ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් ගෙන්වන ලද ඇස්ට්‍රාසෙනාකා පළමු මාත්‍රාව 925000 කට ලබාදී තිබුණත් දෙවන මාත්‍රාව ලබාදීමට 600000 ක් පමණ එන්නත් මදිවීම නිසා ගැටලුවක් පැනනැගී ඇත. ඉන්දියාවේ එන්නත් අපනයනය නතරවී ඇති නිසා මේ මදිපාඩුව පියවා ගැනීමට රජය ගැටලුවකට මුහුණදුන් අතර මේ වනවිටත් දෙවැනි එන්නත ලබාදිය යුතු පළමු එකින් පසු සති 12-16 අතර උපරිම කාලසීමාව අවසන්වී ඇත.
මේ නිසා රජය වෙනත් රටවලින් හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිහිට පැතූ මුත් තවම ඉතිරි තොග ලැබෙන ලකුණක් නැත.
මේ ගැන විකල්ප මොනවාදැයි වෛද්‍ය සුදත් සමරවීරගෙන් විමසා සිටි විටෙක කියා තිබුනේ දෙවැනි මාත්‍රාව මිශ්‍රණයක් ලෙස වෙනත් එන්නතකින් ලබාදිය හැකිදැයි පරීක්ෂණ කරන බව පමණි.
එසේම පළමු එන්නත පමණක් ලබාගත් පිරිසකටම කොරෝනා වැළදුණ බව හෝමාගම රෝහල ඇතුළු ස්ථාන ගණනාවකින් දැන් වාර්තා පවතින අතර පළමු මාත්‍රාව පමණක් ලබාගත් වෛද්‍යවරුන්ට පවා රෝගය වැළඳී තිබුණි.
අත්‍යවශ්‍ය සෞඛ්‍ය හා ආරක්ෂක අංශ සාමාජිකයින් හැර කොළඹ හා තදාසන්න ලක්ෂ 5 කට ආසන්න පිරිසකට
දෙවැනි එන්නත නොලැබ අනාරක්ෂිත තත්වයක පවතී.
නමුත් අද(11) පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී උදය ගම්මංපිල මෙය එතරම් ගැටලුවක් නොවන බව කියූ අතර මිශ්‍රණ ලෙස වෙනත් එන්නතක් දෙවැනි එක ලෙස යෙදීම වෛද්‍ය විද්‍යාත්මකව සනාථවී ඇතැයි මුල්වරට හෙළිදරව්වක්ද කළේය.
එසේම 'පළමු එක පමණක් ගැසුවත් ඇති' වැනි අදහසක්ද පළ කළේය.
ඒ ගැන කිසීදු ගැටලුවක් නැතැයි පුන පුනා කීවේය.
සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඒ ගැන කියුවේ මෙසේය.
‘දෙවෙනි මාත්‍රාව වෙන රටවලින් ලබාගැනීමේ සාකච්ඡා තියනවා. එහෙම නැත්නම් වෛද්‍යවරුන්ගේ භාසාවෙන් කියනව නං මික්ස් ඇන්ඩ් මැච් කියලා. මාත්‍රා දෙක දෙවර්ගයකින් ලබාදීමේ ගැටලුවක් නැති බවට මේ වනවිට විශේෂඥයින් ප්‍රකාශ කරල තියනවා. මේ සියලුම විකල්ප තියන නිසා ඇත්තෙන්ම දෙවන මාත්‍රාව පිලිබඳ රටේ ප්‍රශ්නයක් නෑ. ඒක.. එහෙම ප්‍රශ්නයක් නැහැ...
ඒක එහෙම නිසා අපි දන්නවා සති 12 -16 වගේ පරතරයක් ඇතිව තමා දෙවන මාත්‍රාව ලබාදෙන්නේ ඒක නිසා මේ ලැබී තිබෙන එන්නත් වලින් වැඩි ප්‍රමාණය අපි වැඩි පිරිසකට ලබාදෙනවා මොකද පළවෙනි මාත්‍රාවෙන් පමණක් ඉතා ඉහළ ප්‍රතිශක්තිකරනයක් ඇති වන බව පර්යේෂණ වලින් හොයාගෙන තියනවා.
දෙවෙනි මාත්‍රාවෙන් කරන්නෙ පොඩ්ඩක් වැඩි දියුණු කිරීමක් පමනක් පොඩ්ඩක් ‘බූස්ට්‘ කිරීමක් තියන තත්වය වැඩිදියුණු කිරීමක් කරන්නෙ. ඒ නිසා පළවෙනි මාත්‍රාව වැඩි පිරිසකට ලබාදීම තමා උපාය මාර්ග වශයෙන් වැදගත් වෙන්නෙ. ඒ නිසා අනිවාර්යෙන්ම ලැබී තිබෙන එන්නත් උපරිමයෙන්ම භාවිතා කරමින් වැඩිදෙනෙකුට අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබාදීම තමා උපාය මාර්ගය.‘
0 Comments