොඩක් වැඩ කළ තියෙන්නෙ හදිසි අනතුරු ඒකකය හෝ නැත්නම් දැඩි සත්කාර ඒකකවල. ඒ නිසා මේ ජීවිතේ වටිනාකම මොකක්ද කියලා මම හොඳින්ම දන්නවා. ජීවිතයක් අලුතින් ලැබීමේ අවස්ථාවක් ජීවිතෙන් නැතිවීමේ අවස්ථාවත් මම වසර දහයකට දොළහකට වඩා අත්විඳලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ මට කියන්න තියෙන්නෙ අපේ මියයන රෝගීන් ප්‍රමාණය අඩු කරන්න අපි විසින් ලොවට ප්‍රකාශ කළ කදිම විසඳුම සඳහා සියලු දෙනා ඇහැරිලා ඇත්තටම එකතුවෙලා මේ පිළිබඳ කතිකාවක් හදලා වැඩිය කල් දාන්න වෙලාවක් නෑ .අපි ඉක්මනටම ක්‍රියාත්මක වෙමු කියන්න ඕන .
මේකෙදි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පහුගිය කාලේ මේ විවිධ වැරදි ප්‍රචාර සමාජගත වෙලා තිබුණා. අංක එක තමයි නිශාන්ත සමරවීර වෛද්‍යතුමා .ඇත්තටම ඔහු නොදැනුවත් බව නිසා මේ පිළිබඳ කිසිදු සොයා බැලීමකින් තොරව මේ අසත්‍යක් කියලා කිව්වා. මම ඔහුට මතක් කරනවා ඔහු මගේ හිත මිත්‍රයෙක්. නමුත් ඔබට අපි මේ ගාව තියෙන වාර්තා බලන්නේ නැතුව එහෙම ප්‍රකාශ කරන්න අයිතියක් නැහැ. ඒක නිසා එතුමාවත් මම මතක් කරනවා .දෙවනුව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහත්මා කිසියම් වෛද්‍ය සංසදයක් නියෝජනය කරනවා කියලා දැඩි ප්‍රහාරයක් මාධ්‍යන් තුලින් යොමු කරලා තිබුණා. ඔහුට මම මතක් කරන්න කැමතියි මෙතැන සාක්ෂි තියෙනවා. ඒ නිසා සාක්ෂි නැතිව මම එහෙම කතා කරන්නේ නැහැ .ඒ නිසා ඔහුට මතක් කරනවා ඕනෑම අවස්ථාවක ඔහු සමග මේ පිළිබඳ සංවාදයකට එන්න කැමතියි කියලා. ඇත්තටම කනගාටු වෙන්න කරුණක් තියෙනවා කිසියම් අයෙකුගේ වැරදි පෙළඹීමක් මත හෝ අසත්‍ය කරුණ මත පිහිටා අපි ඉතාමත් ගරු කරන විශේෂඥ වෛද්‍ය ආනන්ද මහත්මා ඒක අනෙක්. කොළඹ අයි ඩී එච් රෝහලේ වෛද්‍යවරයෙක් අපි ගරු කරන මහත්මයෙක්. ඔහු තුලින් කිසියම් වැරදි ප්‍රකාශයක් මේ පිළිබඳ සටහන්වී තිබුණා.හැබැයි ඒකටත් මම පිළිතුරු දෙන්න සූදානම් ඒ නිසා මේ සියලු දෙනා මේ නම් කී නොකී මේ පිළිබඳ තර්ක තියන සියලු දෙනාට ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රසිද්ධියේ විවාදයකට මම ආරාධනා කරනවා. ඒක නිසා මේ මොහොතේ මම තුළ තියන මේ සත්‍ය කරුණු සමග ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා ආරාධනා කරනවා.
එහිදී මම මතක් කරන්න කැමතියි රෝගියෙක්ගේ රෝග ලක්ෂණ කිසියම් ද්‍රව්‍යයක් තුළින් ආහාරයක් හෝ වේවා වෙන යම් නමකින් සඳහන් කරන ද්‍රව්‍යකින් මාත්‍රා තුනකින් හතරකින් රෝගීන් දහසකගේ පමණ අඩු වෙනවා නම් ඒ පිළිබඳ කෙනෙකුට තොරතුරු ෙසායා බලන්නේ නැතුව නැහැයි කියන්න බැහැ .ඒ නිසයි නැහැයි කියලා ඒ රෝගීන්ට කියනවා නම් සමහර වෙලාවට වක්‍රාකාරයෙන් එය මරණයට අනුබල දීමක් වෙන්න පුළුවන්.මේ අවස්ථාවේ එක නිසා ෙසායා බලන්නේ වැරදි ප්‍රකාශ නිකුත් කිරීම තවත් කෙනෙක්ගේ මරණයට අනුබලදීමක්. මම හිතනවා ඒක නිසා තමයි මම නොබියව මේ මාධ්‍ය ඉදිරියට ඇවිත් අපි තුළ සාක්ෂි තියනවා. සියලු මඩ ප්‍රහාර වලට නැත්නම් අසත්‍ය ප්‍රහාරවලට සාක්ෂි තිබෙනවා .ඒ සාක්ෂි ඉදිරිපත් කරන්න තමයි මං මේ විදියට මාධ්‍ය ඉදිරියට ආවේ .ඒ නිසා මගේ එකම අරමුණ අපේ කණ්ඩායමේ එකම අරමුණ මේ මියයන රෝගීන් ප්‍රමාණය අඩු කිරීම කෙසේ හෝ අපේ ලංකාවට අපි ආදරණීය ලංකාවට කෙසේ හෝ අපි උදව් කරලා අපි මෙ පවතින තත්වයයට සහනයක් ලබා දෙන එක .ඒ නිසා ඒ සඳහා සියලු දෙනාගේ ඇස් ඇරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඕනෑම අභියෝගයකට විවෘත මුහුණදෙන්න මම සුදානම් බව මෙහිදී මම තරයේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මේ පිළිබඳ තවත් කතිකා කර කර ඉන්න වෙලාවක් නැති උනත් මේ සත්‍ය කරුණු යට දමන්න මෙවර නම් ඉඩ තියන්න අපි කිසිදු සූදානම් නැති බව මම ප්‍රකාශ කරනවා.
දෛනික පරීක්ෂණයක් කරන්න ඔබට කොහොමද හැකියාවක් ලැබුණේ?
ඔව් මේක අපි ඇත්තටම ආහාරයක් විදිහට තමයි හඳුන්වා දීලා තියෙන්නේ. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම සායනික පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය මූලික කටයුතු අපි දන්නවා ITI රිපෝට් එක ගන්න ඕනේ. කෙසේ හෝ එය ලියාපදිංචි කරන්න ඕනේ. ITI රිපෝට් එක ගැනීම සඳහා අපි මේක ඉදිරිපත් කළ තියෙනවා. ඒ රිපෝට් එක ලැබුනට පස්සේ අපි අදාල සායනික පරීක්ෂණ වලට register වෙන්න ඕනේ .එහෙම රෙජිස්ටර් වෙලා එතකොට ඒ ක්‍රියාදාමය ආරම්භ කරලා තියෙනවා .එතකොට ඒ ක්රියාදාමයත් ඊට සමගාමීව වන බව සියලු දෙනාට කියන්න ඕනේ.
මේකෙ වස විස නෑ කියලා ඔබතුමා කොහොමද ඔප්පු කරන්නේ ?
ඇත්තටම අපි ආහාරයක් විදියට කිසියම් දෙයක් එළියට දානවා නම් වස විස තියනවද කියල බලන්න ඕනේ. ඇත්තටම ජාත්‍යන්තරයට යන විට ආහාරයක රසදිය, led වගේ එවා තියනවද කියලා බලන්න ඕනේ . අපි ජාත්‍යන්තර තත්ත්ව සහතිකයක් තියන ජාත්‍යන්තර පරීක්ෂණ ආයතනයකට මේකේ යොමුකරලා අපි ගාව ඒ සහතිකය තියනවා. ඒකෙ පෙන්වලා තියෙනවා cadmium, led, mercury නැහැ කියලා. ඒ නිසා මේ සහතික තියෙනවා ඉතින් ඒ නිසා ඒ බැර ලෝහ නැහැ කියලා ඒ ආයතනයෙන් අපි අරගෙන තියෙනවා. බොහෝ කලකට පෙර තමයි අපි මේක අරගෙන තියෙන්නේ.
මේක කියන තරම් හොඳ ප්‍රතිඵල තියෙනවා නම් රජ එක්ක එකතු වෙලා මේක රෝගීන්ට ලබා දෙන්න පුළුවන් නේද?
ඕනෑම අවස්ථාවක රජය හෝ අදාළ පාර්ශ්වයන් සමඟ එක්වී අපේ රෝගීන්ට ආහාරයක් ලෙස ලබා දීමට අපි සූදානම් .ඒ පිළිබඳ ඕනෑම පාර්ශ්වයක් සමඟ එක් වී ක්‍රියා කිරීමට අපි සූදාන.ම් මොකද අපිට වැදගත් වෙන්නේ මියයන මේ මිනිසුන් ප්‍රමාණය අඩු කිරිම නැත්නම් රෝග ලක්ෂණ වලින් පෙළෙන මිනිසුන් ප්‍රමාණය අඩු කිරිම , icu රෝගීන් ප්‍රමාණය අඩු කිරීම මොකද මේ තත්ත්වය තුළ අපි අද දිනයේත් රෝහල්වල තියෙන සැබෑ තත්ත්වය බැලුවම රෝහල් වල හැමෝටම මේ ක්‍රියාව කරන කාර්ය මණ්ඩලයටත් දිනෙන් දින කාර්යබහුල වෙනවා .ඒ නිසා අපිට පුලුවන්නම් රෝගීන්ගේ රෝග ලක්ෂණ ප්‍රමාණය අඩු කරන්න පුළුවන් නම් මම හිතන්නේ අපි එකතු වෙන්න ඕනේ. ඒ නිසා මේ පිළිබඳ සියලු දෙනා එකතුවෙලා මේකට අපි සූදානමින් ඉන්න ඕන මොහොතක්.
එතකොට මේක කරාපිටිය රෝහලේ අධ්යක්ෂ තුමා කිව්වා මේක ගැන දැනුවත් නෑ කියලා ඔබතුමා මේක ගැන දැනුවත් කරේ නැද්ද?
මේක ඇත්තටම පෞද්ගලිකව කරපු පරීක්ෂණයක් සහ කණ්ඩායම් වශයෙන් කරපු පරීක්ෂණයක්. ඒක නිසා රෝහලේ සෘජු සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. අපි පෞද්ගලික මුදලින් තමයි මේ දේවල් කලේ .ඒක නිසා මේක අපි රාජකාරි කටයුත්තක් නොවන නිසා අධ්‍යක්ෂකතුමා ව දැනුවත් කරලා තිබුණෙ නැහැ. එතුමාගේ ප්‍රකාශය හරි දැනුවත් කරලා තිබුණෙ නෑ. නමුත් දැනුවත් නො කෙරුවා කියන්නේ අසත්‍ය කරුණක් නෙමෙයි මේක සත්‍ය කරුණක්.
මේකෙන් මොකක්ද පෙනහල්ලට වෙන්නේ?
රසායන විද්‍යා ඥානය අනුව සංයෝග ගණනාවක් එකතු කරල අපි කරපු දෙයක්. මේකෙදි අපි ආඩතෝඩා කියන ශාක යොදාගෙන තියෙනවා ඉතින් ඒ ද්‍රව්‍ය තුළින් අපේ තියන ස්වාස නාළිකා ඉහළ තත්ත්වයකට ඒකට පහසුකම් සලසන්න පුළුවන්. ඊට අමතරව iginol කියන සංයෝගය අපි යොදාගෙන තියෙනවා මදුරුතලා කියන ශාකයෙන්. එකේදී කියලා තියෙනවා ඒ පරීක්ෂණවලදී පෙන්නුම් කළ තියෙනවා මේ iginol කියන සංයෝගය ඇන්ටි ඔක්සිජන් effect එකක් තියෙනවා. එක භාවිතා කරන්න පුලුවන් පෙනහළු සෛලවලට වෙන හානිය අවම කිරීමට ඒක නිසා මේක ජාත්‍යන්තර පරීක්ෂණ උපුටා දක්වමින් තමයි අපි කියන්නේ. ඒ වගේ රසායන සංයෝග ගණනාවක ජාත්‍යන්තර පරීක්ෂණ උපුටා දක්වපු විස්තර අපි ගාව තියෙනවා. ඒ නිසා පෙනහල්ලට සිදුවෙන හානිය අවම කිරීමට මේකෙන් බලාපොරොත්තු වනවා. කෙසේ හෝ මෙය භාවිතා කළ රෝගීන් පවසනවා ඔවුන්ට මාත්‍රා තුනක් හතරක් වගේ යද්දී රෝගීන් ප්‍රමාණයකට ඔවුන්ගේ රෝග ලක්ෂණ අඩු වුණා. පහසුවක් දැනුන කියලා. ඒක නිසා එක අපිට තවත් සාක්ෂියක් වෙනවා. සමහර වෙලාවට පොත්වල තිබුණාට ජාත්‍යන්තර පරීක්ෂණ වාර්තා වල තිබුනට ඒක අවසාන ප්‍රතිඵල කියන්න ඕනේ අපේ රෝගීන්. ඉතිං ඒ නිසා එම රෝගීන් ම පවසනවා මේක විවිධ ප්‍රදේශවල රෝගීන් පෙනහළු වලට පහසුවක් තියෙනවා කියලා .ඒක නිසා සෘජුව මම මේක පෙනහල්ලට බලපෑම් කරනවා
එතකොට එන්නතයි මේ නිශ්පාදනයයි අතර තියන වෙනස මොකක්ද එතකොට මේක ගන්න කෙනෙක් එන්නත ගන්න ඕනේ නැද්ද?
මෙතන අපි පටලවා ගෙන තිබෙන දෙයක් තියෙනවා .එන්නතින් කරන්නේ රෝග ඇත්ත වීම වැළැක්වීම. ඒ පිළිබඳ පුළුල් වැඩපිළිවෙළක් ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි ගරු කරන්න ඕනේ. එකට සහය දක්වන්නත් ඕනේ. මේකෙන් අපි කතා කරන්නේ මේ තත්ත්වය යටතේ දී රෝගී වන ජනතාව පිළිබඳ රෝගී වන ජනතාව ඇතුළත් කරාට පස්සේ ඔවුන්ට ලබා දෙනවා කිසියම් ඖෂධ වර්ග නමුත් ඊට අමතරව මේක තුලින් ප්‍රතිඵල පෙන්වනවා රෝගී උන අයට. ඒ නිසා එන්නත සහ මෙය ආකාර දෙකක්. පැහැදිලිවම කියන්න ඕනේ එන්නත තියෙන්නෙ රෝග ඇතිවීම වැළැක්වීමට මේ භාවිතා කරන්නේ රෝගය තියෙන අයගේ රෝග ලක්ෂණ අඩු කිරීමට
ලෝකයේ ලංකාවට වඩා දියුණු රටවල් තියෙනවා එතකොට කිසිම රටක මේ වගේ නිෂ්පාදනයක් කරලා නැහැ ?
ලංකාවෙ අපිට බැහැයි කියල නිකං ඉන්න බැහැ. අපි මේක පලවෙනි උත්සාහය නොවෙන්න පුළුවන්. මීට පෙරත් මේ වගේ නිර්මාණ කරලා තියෙනවා. ඒක නිසා අපි ලෝකෙ කරන දෙස බලාගෙන ඉන්නවා වගේම අපි පුළුවන් කියලා හිතලා අපි දෙයක් ආරම්භ කරල ක්‍රියාත්මක කලොත් අපිට ජයගන්න පුළුවන් කියලා .මේක විතරක් නෙමෙයි ඕන තරම් උදාහරණ තියෙනවා ඒක නිසා අපිට දැන් හිතන්න කාලය ඇවිත් තියෙන්නෙ ලෝකෙට බැරි වෙන දේවල් අපිට කරන්න පුළුවන් කියලා අපේ ආදරණිය ජනතාවට හිතන්න නැවත කාලේ ඇවිල්ල කියල මට හිතෙනවා.
0 Comments