upul-gunasekara-speaks

වෛද්‍ය උපුල් ගුණසේකර කරනු ලබන පැහැදිලි කිරීමකි.

covid 19 එංගලන්ත ප්‍රභේදය නිසා අපි ඉවරයි ද ?

මේ වෙනකොට පලවෙනි වතාවට ලංකාව තුළ අපි ප්‍රත්‍යක්ෂ කරලා හොයාගෙන තියෙනවා එංගලන්තේ තියන කොරෝනා වෛරස් ප්‍රභේදය ලංකාව තුළ පැතිරෙමින් තියෙනවා කියලා ඒ ලංකාවේ ස්ථාන තුනකින්.  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරපු පරීක්ෂණ වලින් සියට සීයක් තහවුරු කර කියලා ඒ විශේෂඥ වෛද්‍යවරු පවසනවා. එතකොට මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට තියෙන දත්තත් එක්ක මේ අලුත් වෛරස් ප්‍රභේද ගැන වෛරස් ප්‍රභේද පැතිරීම සියයට 50 කට වඩා වැඩි.


ඒ virus ප්‍රභේදයේ අපි අර මුලින් දැකපු virus ප්‍රභේදයට වඩා වෙනස්. ඒ නිසා තමයි අපි දකින්න මේ වෙද්දි පලවෙනි වතාවට රට තුළ දහසකට වැඩි රෝගීන් ප්‍රමාණයක් ඊයේ දිනයේදී අද දිනයේදීත් වාර්තා වෙනවා. ඒත් එක්කම අනිත් කාරණාව තමයි අපි මූලින් ගත්තෙ බොහෝ රෝගීන් විශේෂයෙන්ම රෝග ලක්ෂණ අඩුවෙන් දක්වන අවස්ථාවන් බොහෝ රෝගීන්ට රෝග ලක්ෂණ තිබ්බේ නැහැ අපි හොයා ගන්න කොට. ඒත් එක්කම රෝග ලක්ෂණ තිබුණ රෝගීන් අපි දැක්කේ බොහෝ වයස්ගත රෝගී විශේෂිත ගොදුරු වෙච්ච රෝගීන් තමයි අපි දැක්කේ දැඩි සත්කාර ඒකකවල විශේෂයෙන්.  නමුත් මේ අලුත් එක් අපි දකිනවා තරුණ වයසේ ඉන්න රෝගීන් පවා දැඩි සත්කාර ඒකක වල ඉන්නවා අපිට පේනවා මේ රෝගීන්ගෙන් වැඩිපුර ප්‍රමාණයකට රෝග ලක්ෂණ පෙන්වීම නිසා මේ රෝගීන් බොහෝ ප්‍රමාණයක් රෝහල්ගතව ප්‍රතිකාර කරන මට්ටමකට පත් වෙලා තියෙනවා .


ඒකෙන් වැඩි රෝගීන් ප්‍රමාණයට ඔක්සිජන් ලබා දීමේ ඒකෙන් වැඩි රෝගීන් ප්‍රමාණයට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාවයක් වැඩිවෙලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය භයානකයි .මේක පාලනය කරගන්න බැරි උනොත් දැනටත් මම හිතන්නේ අපි මේ සම්බන්ධයෙන් තියෙන දැඩි සත්කාර ඒකක සම්පූර්ණයෙන්ම පිරිලා තියෙන්නෙ. රෝහල් ඇතුළුව. නමුත් මේ වෙනකොට රෝහල් ප්‍රමාණයක් ඒකට අනියුක්ත කරන්න සෞඛ්‍ය අංශය තීරණය කර තියෙනවා දැඩි සත්කාර ඒකක ඇතුළුව. නමුත් අපිට යන්න පුළුවන් දුරක් තියෙනවා .අපිට  සෞඛ්‍ය ක්ෂේත්‍රය පුළුවන් තරම් උපරිමයෙන් මේ වෙනුවෙන් යොදවන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. වෛද්‍යවරු හැටියට සෞඛ්‍ය සේවකයන් හැටියට කරන ඉල්ලීම තමයි මේක ඉතා සරල විදියට අපිට පාලනය කරගන්න පුළුවන් මේකෙ බෝවීම විශේෂයෙ ජනතාව  විනයගරුක ජනතාවක් හැටියට මේ තත්ත්වෙ තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ.




 ලංකාවත් ඉන්දියාව වෙයිද ?

මේක පලවෙනියට තියෙන්නේ රටක් හැටියට ජනතාව අතේ. අපි දියුණු වෙමින් පවතින රටක් කුඩා දූපතක්. අපිට අවස්ථාව වැඩියි  මේ තත්වය පාලනය කරගන්න. එතකොට අපිට ඕනේ වෙලාවට පිටරටින් එන අය හරියාකාරයෙන් මේ එන අය තරාතිරම බලන්නේ නැතුව මේ නීති හරියාකාරව ඒ අයට ක්‍රියාත්මක කරනවා නං එය අවශ්‍ය දින ගාන මේ හරහා එළියෙන් එන එක පාලනය කරන්න පුලුවන්. මොකද එංගලන්ත වෛරස් ප්‍රභේද  විතරක් නෙමෙයි මේ ලෝකෙ මේ වෙද්දි තියෙන්නේ. තවත් වෛරස් ප්‍රභේද ලෝකෙ තුළ තියෙනවා


ඉන්දියාව වගේ තත්ත්වයකට අපි ගියොත් අපිට තියන සෞඛ්‍ය පහසුකමුත් එක්ක අපිට තියෙන දැඩි සත්කාර ඒකකවල ඇඳන් ප්‍රමාණය , ඔක්සිජන් ප්‍රමාණය මේ සියල්ලත් එක්ක ඊට වැඩිය බරපතළ තත්ත්වයකට යන්න පුළුවන්. නමුත් අපිට සන්තෝස වෙන්න පුළුවන් නම් මේ වෙද්දි මේ වේගයෙන් පැතිරෙන වෛරස් ප්‍රභේදය අපි ගහපු oxford astrazeneca එන්නත ප්‍රතිචාර දක්වනවා. එක තමයි අපිට තියන වැදගත් කාරණාව. මොකද සෞඛ්‍ය සේවකයෝ අනිකුත් ඉදිරිපෙළ වැඩ කරන හමුදාව , ත්‍රිවිධ හමුදාව , පොලිසිය කියන අයට දෙවැනි මාත්‍රාව අපි ඉක්මනට දී ගන්න පුළුවන් වුනොත් එක්තරා විදිහකින් අපිට පුළුවන් ඒ අයව ආරක්ෂා කරගන්න. සෞඛ්‍ය සේවක හැටියට අපි දන්නවා ඉතාම සුළු ප්‍රමාණයක් තමයි එන්නත් කරලා තියෙන්නේ. මේකේ තියෙන එකම විසඳුම හැටියට මේ වෙනකොට ප්‍රකාශ කළ තියන විදියට අපි දිගින් දිගටම සෞඛ්‍ය සේවකයෝ වෛද්‍යවරු කියපු කාරණාව විශේෂඥ වෛද්‍යවරු කියපු කාරණාව එන්නත තමයි මේකට තියෙන එකම විසඳුම.

 එනිසා අපි පුළුවන් ඉක්මනට මේ රටේ අනෙකුත් ජනතාවට, අපි 60 කියන කාරණා විතරක් නෙමෙයි. අපි  දන්නවා මේකට තරුණ අයත් මේ වෙද්දි අමාරු තත්වයට පත්වෙලා තියෙනවා .පුළුවන් තරම් ඉක්මනට ඒ නිසා වැඩිපුර එන්නත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒක එක පැත්තකින් ඔබට පුළුවන් නම් හැම වෙලාවකම ඔබගේ මුඛ ආවරණ  හරි ආකාරව පළඳින්න මේ වෙලාවේ අඩුම තරමින් අනවශ්‍ය ගමන් නැතුව අත්‍යවශ්‍ය කාරණාවකට පමණක් තමන්ගෙන් නිවසෙන් එලියට ඇවිල්ලා කටයුතු කරන්න පුළුවන්. දුරස්ථභාවය පවත්වාගන්න පුළුවන් නම් ඒක වැදගත්.. අපේ ජනතාව බේරගන්න පුලුවන් වෙන්න, ඔබේ පවුලේ අය වගේම ඔබගේ හිතවත්තු ආරක්ෂා කරගන්න ඔබේ වගකීම ඔබට ඉටු කරන්න වෙනවා.

මොකද අපි දකිනවා සමහර වෙලාවට මේ කාරණේ මිය ගියහම ඉස්සර අපි දකිනවා රෝගයක් හැදුනහම අපි අපේ දෙමව්පියන් ගාවට වෙලා ඒගොල්ලො අපි ගාවට වෙලා එහෙම ඉන්න පුළුවන් තත්ත්වයක් තිබ්බා .ඒත් අද වෙද්දි ඔබටත් ඔබගේ ආදරේ කරන අයට මේ රෝගය හැදුනාම  පුළුවන් කමක් නෑ ඒ මරණයේ දී ඔබට පවුලේ අයත් සමග දුක බෙදා ගන්න වත් වෙන්නේ නැහැ. ඒකයි මේකෙ ඛේදනීය තත්ත්වය. ඒ නිසා ඒ ඛේදනීය තත්ත්වයට පත් වෙන්නේ නැතුව අපි ආරක්ෂා වෙන්න ඕනේ අපේ රට ආරක්ෂා කරගන්න .ඒ නිසා අපිට ගැලවෙන්න අමාරු වෙන එකක් නෑ අපි විනයගරුක හැසිරෙන සමාජයක්.

ශ්‍රී ලංකාවේ covid 19  වර්ධන වේගය වැඩි වුනොත්

ඒකක් තියෙනවා පළවෙනි එක තමයි අපි දකින මේ අලුත් ප්‍රභේදය එක්ක වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය වැඩියි. එකත් එක්ක දෙවැනි කාරණාව තමයි වාර්තා වන රෝගීන්ගෙන් වැඩිපුර ප්‍රමාණයක් ඉන්නවා. ඒක හුස්ම ගැනීමේ අපහසුතාවය වෙන්න පුලුවන් . මේ රෝගය පැතිරෙන්නේ ස්වසන පද්ධතිය ආශ්‍රිත.ව එතකොට අපි දකිනවා මේ අය වෙනදට වඩා ඉක්මනින් නිව්මෝනියා තත්ත්වයට ලක් වෙනවා .ඒ නිසා මේ රෝගීන් ප්‍රමාණය දිගින් දිගටම අපිට හම්බ වෙන්න  ගත්තොත් අපිට තියෙන පහසුකමුත් එක්ක සෞඛ්‍ය සේවාව ලොකු අර්බුදයකට යනවා .කොහොමද මේ රෝගයට ඉදිරියේදී ප්‍රතිකාර කරන්න කියලා ඔක්සිජන් සැපයීම අතින් දැඩි සත්කාර ඇදවල් මගින් අතින්. අපිට කිසිම වෙලාවක බෑ  දැඩිසත්කාර ඒකකයේ ඉන්න තව කෙනෙක් අයින් කරලා වෙන කෙනෙක්ව දාන්න .ඒත අපි  පහුගිය කාලේ දැක්කා රෝග ලක්ෂණ පෙන්වන රෝගීන් ප්‍රමාණය අඩු නිසා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වල තමයි බොහෝ රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ගත්තේ .ප්‍රධාන රෝහල්වලට එන රෝගීන් ප්‍රමාණය අඩු වුනා. ඒ අතරමැදි රෝගීන් ආයතනවල ඒ රෝගීන් තියාගෙන හිටීම නිසා .නමුත් මේකත් එක්ක දැන් මේ එන අතුරු ආබාධ ප්‍රමාණය වැඩි නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා ඒ අතරමැදි ප්‍රමාණයට වැඩිය රෝහල්වල ඉන්න රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒ නිසා අපිට තියෙන දේ තමයි පුළුවන් ඉක්මනින් අපි එක රජය හැටියට සෞඛ්‍ය අමාත්‍යංශ හැටියට ලංකාවේ ජනතාව වගකීම් ඉෂ්ට කරන ගමන් මේ ගමන යන්න සම්පූර්ණම වගකීමක් තියනවා .ඒකට හේතුව තමයි පොඩි දරුවෝ හරි අමාරුයි ඒ අයගේ සමහර වෙලාවට මුඛ ‍ ආවරණ පළඳින්න. සමහරවිට මාරු කරගන්නවා .ඒ ඔවුන්ගේ තියන දැනීමත් එක්ක ඒක කරන්න අමාරුයි. ඒක තේරුම් අරගෙන තියෙනවා. ඒ කෙනෙක්ට හැදුණාම දරුවා ගෙදර හැසිරෙන්නේ. ඒගොල්ලො වෙනස් ඒ අය ආච්චි ගාවට යනවා සිය ගාවට යනවා.



එතකොට සමහර විට පවුලටම රෝග පැතිරීමේ අවදානම තියෙනවා. ඒක නිසා ඉදිරියේදී ජනතාව ඒ විනයගරුක තත්ත්වයක හැසිරෙන්නේ නැතුව ගියොත් අපි අර මුලින් තිබුණ තත්ත්වයට රට වහන තත්ත්වයටත් පත්වෙන බැරි කමක් නැහැ .ඒ නිසා අවදානමින් රට ගලවා ගැනීමේ වගකීම තියෙන්නෙ පුරවැසියෙක් උන අපිට .


ජනතාවට දෙන පණිවිඩය මොකක්ද?

 මේ වෙනකොට අර අපි බෞද්ධයො හැටියට කිව්ව වගේ අරෝග්‍යයා පරමා ලාභා කියලා නිරෝගී කම තමයි අපි හැමෝගෙම පරම ලාභය .අපි කවදාවත් නැති තරමට නිරෝගී කම ගැන කතා කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා . ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ ලෙඩ නොවී ඉන්න ‍ විතරක් නෙමෙයි කොරෝනා වලින් විතරක් නෙමෙයි සමහර වෙලාවට ඔබ පාරේ විනයගරුකව ගිහිල්ලා නැතුව ඔබ අනතුරකට මුහුණ දුන්නොත් ඉක්මනින් වෛද්‍යවරුන්ට ක්‍රියා කරන්න බැරි වෙයි. සමහරවිට ඒ දැඩි සත්කාර ඒකක පිරිලා තියෙන්න පුළුවන්.

ඔබ කිසියම් හෝ රෝගයකින් පෙළෙනවා නම් නිදන්ගත රෝග එකින් එක දියවැඩියාව, අධික රුධිර පීඩනය වෙන්න පුළුවන් .ඔබ කරුණාකරලා තමන්ගේ ප්‍රතිකාර ටික හරියාකාරව ලබාගන්න. ඒ වගේම ප්‍රතිශක්තිය තියා ගන්නවා නම් ඇගේ මේ රෝගයෙන් අපට ගැලවෙන පුළුවන් .ශක්තිය අඩු කෙනෙක් තමයි මේ රෝගයෙන් ඉක්මණින් පැතිරෙන්ෙන්.

ඉතිං ඔබගේ මානසික  සෞඛ්‍ය කියන දේ වැදගත්. ඔබගේ කෑම රටාවේ ඉඳගෙන ව්‍යායාම් ඉඳගෙන වැඩ කරන්නේ අපි දකිනවා ඩෙංගු වලදිත් බොහෝ රෝග වලදීත් ස්ථුලතාවයෙන් පෙළෙන අය මේ රෝගයෙන් ඉක්මනට අමාරු වෙන ආකාරයක්. සමහර වෙලාවට වෛද්‍යවරු අපි ගොඩක් වෙලාට දැකලා තියෙනවා. ඒ නිසා ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය පාලනය ඉඳගෙන මේ සියල්ල ඉඳගෙන ඔබ නිරෝගිමත් වීම  තමයි මම හිතන්නෙ මේ වෙලාවෙදි වැදගත්. අපි ඔබගෙන් ඉල්ලන්නේ කිසිම රෝගයකින් මේ වෙලාවේ රෝගීන් රෝහලට එන තත්වයට පත් කරගන්න එපා. ඒක හදිසි අනතුරක් වෙන්න පුළුවන් .දියවැඩියා රෝගය නිසා වෙන්න පුළුවන්. ඒ නිසා මේ සියලු දේ ගැන සැලකිලිමත් වෙලා අමාරු කාලය අපි නිරෝගිමත්ව වගකීමක් සහිත පුරවැසි හැටියට ගත කරමු .