ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වසර 2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා සම්බන්ධ වන සියලුම සිසු සිසුවියන්ට මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර ඇතැයි වාර්තා වෙයි. එරට රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබද මධ්‍යස්ථානය මගින් මෙම තීරණය ගෙන තිබේ. තවමත් එරට පාසල් වයසේ පසුවන දරුවන් වෙනුවෙන් සිදුකරන එක්නත්කරණ වැඩසටහන් සම්පූර්ණයෙන්ම නිමා කර ගැනීමට අපොහොසත් වීම මෙම තීරණයට හේතුව වී ඇත. ඒ අනුව පෙරපාසල් වයසේ සිට 12වැනි ශ්‍රේණිය දක්වා වන වයසේ පසුවන දරුවන් සියලු දෙනාම මෙම උපදෙස් පිළිපැදිය යුතු බව එම මධ්‍යස්ථානය පවසයි."මෙතැනදී එම දරුවන් මෙවැනි ආකාරයේ ආරක්ෂක ක්‍රමවේද පිළිපැදිය යුතු වෙනවා. ඒ වගේම මෙම මුඛ ආවරණ පැලදීමේ විශ්වීය සහ නිවැරදි ක්‍රමය වෙත මූලිකත්වය දීම සහ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීමත් සිදුකළ යුතුයි.”
යනුවෙන් එම මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. එම මධ්‍යස්ථානය මගින්ම පසුගිය සතියේ නිකුත් කළ නිවේදනයකට අනුව එරට තුළ COVID-10 මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයන් වත මුඛ ආවරණ පැලදීමකින් තොරව එළිමහනේ රැදී සිටිය හැකි බවට සදහන් කර තිබුණි. එම එක්සන්ජනපදය පසුගිය සතියේදී එල්ට වයස අවුරුදු 12ත් 15ත් අතර දරුවන් සදහා COVID-19 මර්දන එන්නත්කරණය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද අවධානය යොමුකර තිබුණි. ඉක්මනින්ම එරට පාසල් යළි විවෘත කිරීම එහි අරමුණ විය.කෙසේ වෙතත් මෙම අදහසට විරෝධය දක්වා සිටි ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකාව ඇතුළුව බටහිර රටවල් සිය දරුවන්ට එන්නත් ලබාදීමට පෙරාතුව මෙතෙක් එන්නත් ලබා ගැනීමට නොහැකිව සිටින දුප්පත් රටවල් පිළිබදව සිතා බැලිය යුතු යැයි සඳහන් කර තිබුණි.
0 Comments