unichela-janaki

නිදහස උදෙසා කාන්තාවන්ගේ සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී පළවූ අදහස් පහත පරිදිය.
 


විවිධ විවිධ කර්මාන්තශාලා තියෙනවා. මේ හැම එකම දාහක් දෙදාහක් තුන්දාහක් විතර සහෝදර සහෝදරියන් වැඩ කරනවා. දැන් කෝවිඩ් වසංගත තත්වය ඇතුලේ ලංකාවේ ආර්ථිකයට අවශ්‍ය කරන මැදිහත්වීම කරන්න තියෙන එකම ආදායම් මාර්ගය බවට පත්වෙලා තියෙන්නේ ඇඟලුම්. ඒක තමයි ලංකාවේ පාලකයින්ට තියෙන එකම ආදායම් මාර්ගය. ඒ නිසා අපේ රටේ සාමාන්‍ය මිනිස්සු ගේ ජීවිත බිල්ලට දීලා දැන්  ඉස්සරහට පවත්වාගෙන යන්න පාලකයෝ සමාගම් අයිතිකරුවෝ එක්ක සම්බන්ධ වෙලා වැඩපිළිවෙළක් දියත් කරලා තියෙනවා. ජෛව බුබුල කේන්ද්‍ර කරගෙන මේකෙන් ක්‍රියාමාර්ගය ගනිමින් ඉන්නවා. දැන් ජෛව බුබුල කියන එක කේන්ද්‍ර කරගෙන මේ කියන වැඩපිළිවෙළ දියත් කරන එක ඇතුලේ ෙමාකක්ද ජෛව භූගෝල කියලා කියන්නේ. ජෛව බුබුල යටතේ නම් ඒක ක්‍රියාත්මක කරන්නේ මේ ගොල්ලෝ ඔක්කොම එක තැනක  එක ආයතනයක වැඩ කරන අය එක තැනකින් ඕනේ. ඒගොල්ලො එක් නේවාසිකාගාරයක තියාගන්න ඕනේ .ආහාර දෙන එක වෙන් කරලා තියන්න ඕනේ. ඒගොල්ලො නිදාගන්න එක වෙන් කරලා තියන්න ඕනේ .නැවත එකම වාහනේක ආයතනයට ගේන්න ඕනේ .මේක තමයි ක්‍රියාවලිය .හැබැයි මේ කිසි කෙනෙකුට එහෙම එකක් නෑ .මේ ආයතනවල වැඩ කරන අය ආයතනයට එන්නේ ගෙවල්වලින් එහෙම නැත්නම් තමන්ගේ බෝඩිමෙ ඉඳලා එහෙම නැත්නම් තමන් ඉන්න කොහේ හරි තැනක ඉඳලා .එතකොට ජෛව බුබුල කියලා සංකල්පයක් නෑ. ඒක තමයි ප්‍රශ්නෙ තියෙන්නෙ. ඒ නිසා වසංගතය එළියෙ ඉඳන් අතුළට යනවා .ඇතුලෙ ඉඳන් එළියට එනවා. ඒ නිසා දහස් සංඛ්‍යාත සහෝදර සහෝදරියන් පිරිසක් මේ වෙලාවේ රට පුරාම මේ කියන වසංගතයට ගොදුරු වෙමින් ඉන්නවා.




 මිනිස්සු මිය යනවා. මාධ්‍යවලින් ඒක ප්‍රකාශයට පත් වීම අවම වෙලා තියනවා. ඒකට තියෙන ඉඩකඩ තමයි මේ වසංගත තත්ත්වය ඇතුලේ මාධ්‍ය වලට මේකට තියන සීමා ඉතාම සීමිතයි .ගෙවල් වලට වාර්තා වෙන්නේ නෑ ,තමන්ගේ යාලුවන්ට වාර්තා වෙන්නේ නෑ, තමන්ගේ ඥාතීන්ට වාර්තා වෙන්නේ නෑ ,හිතවතුන්ට වාර්තා වෙන්නේ නෑ ,ඒ නිසා මේවා කෝවිඩ් මරණ විදියට නිශ්චිත වෙනවා මිසක් එහෙම නැත්නම් කෝවිඩ් මරණ විදියටවත් නිශ්චිත වෙන්නේ නැතිවනිකම්ම මේ මහ පොළොව යට වැලලිලා යනවා අපේ රටේ තරුණ ජීවිත. ඒක තමයි මේකේ තිය ලොකුම ප්‍රශ්න.ය දැන් මේ වෙද්දි අනතුරකට ලක් වෙලා තිබ්බ අපේ රටේ මේ විවිධ ආයතන වල ,කර්මාන්තශාලාවල, ඇඟලුම් කර්මාන්තශාලා වල වැඩ කරපු සහෝදර සහෝදරියෝ මේ වෙද්දි ජීවිතවලින් වන්දි ගෙවමින් ඉන්නවා .ඒක තමයි මේකෙ තියෙන බරපතළම තත්ත්වය.


දැන් ඊයේ පෙරේදා හංවැල්ලේ linea aqua සමාගමේ සුරංග කියලා සහෝදරයෙක් මියගියා. ඔහුට අවුරුදු තිස් අටයි.දෙදරු පියෙක්. ඊළඟට පන්නල slimline එකේ වැඩ කරපු සහෝදරියක්. ගැබිනි මවක්. ඇය මිය යනවා මේ ආයතන වැඩකරලා. ජානකී කියලා සහෝදරියක් .එයා මිය යන්නේ .එතකොට මේ ඉන්නේ චන්දිමා සහෝදරිය. මෙයත් පන්නල slimline එකේ වැඩ කරන්නේ. මැයි දහනමවෙනි ද තමයි ඇය මිය ගිහිල්ලා තියෙන්නෙ. එතකොට ෂෙල්ටන් ජයරත්න .එයත් මේ ආයතනය වැඩ කරන්නේ .ඔහුට අවුරුදු හතළිස් අටයි .1996 ඉඳන් මොහු සේවය කරල තියෙනවා අවුරුදු ගණනාවක් මේ ආයතනයට එතකොට. මොහු මිය ගිහිල්ලා තියනවා . එතකොට පන්නල slimline ආයතනයෙන් විතරක් මේ වෙද්දි තුන් දෙනෙක් මිය ගිහින් තියෙනවා. එතකොට මේ මරණ වලට කවුරුත් වග කියන්නේ නෑ. අනිත් පැත්තෙන් මේ සහෝදරී යුනිචෙලා ආයතනයේ වාද්දුවේ .ඒත් අවුරුදු තිස් දෙකයි.දෙදරු මවක්. කෝවිඩ් ආසාදිත වෙලා මිය ගිහිල්ලා තියනවා දැන් සතියක් වත් ඉක්ම ගිහිල්ලා නෑ. එතකොට මේ කොග්ගල ස්ටාර් ගාමන්ට් එකේ සහෝදරයෙක්. එතකොට ඔහුත් මිය ගිහිල්ලා තියෙනවා ඔහු විදුලි කාර්මික ශිල්පියෙක් .ඔහුත් covid ආසාදිත ව මිය ගිහිල්ලා තියනවා .මේ ඔබ මම දකින කිහිප දෙනෙක් විතරයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ මරණ වලට ආයතනය වගකියනවා ද ?ආණ්ඩුව වග කියනවද ?කවුද වගකියන්නේ ? ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. වාද්දුවේ යුනිචෙලා ආයතනයේ වැඩ කරපු ප්‍රියන්ති කියන මේ සහෝදරිය අවුරුදු තිස් දෙකයි දෙදරු මවක් .ඇය දිගින්  දිගටම ඉල්ලීම් කරද්දී තමන්ට අසනීප වෙලා තියෙනවා. තමන්ට අසනීප නිසා ගෙදර නවතින්න ඉඩ දෙන්න කියලා කියද්දිත් වැඩට කැඳවනවා. ඒක තමයි මේකෙ තියෙන අනිත් බරපතළ ගැටලුව. එතකොට එයා වැඩ ඉවරවෙලා යන්නේ ගෙදර .දැන් මේ වෙද්දි අම්මා තාත්තා දරුවෝ පවුලේ හැමෝම කෝවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා. එතකොට මේ   ක්‍රියාමාර්ග ආණ්ඩුව ගන්නේ මොනවා පදනම් කරගෙනද? මේ විදියට හැසිරෙන්නේ ඇයි ? මිනිහෙක් රැකියාවක් කරන්නේ ජීවත් වෙන්න කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. අපේ රටේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන මිනිස්සුන්ට සිද්ධ වෙලා තියෙනවා ජීවිතේ වෙනුවට මරණය තෝරා ගන්න.



රැකියාව කරන්නේ මරණය වෙනුවෙන් ජීවිතය වෙනුවෙන් නෙමෙයි රැකියාව කරන්න වෙන්නේ. එක පැත්තකින් ආණ්ඩුව පාලකයෝ හදලා තියෙනවා මේ වෙලාවෙත් වැඩ කරන්න ඕන ජීවත් වෙන්න ඕනේ ,මොනාහරි කීයක් හරි හම්බ වෙන්නේ රස්සාවක් කෙරුවොත් තමයි කියලා .ඒක තමයි මේ වෙලාවේ හදලා තියෙන ලොකුම කතාව .හැබැයි රස්සාවක් කරන්න ඕන තමයි. හැබැයි රස්සාවක් කරන්න ජීවත් වෙලා ඉන්න ඕනේ .ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ .වසංගත තත්වය ඇතුලේ මිනිහෙක්ට අවශ්‍ය කරන අවම පහසුකම්වත් සලසන්නේ නැතිව විශේෂයෙන් මේ වෙලාවේ මේ ආයතන ඇතුළේ ජීවිත සුරක්ෂිතතාවයක් නැතිව වැඩ කරන සහෝදර සහෝදරියෝ ගැන කවුද වගකියන්නේ. mas holdings company එක මේ ආයතනය ඒ ආයතන විවිධ ආයතන ගණනාවක් රට පුරාම තියෙනවා. 99,000 සේවකයෝ වැඩ කරනවා. මේ ආයතනයට අනුබද්ධ ආයතනවල 99,000 සේවකයෝ වැඩ කරනවා .ඊළඟට හයිඩ්‍රාමනී  කම්පැනියකට අදාළව 55000 සේවක ප්‍රමාණයක් වැඩ කරනවා. හැබැයි ඒ වගේ සෞඛ්‍යය ආරක්ෂාව සම්බන්ධයෙන් කවුද වගකියන්නේ. mas holdings ආයතනයේ HR එකේ වැඩ කරන සහෝදරියෝ ඒ අය සමහර දරුවෙ හම්බ වෙලා ඉන්න අය ඉල්ලීම් කරද්දි මම කිරි දෙන මවක්. මාව මේ වෙලාවේ නිදහස් කරන්න මාව මේ වෙලා වැඩට කැඳවන්න එපා කියලා කියද්දිත් HR එකෙන් කියන්නේ එහෙම නම් ඒ දරුවො හම්බ වෙලා ඔබ දරුවෙක් හම්බ වෙලා ඉන්නවනම් තත්තාවත් නිදහස් කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ හම්බ වෙලා ඉන්න දරුවා අම්මාගෙ  ඡීවිතේ තාත්තාගේ ඡීවිතේ මිනිසුන්ගේ ජීවිත කාටද මේ වෙලාවේ අගයක් තියෙන්නේ ?ඒක අදාලම නෑ. සල්ලි ද මේ වෙලාවේ මූලික වෙලා තියෙන්නෙ. ආණ්ඩුවට පාලකයින්ට මේ කියන සමාගම් අයිතිකරුවන්ට මේ වෙලාවේ වැදගත් වෙලා තියෙන සල්ලි. මිනිස්සු මැරුණට කාටවත් මොකක්වත්ම වැඩක් වෙලා නෑ. දැන් එතකොට නුවරඑළිය ස්ටාර් ගාමන්ට් එකේ මේ වෙලාවේ එකසිය අසූ දෙනෙක් කෝවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා තියෙනවා. ඊට පස්සේ nest ආයතනයේ කටුනායක සීයක් මේ වෙලාවේ කෝවිඩ්  අසදිත බවට පත්වෙලා තියෙනවා. කටුනායක polytex ආයතනයේ සීයක් මේ වෙද්දි කෝවිඩ් ආසාදිතයින් බවට පත්වෙලා තියෙනවා. හොරණ  bodyline ආයතනයේ මේ වෙලාවේ 1400ක් කෝවිඩ් ආසාදිත තත්වයේ pcr කරල කෝවිඩ් ආසාදිත බවට පත්වෙලා තියෙනවා. unichella ආයතනයේ 450ක්  pcr  කරල positive වෙලා ඉන්නවා. මංචි ආයතනයක්  සීයක් මේ වෙලාවේ කෝවිඩ් ආසාදිත බවට පත්වෙලා. හඟුරන්කෙත ඇපරල් ආයතනයේ සීයක් මේ වෙලාවේ පොසිටිව් වෙලා ඉන්නවා .කටුනායක isabela ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ එකසිය විස්සක් මේ වෙලාවේ කෝවිඩ් ආසාදිත බවට පත්වෙලා තියෙනවා. kristen මාර්ටින් එකේ සියයක් මේ වෙලාවේ පොසිටිව් වෙලා ඉන්නවා ස්ටාර් ගාමන්ට් එකේ තුන්සීයක් ආසාදිතයින් වෙලා තියෙනවා. කටුනායක shadowline එකේ දෙසියයක් මේ වෙලාවේ පොසිටිව් වෙලා ඉන්නවා. දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ රට පුරා මේ වාර්තාවෙන් ප්‍රමාණය විතරයි වාර්තා නොවෙන මරණ කෝවිඩ් ආසාදිතයින් දහස් ගණනක් මේ වෙලාවේ ඇති .මේවා වහලා මේවා හංගලා මේවා යට කරලා මේවා සමාජයට එන්නේ නැති වෙන්න වැඩ හදලා පාලකයෝ මොකක්ද මේ කරන්නේ?




 මේක ඉතාම බරපතළ තත්ත්වයක් .ඉතාම ඛේදනීය තත්ත්වයක්.  රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිත අනතුරකට දාලා ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය සම්බන්ධයෙන් කිසිම වගකීමක් නැතිව අවම වශයෙන් මේ කියන කර්මාන්තශාලාවල වැඩ කරන සහෝදර සහෝදරියන්ට මෙම එන්නත වත් දෙන්න මේ පාලකයෝ මැදිහත් වෙනවා නම් . දැන් මේ පාලකයෝ එන්නත ගේනවා එන්නත ගේනවා එන්නත ගෙනල්ලා තියෙන්නේ කියලා කිව්වට අවම වශයෙන් එන්නත දෙන්න .මේ වැඩ කරන මිනිස්සු නේ. එහෙම නම් ඔවුන්ව වැඩට කැඳවනවා නම් මේ ආයතන වලට ඔවුන්ට පළවෙනි පැයදිම එන්නත දෙන්න .එන්නත දීලා අවම වශයෙන් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න ඕනේ .ඔවුන්ට එකට අවශ්‍ය වටපිටාවක් ආයතනය ඇතුළෙ හදන්න ඕනේ. අයතන ඇතුළේ සෞඛ්‍ය ක්‍රමවේදයක් හදන්න ඕනේ. එහෙම හදන්නේ නැතිව ඔවුන්ව වැඩද කැඳවලා ඔවුන්ව මරණයට නම් තල්ලු කරන්නේ මම කියන්නේ මේ වගේ පාලනයක් අපිට මොකටද? ජීවත් වෙන්න රස්සාවක් කරලා මරණය තෝරා ගන්න වෙනවා නම් මම අහන්නේ මේ වගේ පාලනයක් අපිට මොකද ?ඒ නිසා මේ කර්මාන්ත ශාලාවල වැඩ කරන සහෝදර සහෝදරියන්ට ජීවිත මේ වෙලාවේ බරපතල අනතුරක තියෙන්නේ. සමහර සහෝදර සහෝදර ඉන්නවා තමන් ඉන්න කාමරය තුළ මේ වෙලාවේ කෝවිඩ් ආසාදිත බවට පත්වෙලා කන්න බොන්න නැතිව ඔවුන් තමන්ගේ ෆෝන් එකෙන් තප්පර ගානකට මොකක් හරි විදියකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා ෆේස්බුක් එකට දානවා.



අනේ අපිව කවුරුහරි බලන් එන්න අපිට උදව් කරන්න කියලා. ඔවුන්ගේ දෙමාපියන් කොහෙද ඉන්නේ නෑදෑයා කොහෙද ඉන්නේ ,කවුද ඔවුන්ව බලන්න යන්නේ? කාටද පුළුවන් ඔවුන්ට උදව් කරන්න. මොන පාලකයා ද ගිහිල්ලා ඒ සහෝදරයන්ගෙ සහෝදරියගේ ඒ ඉන්න කාමරේ දොරකඩින් හරි අපි උදව් කරන්නම් කියලා මැදිහත් වෙන්නේ? අපි දැකලා නෑ එහෙම දෙයක් .මේ රටේ පාලකයෝ ඔය වගේ කතා කිව්වට කිසිම පාලකයෙක් මේ වෙලාවේ එකට මැදිහත් වෙන්නෙ නෑ. පාලකයෝ මේ වෙලාවේ තමන්ගේ වැඩ කර ගනිමින් ඉන්නවා. සමහර වෙලාවට මේ රටේ ඒ දේවල් ඔක්කොම කරනවා අරක කරනවා මේක කරනවා කියපු පාලකයෝ අද රටෙත් නෑ. මේ වෙලාවේ ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා එක්ක පැත්තකින් එහෙම අනතුරක් මේ වෙලාවේ තියෙද්දි විශේෂයෙන් කර්මාන්තශාලාවල වැඩකරන සහෝදරයෝ අපි මේ වෙලාවේ පාලකයින්ට බල කරනවා එක පැත්තකින් සමාගම් අයිතිකරුවන්ට බලකරනවා තමන් ගොඩ ගහගෙන තියෙන ලාභ කඳු මේ වෙලාවේ හොල්ලන්න කියලා. අවුරුදු ගානක් එකතු කරපු ලාභ කඳු හොල්ලලා අවම වශයෙන් මේ කෝවිඩ්  positive වුණ සහෝදර සහෝදරියො එහෙම නැත්නම් මරණයට ලක් වෙමින් තවමත් වැඩ කරන සහෝදර සහෝදරියො ගේ ජීවිතවල සුරක්ෂිතභාවය තහවුරු කරන්න.


 ඔවුන් අවම වශයෙන් මාස තුනක්වත් ඔවුන්ගේ මුළු වැටුපම ගෙවලා ඔවුන්ට අවශ්‍ය කරන ක්‍රමවේදයක් හදන්න ඔවුන් ගෙවල් වල රඳවලා කර්මාන්තශාලා වහල දාන්න. ඒක කරන්න ඕනේ .ඒක කරන්නැතුව මේ වෙලාවේ මේ තත්ත්වය අපිට තවදුරටත් ඉස්සරහට යන්න බෑ. ලංකාව ඉන්දියාව බංග්ලාදේශය නේපාලය වැනි රටවල් මේ වෙලාවේ තමන්ගේ ආර්ථිකය නගා සිටුවන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ දියත් කරන්නේ රටවල් වල කර්මාන්තශාලා වල වැඩ කරන මිනිසුන්ගේ ජීවිත බිල්ලට දීලා .එනිසා අපේ රටේ පාලකයින්ට කියනවා මේක කරන්න එපා .සමාගම් අයිතිකරුවන්ට කියනවා තමන්ගේ ලාභ කදු හොල්ලලා මේ වෙලාවේ තමන් ගොඩ ගහ ගත්ත සල්ලි හොල්ලලා මේ වෙලාවේ තමන්ගේ කර්මාන්තශාලාවලට ලාභය ගේන්න වෙහෙසුන මහන්සි වුණ කැපවුණු මේ මිනිස්සුන්ගෙ ජීවිතවලට වග කියන්න. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය කරන මුදල් ඔවුන්ගේ සම්පූර්ණ වැටුපු ගෙවන්න. ඒ වගේම කෝවිඩ් positive උන සියලු දෙනාට නිවාඩු අනුමත කරන්න කියන බලකිරීම අපි මේ වෙලාවේ සමාගම් අයිතිකරුවන්ට කරනවා. ඒ වගේම ආණ්ඩුවට බලකිරීම කරනවා .එක පැත්තකින් සමාගම් අයිතිකරුවෝ කියන ආණ්ඩු කියලා නෑ මේක වහන්න කියලා. ආණ්ඩුව කිව්වොත් අපිට පුළුවන් වහන්න කියලා. ඒ නිසා මේ දෙගොල්ලන්ටම අපි කියන්නේ එක පැත්තකින් මේ මිනිස්සුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න. අනිත් පැත්තෙන් මේ මිනිස්සු වැඩ වල යොදවාගෙන රැකියාවේ යොදවාගෙන කිසිම සෞඛ්‍යාරක්ෂිත පහසුකමක් නැති ව ඒ අයගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන සමාගම් අයිතිකරුවන්ට කියනවා තමන්ගේ ලාභයෙන් මේ වෙලාවේ මේ මිනිස්සුන්ගේ රැකියා සුරක්ෂිත කරන්න අවශ්‍ය කරන ඔවුන්ට වැටුප දීලා ඔවුන්ගේ ජීවිතවලට අවශ්‍ය කරන වගකීම් සහගත මැදිහත්වීමක් කරන්න කියලා.



අනිත් පැත්තෙන් මේ වෙලාවේ ලංකාවේ වැඩියෙන්ම පීඩාවට පත්වෙලා ඉන්නවා අපි දකිනවා ක්ෂුද්‍ර මූල්‍ය ණය ගත්ත අපේ රටේ ලක්ෂ විසි හතරකට ආසන්න වෙච්ච සහෝදර සහෝදරියො .විශේෂයෙන් කාන්තාවන් .ඔවුන්ට මේ වෙලාවේ තවමත් ඔළුව උස්සගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. කෝවිඩ් තුන්වෙනි රැල්ලත් එක්ක. දැන් මේ තුන්වෙනි ඇතුලේ සමාන්‍ය ජනතාවට එළියට බහින්න බෑ, මුකුත් කරන්න බෑ. වැඩ කරන්න බෑ. අවම වශයෙන් පාරට බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ .මේ වසංගත තත්ත්වය ඇතුලේ මේ ඕනෑම සමාගමක කම්පැනියක  මිනිස්සුන්ට නියෝජිතයන්ට ගිහිල්ලා මේ  තමන් වෙනුවෙන් වැඩ කරන්න පුළුවන් වෙන විදියට අවශ්‍ය මැදිහත්වීම කරලා මිනිස්සු ළඟට ගිහිල්ලා ණය ඉල්ලන්න පුළුවන්. ගම්වල ඇතුලට ගිහිල්ලා බයිසිකල් වලින් ඕන ඒකකින්   ගිහිල්ලා මේ ගෙවල් වල මිනිස්සු හම්බ වෙලා  ණය ගන්න ක්‍රියාවලිය පොලිය ගන්න ක්‍රියාවලිය කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද .ඕන එකක් කරන්න පුළුවන්. එක තමයි මේ වෙලාවේ ලොකුම ගැටලුව. අර අම්පාර බදුල්ල, මොණරාගල ,පුත්තලම කුරුණෑගල, මේ හැම තැනකම මේ ක්‍රියාවලිය දිගටම සිද්ධ වෙමින් යනවා .දැන් මේ බරපතළ ඛේදවාචකයක්. දැන් මිනිස්සුන්ට එදා වේල කන්න බැරුව හොයාගන්න බැරිව ජිවත් වෙන්න ක්‍රමයක් නැතිව දැන් මේ වසංගත තත්ත්වය ඇතුලේ තවදුරටත් පීඩාවට පත්වෙලා බෙල්ල වැල දාගන්න තත්වෙට පත්වෙලා ඉන්න මේ මිනිස්සුගේ ජීවිත තවදුරටත් හෙම්බත්කරන්න මේ කියන ආයතන මැදිහත් වෙමින් ඉන්නවා .පහුගිය දවස්වල බදුල්ලෙ සහෝදරියක් ඒ සහෝදරිය අපිත් එක්ක කිව්වේ ගෙවා ගන්න මුදල් නැතිව මුදල් හොයාගන්න බැරිව ඉද්දි එල්ඕඑල්සී ආයතනයේ නියෝජිත ගමට ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා බල කිරීම් කරනවා ගෙවන්න කියලා. පොලිය ගෙවන්න කියලා. ඒක ගෙවන්න සල්ලි නෑ කිවුවහම පිටිපස්සෙන් එනවා තමන්ගේ පිටිපස්සෙන් එනවා සල්ලි ඉල්ලගෙන .




අන්තිමට ජීවත් වෙන මොකක්හරි කරන්න ඕන නිසා ගෙදර වගා කරපු මිරිස් ටික කඩලා මිරිස් ටික විකුණගන්න ඒ මිරිස් මිලදී ගන්න ආපු වෙළෙන්දට මිරිස් ටික විකුණලා ගත්ත රුපියල් 1200 ගන්න මග රැකලා හිටියා කියලා. ඒ 1200 බේරගන්න ඒ මනුස්සයත් එක්ක කෑගහලා එක දෙන්න බෑ කියලා මේක මගේ ගෙදර එළළුලු  ටික ගෙනියන්න ,ගෙදරට හාල් ටික ගිනි යන්න, ගෙදරට තුන පහ ටික ගෙනියන්න තමයි මේ එක්දහස් දෙසිය තියෙන්නෙ කියලා කියද්දී ඒකට උත්තරේ තමයි අපිට ණය ගෙවන්න බැරිනම් ආයතන පොලිය ගෙවා ගන්න බැරිනම් ඕගොල්ලො කොහොමද කන්නේ ?ගෙවල් වල තුන්වේල කන්න කොහෙද සල්ලි තියෙන්නේ? දැන් මේ මිනිස්සුන්ගේ මනුෂීය ප්‍රශ්නය ප්‍රශ්න කරන මේ සමාගම් අයිතිකරුවෝ ගොඩ ගහගෙන ඉන්න සල්ලි කොච්චරක්ද කියලා මේ රටේ කිසිම මනුස්සයෙක් දන්නේ නැහැ .හැබැයි පාලකයෝ දන්නවා. ඒත් ඒ එක සතයක් හොලවන්නේ නෑ. මෙච්චර වසංගතයක් තියෙනවා මේ තරම් මිනිස්සු මැරි මැරී යනවා, එහෙම නැත්නම් දැඩි සත්කාර ඒකකයක ඇදක් නැතුව මිනිස්සුන්ට එන්නතක් නැතුව මිනිස්සු මැරි මැරී යද්දී මේ company වල මොනතරම් ලාභයක් ගොඩ ගහගෙන ඉන්නවද කියලා පාලකයෝ දන්නවා. හැබැයි ඒ එක ලාභ කන්දක් හොල්ලන්න කියලා පාලකයෝ කියන්නේ නෑ. අනිත් එක මේ ණය අහෝසි කරපල්ලා කියලා ඔය එක පාලකයෙක් කියන්නෙත් නෑ.ගෝඨාභය රාජපක්ෂ මහලොකුවට කෑගැහුවට එදා මැතිවරණ වේදිකාවේත් තවමත් කියන්නේ අඩුම තරමේ දැන් කියන්න ඕනේ දැන් මේ කෝවිඩ් තුන්වෙනි රැල්ල මේ මිනිස්සු පීඩාවට පත්වෙලා ඉන්නේ දැන්ම අහෝසි කරපල්ලා මේ ණය කියලා. හැබැයි ඒක කියන්නේ නෑ. ඒක කියන්නේ නැත්තේ මේ සමාගම් වලින් තමයි ඒගොල්ලොන්ට ලොකුම කුට්ටිය ලැබෙන්නේ .

අණ්ඩුවට, මේ රටේ පාලකයින්ට, මේ රටේ මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට තමන්ගේ ඔක්කොම ඉස්සරහට පාවත්වා ගෙන යන්න අවශ්‍ය කරන මැදිහත්වීම කරන්නේ මේ කියන සමාගම් .ඒ සමාගම්වල ලාභය වෙනුවෙන් මේගොල්ලෝ ඕනම දෙයක් කරනවා. රටේ මිනිසුන්ගේ ජීවිත බිල්ලට දෙනවා. ඒ  නිසා මේ මූල්‍ය ආයතන වලින් ණය ගත්ත තවදුරටත් පීඩාවට පත්වෙලා ඉන්න සහෝදර සහෝදරියො ඉන්නවා .ඔවුන්ගේ ජීවිත මේ වෙලාවේ අනතුරක තියෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා බොරුවට දුන්නු මැතිවරණ පොරොන්දු දැන් යථාර්ථයක් බවට පත් කරන්න මේ වෙලාවේ .මේ කියන සමාගම් වලට බලකරන්න සමාගම්වලට යෝජනා කරන්න .ඒකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හදන්න මේ ණය අහෝසි කරන්න කියලා. යෝජනාව ගේන්න ඕනේ  ආණ්ඩුව. දැන් මේ වෙලාවේ ඒක පැත්තකින් ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන දහස් සංඛ්‍යාත සහෝදර සහෝදරියන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න, අනිත් පැත්තෙන් මේ කියන ක්ශුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ගත්ත සහෝදරියන්ගේ ජීවිතයට අවශ්‍ය කරන මැදිහත්වීම ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න. මේ ණය බරින් හෙම්බත් වෙලා ඉන්න සහෝදරියන්ගෙන් ණය අහෝසි කරන්න මේ වෙලාවේ ඒ ඉල්ලීම අපි මේ වෙලාවේ නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විදියට අපි කරනවා. මේ වෙලාවේ මේ රටේ සාමාන්‍ය ජනතාවට අපි කියනවා තවදුරටත් අපි මේ පීඩාවේ ගොදුරු බවට පත්වෙලා ඉන්නේ නැතිව ඒකට අවශ්‍ය කරන මැදිහත්වීම අපි මේ වසංගත තත්ත්වය තුළ කරන්න මැදිහත් වෙමු කියන ඉල්ලීම අපි අපේ ජනතාවගෙන් කරනවා. බොහොම ස්තූතියි.